මැලේසියාව සමඟ පැවැත්වූ ආසියානු රග්බි ශූරතාවයේ Play Off තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද (19) සමත් වුනා.
කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණු මෙම තරගයේ පළමු උත්සාහක දිනුම ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් වාර්තා කිරීමට ජනිඳු ඩිල්ශාන් විසින් සමත් වූ නමුත්, ඉන් මොහොතකට පසුව මැලේසියාව ද උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය 5-7ක් ලෙස පත් කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් මින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් තරගයේ 23 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර, මේත් සමඟින් ම ඔවුන් සිය ලකුණු තත්වය 12-07ක් බවට පත් කර ගැනීමට සමත් වුනා.
මින් අනතුරුව මැලේසියාවට නැවතත් තරගය ගැන සිතා බැලීමට හෝ ඉඩක් ලබා නොදීම තරගයේ ආධිපත්‍ය සියතට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය නිමා වන ඔවුන් ලකුණු 33ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වී තිබූ අතර, මැලේසියාව ලකුණු 07 සීමාවේ ම නතර කර තැබීමට ද ඔවුන්ට හැකියාව ලැබුණා.
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
තරගයේ දෙවැනි අර්ධය තුළ ද මැලේසියානු ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවෙන් කිසිඳු සහනයක් හිමි නොවූ අතර, මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර වාරයේ දී මැලේසියාව විසින් තවත් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය නතර කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
- ශ්‍රී ලංකාව 59 (7T, 5C) – මැලේසියාව 19 (3T, 2C)
තරගයේ වීරයා – දිනාල් ඒකනායක
මේත් සමඟින් ම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම දකුණු කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් ආසියාවේ ප්‍රධාන රග්බි කණ්ඩායම් අතරට පිවිසීමට සමත් වූ අතර, 2025 ආසියානු රග්බි ශූරතාවයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
දේශීය රග්බි පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<