ලයන්ස් හමුවේ යැංචයි අඩපණ වෙයි

206

මේ දිනවල මියන්මාරයේ Nay Pyi Taw හිදී පැවැත්වෙන ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන “ලංකා ලයන්ස්” කණ්ඩායම මුහුණ දුන් දෙවන තරගය අද (31) දින නිමා විය.

නවවැනි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සටනක

19 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහල වොලිබෝල් ශූරතාවලියේ නවවැනි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බහරේනය සමඟ තරග කිරීමට නියමිතය.

එහි දී ලංකා ලයන්ස් කණ්ඩායම හොං-කොං රාජ්‍ය නියෝජනය කළ යැංචයි කණ්ඩායම සමඟ තරග බිමට පිවිසුණි. යැංචයි කණ්ඩායම ඒ වන විට තරග 2කට මුහුණ දී තිබූ අතර එම තරග දෙකම ජයගනිමින් C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වී තිබිණි.

Caption- C කාණ්ඩය

ලංකා ලයන්ස් කණ්ඩායම ඉතා පහසුවෙන් පළමු තරග වටය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ලකුණු 25-12ක් ලෙසයි. ඉන්පසු ආරම්භ කරන ලද දෙවන වටයේ දී ද යැංචයි කණ්ඩායමට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් ලබා නොදුන් ලයන්ස් කණ්ඩායම එම වටය ද ලකුණු 25-12ක් ලෙස ජය ගැනීමට සමත් විය. තෙවන වටයේ මුල් භාගයේ දී යැංචයි කණ්ඩායම විසින් ලයන්ස් කණ්ඩායම වෙත යම් පීඩනයක් එල්ල කළද එය එම තරග වටය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නොවිණි. එම වටය ද ලයන්ස් කණ්ඩායම ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

Caption- ලකුණු පුවරුව හා තරග සටහන

එම ජයග්‍රහණයත් සමඟ ලංකා ලයන්ස් කණ්ඩායම ඔවුන් තරග කරන C කාණ්ඩයේ පෙරමුණ ලබාගැනීමට සමත් වූයේ ලකුණු 6ක් තමන් සතු කරගනිමිනි.

කැන්බරා හීට් හමුවේ ලංකා ලයන්ස්ට පහසු ජයක්

ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් C කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම හා කැන්බරා හීට් කණ්ඩායම තරග වැදුණු අතර …

ලංකා ලයන්ස් කණ්ඩායම මීට පෙර තරගයේ දී කැන්බරා හීට් කණ්ඩායම සමඟ තරග වැදුණු අතර එය ද වට 3-0ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් විය. ලයන්ස් කණ්ඩායම C කාණ්ඩයේ මුහුණ දෙන අවසන් තරගය හෙට දිනයේදී තායිලන්තය නියෝජනය කරන නාකොන් රැචසිමා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<