සචින් හා කෝලි පසුකරමින් අවිශ්ක ඉදිරියට

23065

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ (01) චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයේ දී ලකුණු 23ක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් විය. 

කුලේ – මාලි ක්‍රිකට් අඹරෙන් බැස යන්නට මත්තෙන්

සබඳතාවයන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ඉතාමත් වැදගත් ගුණාංගයකි. පිටියේ විනිසුරුවරුන්…

එම තරගයේ දී යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ මංගල ශතකය රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනේ ලෝක කුසලානයක ශතකයක් ලබා ගත් ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස ද වාර්තා පොත් අතරට එක් වෙමිනි.

මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුල ශතක ලබාගත් අඩුම වයස් සහිත ක්‍රීඩකයින් 5 දෙනා එම ශතක ලබා ගත් තරග පිළිබඳව යම් දත්ත කිහිපයක් පහතින්.

  1. පෝල් ස්ටාර්ලින් (වයස අවුරුදු 20යි දින 196) – අයර්ලන්තය

නෙදර්ලන්තයට එරෙහිව 2011 කොල්කටා හිදී ලකුණු 101 

වයස අවුරුදු 17 දී අයර්ලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා දකුණතින් පිතිකරණයේ නිරත වන පෝල් ස්ටාර්ලින් 2011 වසරේ පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මේ වාර්තාව පිහිටුවනවා. 

නෙදර්ලන්තය ලබා ගත් ලකුණු 307ට පිළිතුරු ලෙස අයර්ලන්තය කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය  සපුරා ගන්නා ලදි. අයර්ලන්තය වෙනුවෙන් ශතකයක් ලබා ගත් ස්ටාර්ලින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර පන්දු 72ක දී වාර්තා වූ එම ශතකය සඳහා 4 පහර 14ක් හා 6 පහර දෙකක් ඇතුළත් විය. 

  1. රිකී පොන්ටින් (වයස අවුරුදු 21යි දින 76) – ඕස්ට්‍රේලියාව

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1996 ජායිපූර් හිදී ලකුණු 102 

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ සාර්ථක ක්‍රිකට් නායකයෙක් වන රිකී පොන්ටින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 375කට සහභාගී වෙමින් ලකුණු 13,704ක් වාර්තා කරගෙන ඇත්තේ ශතක 30ක් හා අර්ධ ශතක 82ක් වාර්තා කරමිනි. ඒ අතර මේ ශතකයට විශේෂ තැනක් හිමිවන්නේ ලෝක කුසලානයක් තුල ශතකයක් ලබාගත් පළමු ඕස්ට්‍රේලියානුවා බවට පත්වීමට පොන්ටීන්ට හැකිවුණු නිසාවෙනි. 

පොන්ටීන් මේ තරගයේ දී පන්දු 112ක් තුල ලකුණු 102ක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 229ක් දක්වා රැගෙන ගිය නමුත් ඔවුන් මේ තරගය කඩුලු 4කින් පරාජයට පත්විය.

ගහට ගහක් මුණ ගැසෙන මොරටුව = ලීඩ්ස් වූ දා

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එංගලන්තයට එරෙහිව ලබාගත් සුපිරි ජය ගැන මේ වනවිට මුළු …

  1. අවිශ්ක ප්‍රනාන්දු (වයස අවුරුදු 21යි දින 87)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2019 ඩරම් හිදී ලකුණු 104

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අවසන් 4 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගෙන නොමැති නමුත්  සටන ලෙහෙසියෙන් අත්නොහරින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු මේ ස්ථාවර ශතකය වාර්තා කර ගත්තේ ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 9 වැනි තරගය තුලයි.

එම තරගයේ දී යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ මංගල ශතකය රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේය.

අවිශ්කගේ මංගල ජාත්‍යන්තර ශතකය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස් කළ මංගල ශතකය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වූ අතර ඒත් සමඟින් ලෝක කුසලානයක ශතකයක් ලබා ගත් ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්වන්නට ඔහුට හැකි වුනා. තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද අවිශ්ක ප්‍රනාන්දු ය. 

තාමත් මැතිව්ස්ට බනිනවා ද?

පුන පුනා පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදින තරගයක අවසානය, අපේ …

  1. විරාත් කෝලි (වයස අවුරුදු 22යි දින 106)

බංග්ලාදේශයට එරෙහිව 2011 ඩකා හිදී ලකුණු 100*

වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීම ඉන්දීය කණ්ඩායම ලෝක ශූරයින් බවට පත්වුණු අතර එවර තරගාවලියේ ආරම්භක තරගයේ දීම බංග්ලාදේශයට එරෙහිව පන්දු 83ක දී නොදැවී ලකුණු 100*ක් ලබා ගැනීමට කෝලි සමත් විය. 

එය සවියක් කර ගත් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 370ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම එම තරගය ලකුණු 87කින් ජය ගන්නා ලදි. 

  1. සචින් ටෙන්ඩුල්කාර් (වයස අවුරුදු 22යි දින 300)

කෙන්යාවට එරෙහිව 1996 කතක් හිදී ලකුණු 127*

කෙන්යා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය වූ මෙහි දී සචින් වාර්තා කර ගත් ශතකය නිසා සිම්බාබ්වේ කණ්ඩායමේ ඇන්ඩි ෆලෆ්ර් (වයස අවුරුදු 23යි දින 301) විසින් තබා තිබූ වාර්තාව අභිබවා ඉදිරියට පැමිණීමට සචින්ට හැකි විය.

අජේ ජඩේජා හා සචින් ටෙන්ඩුල්කාර් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 163ක සබඳතාවයක් ගොඩනැංවූ අතර තරගය අවසන් වන තෙක් නොදැවී ක්‍රීඩා කළ සචින් පන්දු 137ක් තුල එම ලකුණු 127* වාර්තා කරන ලදි. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<