2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ Artistic Gymnastics ඉසව්ව සඳහා සහභාගී වුන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා මිල්කා ගෙහානි තරග වට (rotations) 4ක් අවසානයේ මුළු ලකුණු 45.798ක් වාර්තා කර ගනිමින් සමස්ත ඉසව්වේ 28 වැනි ස්ථානය හිමි කරගැනීමට සමත් වුනා.
නමුත් අවසන් තරග සඳහා පළමු ක්‍රීඩිකාවන් 24 දෙනා සුදුසුකම් ලබා ගන්නා බැවින් මිල්කාගේ ඔලිම්පික් පදක්කම් සිහිනය බිඳ වැටුණා.
මිල්කා තම පළමු වටයේ දී Balance Beam අංගයෙන් ලකුණු 11.266ක් හිමිකර ගැනීමට සමත් වුනා. දෙවැනි වටයේ දී Floor අංගයෙන් ලකුණු 10.300ක් වාර්තා කරගැනීමට සමත් වූ මිල්කාට තෙවැනි වටයේ පැවති Vault අංගයෙන් හොඳ දක්ෂතාවයක් පෙන්වමින් ලකුණු 13.366ක් ලබා ගන්නට සමත් වුනා. සිව්වැනි වටයේ දී Uneven Bars අංගයෙන් මිල්කා හට හිමි වුනේ ලකුණු 10.866ක්.

>> මිල්කාගේ ඔලිම්පික් දස්කම් හි ඡායාරූප ඇල්බමය <<
මෙවර ඔලිම්පික් උළෙලේ Gymnastic ක්‍රීඩා ඉසව්වේ Subdivisions 5ක් ඇතුළත් අතර ඒ ඒ Subdivisions 5 තුළ rotations 4ක් (Vault, Uneven Bars, Balance Beam, Floor) ඇතුළත් වේ. කේවල All-round ඉසව්වේ අවසන් තරග සඳහා සුදුසුකම් ලැබීමට නම් සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන Subdivisions 5 අවසානයේ පළමු 24 දෙනා අතරට පැමිණිය යුතුය.
Apparatus ඉසව්වේ අවසන් තරග සඳහා සුදුසුකම් ලැබීමට නම් ඒ ඒ rotations අංග 4 හි පළමු 8 දෙනා අතරට තේරී පත්විය යුතුය.

- උද්ඝෝෂණ විරෝධතා මැද උත්සවශ්‍රීයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇරඹේ
- ඩන්කන් වයිට්ගෙන් ආරම්භ වී නිමාලිගෙන් අවසන් වන ඔලිම්පික් ගිය අපේ ඇත්තෝ
- ඔලිම්පික් ගිය චාමර කෙළින්ම ජූඩෝ ඉසව්වේ 32 වටයට
- ‘ආසාදිතයින් අසාමාන්‍ය ලෙස වැඩි වුනොත් නිවැරදි තීරණ ගන්න පසුබට වෙන්නේ නැහැ’
- ටෙහානි උදේම ඔලිම්පික් ආරම්භ කරද්දී නිලූක සහ Aniqah සවස තරග බිමට
හෙට (26) දිනයේ දී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔලිම්පික් බිමේ තරග වැදීමට නියමිතයි. ජූඩෝ පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරන චාමර ධර්මවර්ධන Djibouti රාජ්‍යයේ Aden-Alexandre Houssein සමඟින් තරග වදිනු ලබන්නේ හෙට උදෑසන 7:30යි.
ඊයේ (24) දිනයේ දී කේවල බැඩ්මින්ටන් ඉසව්වේ තම පළමු කාණ්ඩ තරගයට ක්‍රීඩා කළ නිලූක කරුණාරත්න හෙට සවස 3:50ට තම දෙවැනි හා අවසන් කාණ්ඩ තරගයේ දී අයර්ලන්ත ක්‍රීඩක Nhat Nguyen සමඟින් තරග වැදීමට නියමිතයි.

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<





















