රොනාල්ඩෝට මුහුණ දෙන්න මෙසී සෞදියට?

331

ලොව ප්‍රබලතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගේ සීතල යුද්ධයට තවත් පරිච්ඡේදයක් එක්කිරීමට Lionel Messi (ලියොනල් මෙසී) සූදානම් බව El Chiringuito හි දැක්වෙන වාර්තාවකින් කියැවෙනවා. ඒ අනුව මෙසී සෞදි අරාබියානු ක්‍රීඩා සමාජයක් හා එක්වීමේ අදහසින් පසුවනවා.

සෞදි අරාබියේ අල් හිලාල් ක්‍රීඩා සමාජය හා එක්වීමට මෙසී හට ගෙවන මුදල වාර්ෂිකව බ්‍රිතාන්‍ය පවුම් 262ක් පමණ යැයි එහි සඳහන්. ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා වන Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) මේ වන විටත් අල් නසර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා. මේ නිසා දෙදෙනා මුහුණට මුහුණලා ක්‍රීඩා කරනු දැකීමේ සිහිනයෙන් පසුවන පාපන්දු ප්‍රේක්ෂකයන්ට එය යථාර්ථයක් කර ගැනීමට හැකි වනු ඇති.

මෙසී සමඟින් ඔහුගේ පෙර බාසිලෝනා සගයින් වන Sergio Busquets (සර්ජියෝ බුස්කෙස්) සහ Jordi Alba (ජෝඩි ඇල්බා) එක්වනු ඇතැයි ද වාර්තාවේ සඳහන්. එබැවින් සුපුරුදු පරිදි මෙසී හට මැදපෙළින් සහ පසුපෙළින් අවශ්‍ය සහාය ලැබෙනු ඇති.

මේ වන විට පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම නියෝජනය කරන මෙසීගේ කොන්ත්‍රාත්තුව මෙම තරග වාරයෙන් පසුව අවසන් වීමට නියමිතයි. පසුගිය සතියේ සෞදි අරාබියාවේ කළ සංචාරයක් නිසා ඔහුට ක්‍රීඩා සමාජය විසින් දෙසතියක තහනමක් ද පනවනු ලැබුවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<