ජාතික වොලිබෝල් කණ්ඩායමට ඇතුළත් වෙන්න අවස්ථාවක්

205

2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම ක්‍රීඩකයින් එදින උදෑසන 8 වන විට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය වෙත වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.

මේ සඳහා වන විමසීම් සඳහා 0112669344 දුරකථන අංකය ඔස්සේ වොලිබෝල් සම්මේලනය සම්බන්ධ කර ගත හැකි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<