නින්ද අහිමි කළ දුරකථන ඇමතුම ගැන Broad කතා කරයි

438

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරය කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය පසුගිය දා නිවේදනය කර තිබුණා. එම සංචිතයට එංගලන්තය සතු ප්‍රවීණතම වේගපන්දු යවන්නන් දෙදෙනෙක් වන Stuart Broad හා James Anderson  ඇතුළත් කර නොතිබීම විශේෂත්වයක් වුනා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Broad පවසා සිටියේ තමාව එංගලන්ත සංචිතයෙන් කපා දැමීම සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ට ලබා දුන්නේ මිනිත්තු 5ක දුරකථන ඇමතුමක් පමණක් බවයි.

මට සමහර දේවල් තේරුම් ගන්න ගන්න අමාරුයි. මිනිත්තු පහක දුරකථන ඇමතුමකින් පමණක් මේ බව දැනුම් දුන්නම කොහොමත් තත්වය තේරුම් ගන්න බැහැ”, Broad පවසා තිබුණා.

“මගේ නින්දටත් දැන් මෙය බාධාවක් වෙලා. මම මගේ ආදරවන්තිය Mollieටත් කිව්වා මගේ ශරීරයට අපහසුතාවයක් තිබෙනවා කියලා. ඇය පවසා සිටියා මම මානසික පීඩනයෙන් නිසා වෙන්න ඇති කියලා. හැමදේම හොඳින් කියලා කියන්න බැහැ.”

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර පෙරමුණේ සිටින Broad හා Anderson පිළිවෙළින් කඩුලු 537ක් හා 640ක් බැගින් දවාගෙන සිටිනවා. ඔවුන් දෙදෙනාම නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ අතර එහි දී 23.37ක සාමාන්‍යයක් රඳවා ගනිමින් Anderson කඩුලු 8කුත්, Sydney හිදී Broad කඩුලු 5කුත් දවා ගන්නට සමත් වුනා.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර අධ්‍යක්ෂක Andrew Strauss පවසා සිටින්නේ මේ Broad හා Andersonගේ අවසානය නොවන බවයි. කෙසේ වෙතත් Broad පවසා සිටින්නේ ඔහුව කණ්ඩායමෙන් ඉවත් කළ හේතුව තවමත් තේරුම් ගත නොහැකි බවයි.

මම අවසන් අළුබඳුන ටෙස්ට් තරග දෙකේ දී කඩුලු 11ක් දවා ගත්තා. මම දීර්ඝ කාලයක් ටෙස්ට් තරගම ක්‍රීඩා කළා. වසර අටක් මම ලෝක මට්ටමේ ඉහළම සිටියා කියන්න පුළුවන්. මගේ දක්ෂතා අඩු වුනා නම් මට මාව කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන හිත හදාගන්න තිබුණා.”

ඔවුන්ගේ වත්මන් සැලසුම්වල මම නෑ කියන එක සිත කලකිරවන සුළුයි. බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් මාව ඉවත් කරන කොට මට කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එක අසාධාරණයි.”

HindustanTimes ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<