ජෝන් කීල්ස් සහ යුනිචෙලා අවසන් තරගයට

527

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් A කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජෝන් කීල්ස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් සමත් විය.

අද (01) කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේ දී සහ වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් පූර්ව වටයේ තරගවල දී TeeJay ලංකා කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම පරාජයට පත් විය.

එංගලන්ත ක්‍රීඩකයන්ට වැසි නිවාඩුවක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (01) කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හී පිහිටි…

TeeJay ලංකා සහ ජෝන් කීල්ස් අතර තරගය

වෙළඳසේවා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් පවත්වාගත නොහැකි විය. එහෙත් තරගයේ නීතිරීති අනුව කඩුල්ල බිඳ දැමීමේ වාර ගණන අනුව ජයග්‍රහණය තීරණය කෙරෙන Ball Out ක්‍රමයට පැවැත්වීමට තීරණය කෙරුණි. ඒ අනුව පස්වරු 12.45 පමණ වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී Ball Out ක්‍රමය ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය 3-2ක් ලෙසින් ජෝන් කීල්ස් කණ්ඩායම සතු විය. ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් චමීර එදිරිසිංහ, ඉෂාන් ජයරත්න සහ විකුම් සංජය තමන්ට ලැබුණ අවස්ථා සාර්ථක කර ගත් අතර TeeJay ලංකා කණ්ඩායම වෙනුවෙන් නාලක අමරකෝන් සහ සාලිය සමන් තම අවස්ථාවන් සාර්ථක කර ගත්හ.

MAS යුනිචෙලා සහ සම්පත් බැංකුව අතර තරගය

එන්. සී. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් Ball Out ක්‍රමයටම විසඳුම ලබා දීමට සිදු විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය යුනිචෙලා ක්‍රීඩකයන් සතු වූයේ 3-1ක් ලෙසිනි. මෙම තරගයේ තීරණය විසඳීම පස්වරු 4.20ට පමණ සිදු වූ අතර එය එන්. සී. සී. පිටියේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම සතු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදු විය.

MAS යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් ටී. එම්. සම්පත්, ධනුෂ්ක ගුණතිලක සහ දුනිල් අබේධීර තම අවස්ථාවන් සාර්ථක කර ගත් අතර සම්පත් කණ්ඩායම වෙනුවෙන් තම අවස්ථාව සාර්ථක කර ගත්තේ සුවන්ජි මදනායක පමණි.

තරගාවලියේ අවසන් මහා  තරගය මේ මස 03 වැනි සෙනසුරාදා කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

එම තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<