MAS Silueta සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් පූර්ව වටයට

382

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් A කොටසේ ක්‍රිකට් තරගාවලියේ LB ෆිනෑන්ස් කණ්ඩායම සහ MAS Silueta කණ්ඩායම අතර අද ( 22 ) කොළඹ BRC පිටියේ දී නිමා වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් MAS Silueta කණ්ඩායම කඩුලු 6ක ජයග්‍රහණයක් ලබමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේ ය.

HNB, කැන්රිච් ෆිනෑන්ස්, CDB හා එක්ස්පෝ ලංකා ජයග්‍රහණ වාර්තා කරයි

අශේන් ප්‍රනාන්දුගේ ශතකයෙන් HNB ජය ගනී මග්ගොන සරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී හැටන් නැෂනල් බැංකුව හා කොමර්ෂල්….

මේ අතර කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගය එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු විය. මෙම තරගය ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානය හිමිව තිබූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සහ අංක 7 ස්ථානය හිමි TeeJay ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබුණි. තරගය අතහැර දැමීම හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින් රැඳී සිටි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ.

LB ෆිනෑන්ස් කණ්ඩායම සහ MAS Silueta කණ්ඩායම අතර පැවති තරගය පන්දුවාර 42කට සීමා වෙමින් පැවතුණි. එහි දී කාසියේ වාසිය දිනූ MAS Silueta කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව  LB ෆිනෑන්ස් කණ්ඩායම සතු කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගත්හ. එම ඉනිමේ දී සහන් ආරච්චිගේ ලකුණු 70ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඇන්ජලෝ පෙරේරා සහ චතුරංග කුමාර ලකුණු 35 බැගින් ලබා ගත්හ.

කඩුලු ලබා ගැනීමේ දී ඇන්ජලෝ එමානුවෙල්, අවිඳු තීක්ෂණ සහ බුද්ධික සංජීව කඩුලු 2 බැගින් දවා ගත්හ.

20-20 නායකත්වය තිසරට; කණ්ඩායමේ වෙනස්කම් රැසක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එළඹෙන 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත විස්සයි – විස්ස ක්‍රිකට්….

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS Silueta කණ්ඩායම තවත් පන්දු 23ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කළේ ය. ඒ කඩුලු 4ක් පමණක් බිඳ වැටෙද්දී ය. MAS Silueta කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 3ක් එක්වීම කැපී පෙණුනි. ඒ ධනංජය ලක්ෂාන් (67) ඇන්ජලෝ එමානුවෙල් (65*) සහ ජෙහාන් ප්‍රනාන්දු (60*) ය.

කඩුලු ලබා ගැනීමේ දී චතුරංග කුමාර ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

LB ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 230 (42): සහන් ආරච්චිගේ 70, ඇන්ජලෝ පෙරේරා 35, චතුරංග කුමාර 35, ශිරාන් ප්‍රනාන්දු 26, ඇන්ජලෝ එමානුවෙල් 2/11, අවිඳු තීක්ෂණ 2/32, බුද්ධික සංජීව 2/37

MAS Silueta කණ්ඩායම; කඩුලු 4ක් දැවී 232 (38.1): ධනංජය ලක්ෂාන් 67, ඇන්ජලෝ එමානුවෙල් නොදැවී 65, ජෙහාන් ප්‍රනාන්දු නොදැවී 60, චතුරංග කුමාර 3/29

තරගාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරග 2ක් හෙට (23) පැවැත්වීමට නියමිත ය. ඒ අනුව කොළඹ වෙළඳසේවා පිටියේ දී ඩිමෝ සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර ද කොළඹ කෝල්ට්ස් පිටියේ දී MAS යුනිචෙලා සහ හේලීස් කණ්ඩායම් අතර ද තරග පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<