මෙසීට PSG තහනම්

431
Messi
Courtesy – Fox Sports

PSG (පැරිස් සෙන්ට් ජර්මේන්) ක්‍රීඩා සමාජයේ අවසරයකින් තොරව සෞදි අරාබියාවේ සංචාරයක නිරත වූ Lionel Messi (ලියොනල් මෙසී) හට සති දෙකක තහනමක් පැනවීමට ඔවුන් තීරණය කොට තිබෙනවා.

පසුගිය ඉරිදා ලොරියෙන්’ට් කණ්ඩායමට එරෙහිව ලද පරාජයෙන් පසුව මෙසී මෙලෙස සංචාරයකට එක්වී තිබුණා. මෙසී එහි මුළු මිනිත්තු 90ම ක්‍රීඩා කළා.

තහනම ලද කාලය තුළ මෙසී හට කණ්ඩායමේ පුහුණු සැසි වලට සහභාගී වීම ද තහනම් වනවා. එමෙන්ම ඔහුට දඩයක් ද නියම වුනා.

මෙසී සෞදි අරාබියේ සංචාරක තානාපති ධුරයක් හොබවනවා. මීළඟ තරග වාරය වන විට ඔහු PSG සමඟ අත්සන් කළ ගිවිසුම් කාලය අවසන් වීමට නියමිතයි. වාර්තා වන අන්දමට ඔහු නැවත බාසිලෝනා කණ්ඩායම හා එක්වීමේ අදහසින් පසුවනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<