එංගලන්ත ක්‍රීඩකයන්ට වැසි නිවාඩුවක්

176
Sri Lanka Board XI vs England

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (01) කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හී පිහිටි සී. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දෙදින පුහුණු තරගයේ පළමු දිනය එකඳු පන්දුවක් නොයවමින් අතහැර දැමීමට පිටියේ විනිසුරුවන් හා තරග තීරක සමග වූ සාකච්ඡාවකින් අනතුරුව තීරණය කෙරුණි.

ජෝ රූට්ස් ටෙස්ට් තරගාවලියට අනතුරු අඟවයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති..

අද පෙරවරුවේ සිට කොළඹ ප්‍රදේශයට ඇද වැටුණ අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම කෙසේ වෙතත් පිටියට බැසීමට ද හැකියාවක් නොතිබුණි. පිටියේ විනිසුරුවන් වූ හේමන්ත බොතේජු සහ දීපාල් ගුණවර්ධන යන මහත්වරුන් ද තරග තීරක නල්ලයියා දේවරාජන් ද තීරණයක් ගත නොහැකිව ලත වුනේ එංගලන්ත කණ්ඩායම ද ක්‍රීඩා පිටියට නොපැමිණීම හේතුවෙනි.

පෙරවරු 9.30ට පමණ එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු පෝල් ෆෙයාබේස් පමණක් ක්‍රීඩා පිටියට පැමිණියේ ය. ඔහු ද ක්‍රීඩාගාරයේ සිට පිටිය නිරීක්ෂණය කරමින් සිට විනිසුරුවන් හමු වී යන්නට ගියේය. ඊට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක හමු වූ පිටියේ විනිසුරුවන් පෙරවරු 10.00ට තරගය පළමු දිනයට අවසන් කරන බවට වන තීරණය දැනුම් දුන්හ.

තරගය හෙට (02) ආරම්භ වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<