එවින් ලෙවිස්ගේ මැජික් ඉනිම නිසා ශූරතාවය කොදෙව්වන්ට

1234

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (21) ඩකා හිදී පැවැත්විය.

1-1ක් ලෙස පැවති තරගාවලියේ අවසන් හා වැදගත් තරගයේ දී කොදෙව් ආරම්භක පිතිකරුවෙක් වන එවින් ලෙවිස් තරගයේ ක්‍රියාත්මක වූ පළමු තරගයේ සිට පන්දුවාර කිහිපයක් තුල දියත් කළ වේගවත් පිතිකරණය නිසාවෙන් ලකුණු 50ක විශිෂ්ට ජයක් ලබාගත් කොදෙව් කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

ශකීබ් අල් හසන් බංග්ලාදේශය ජයග්‍රහණය කරා ඇදගෙන යයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට්……

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ වමතින් පිත්ත හසුරුවන එවින් ලෙවිස් හා ශායි හෝප් පන්දු 30ක් වැනි සුළු පන්දු ප්‍රමාණයක් තුල ගොඩනැංවූ වේගවත් හා ජවසම්පන්න ලකුණු 76 නිසාවෙන් බංග්ලාදේශ පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

එහි දී පළමු කඩුල්ලේ සබඳතාවය අවසන් කළ දෙවන විස්සයි විස්ස තරගයේ වීරයා වූ ශකිබ් අල් හසන් 4 ප‍හර 3ක් හා එක් දැවැන්ත 6 පහරක් සමඟ ලකුණු  23ක් ලබාගෙන සිටි ශායි හෝප්ව දවා ගැනීමට සමත් විය.

කොදෙව් ඉනිමේ කතා නායකයා බවට පත්වෙමින් තරගයේ වීරයා බවට ද පත්වූ ලෙවිස් 4 පහර 6ක් හා දැවැන්ත 6 පහර 8ක් එල්ල කරමින් වේගවත් ලකුණු 89ක් ලබාගත්තේ සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 4 වන අර්ධ ශතකය ද සම්පූර්ණ කරගෙනයි. මහමදුල්ලාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් ලෙවිස් දැවී ගිය අතර ඔහු ක්‍රීඩාගාරය දෙසට හැරී යන විට ඔහුගේ ප්‍රහාරාත්මක වේගය ලකුණු 247.22ක් වැනි ඉහළ මට්ටමක තිබුණි. එමඟින් ඔබට ඔහුගේ පිතිකරණ විලාසයේ තරම සිතා ගැනීමට නොහැකි වන්නේ නම් එය පුදුමයකි.

ලෙවිස් දැවී ගියේ බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ තෙවන කඩුල්ල ලෙස වන අතර ඒ වන විට ඔවුන් පන්දුවාර 9කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු ක් දැවී ලකුණු 122ක් ලබාගෙන තිබුණි. ඉන්පසුව මහමදුල්ලා ඇතුළු බංග්ලාදේශ පන්දු යවන්නෝ නැවතත් තරගයට අවතීර්ණ වීමට වෙර දැරීමේ ඵලයක් ලෙස කොදෙව් මැදපෙළ කඩුලු කිහිපයක් ඉතාමත් ඉක්මනින්ම දවා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් බටහිර ඉන්දීය කොදෙව් පසුපෙළ හා මැදපෙළ සැලකිය යුතු මට්ටමකින් හෝ එකතු කළ නිකලස් පූරන් ලකුණු 29ක් කොදෙව් ලකුණු පුවරුවට එකතු කළේය. පන්දු යැවීමේ දී බංග්ලාදේශ දඟපන්දු යවන්නන් වන මහමදුල්ලා හා ශකීබ් අල් හසන් අතරේ කඩුලු 3 බැගින් බෙදී යද්දී වේගපන්දු යවන ක්‍රීඩක  මුස්ටෆිසුර් රහමන් ද කොදෙව් කඩුලු 3කට වගකියන ලදි.

ඇඩිලේඩ් ක්‍රීඩකයෝ තෙවැනි විනිසුරුගේ තීරණය කනපිට හරවයි

බිග් බෑෂ් ලීගයේ අටවැනි අදියරේ ආරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරයින් වන ඇඩිලේඩ් ස්ට්‍රයිකස් කණ්ඩායම සහ බ්‍රිස්බන් හීට් කණ්ඩායම අතර…..

අවසානයේ සිය නියමිත පන්දුවාර 20 අවසන් වීමට පෙර ඔවුන්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 190ක් වන අතර එය මෙම තණතීරුව මත ඉතාමත් හොඳ ලකුණු ප්‍රමාණයකි.

ලකුණු 191ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි වමතින් පිත්ත හසුරුවන තමිම් ඉක්බාල් හා ලිට්න් ඩාස් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට සමත් වූයේ ලකුණු 22ක සබඳතාවයක් පමණි. අවාසනාවන්ත ලෙස දුවද්දී  දැවී යාමකට හසු වූ ඉක්බාල්ගේ ඉනිම ලකුණු 8කට පමණක් සීමා වීම තරගාවලියේ ශූරතාවය සොයා යන බංග්ලාදේශ කණ්ඩායමට විශාල පාඩුවක් විය.

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කීමෝ පෝල් බංග්ලාදේශ මැදපෙළ ඉතාමත් ඉක්මනින්ම අවසන් කරමින් තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට හරවා දෙන ලද්දේ ලිට්න් ඩාස් ඇතුළු බංග්ලාදේශ ප්‍රබල පිතිකරුවන්ගේ කඩුලු කිහිපයක් ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දවාගෙනයි. ඒ දක්ෂ පන්දු යැවීම නිසා බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවේ සිටි නම් ගිය පිතිකරුවන් අතරින් ලකුණු 20 සීමාව පසු කර යාමට සමත් වූයේ නොදැවී ලකුණු 22*ක් ලබාගත් අබු හයිඩර් හා ලිට්න් ඩාස් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලිට්න් ඩාස් පන්දු 25ක් තුල වේගවත් ලකුණු 43ක් බංග්ලාදේශ ලකුණු පුවරුවට එකතු කළේ වේගවත් 4 පහර 3ක් හා දැවැන්ත 6 පහර 3ක් එල්ල කරමිනි.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කීමෝ පෝල් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ පන්දු යැවීමෙන් දැක්වූ හොඳම දස්කම දක්වමින් සිය නියමිත පන්දුවාර 4 නිමා කරන ලද්දේ ලකුණු 15ක් තුල කඩුලු 5ක් දවාගෙනයි.

බටහිර ඉන්දීය කොදෙව් – 190 (19.2): එවින් ලෙවිස් 89, නිකලස් පූරන් 29, මහමදුල්ලා 3/18, මුස්ටෆිසුර් රහමන් 3/37, ශකීබ් අල් හසන් 3/38.

බංග්ලාදේශය – 140 (17): ලිට්න් ඩාස් 43, කීමෝ පෝල් 5/15.

තරගයේ වීරයා – එවින් ලෙවිස් (බටහිර ඉන්දීය කොදෙව්)

දෙස් විදෙස් කෙළිබිමේ තතු ඔබේ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටී. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<