ලෝක ක්‍රීඩා උළෙලක් තුළ කෙරුණු “ඓතිහාසික විප්ලවය”

659
@img.thedailybeast.com

පසුගිය ශතවර්ෂය තුළ ක්‍රීඩා උළෙලක පීඨිකාවක් මත මැවුණු වඩාත්ම ජයග්‍රාහී ඉරියව්ව, ටොමී ස්මිත් සහ ජෝන් කාලෝස් සතුය. සාමාන්‍යයෙන් ඔලිම්පික් උළෙල තුළ ක්‍රීඩකයන්ගේ නම් සනිටුහන් වන්නේ ජයග්‍රහණ පදනම් කොටගෙන වුවත් 1968 ඔලිම්පික් තරගාවලියේ මීටර 200 රන් පදක්කම්ලාභී ටොමී ස්මිත් සහ ලෝකඩ පදක්කම්ලාභී ජෝන් කාලෝස් ඉතිහාසයට එක්වුණේ පදක්කම් ප්‍රදානය කෙරෙන පීඨිකාව මත පෑ නිර්භය “කළු බලය” (Black power) ඉරියව්ව වෙනුවෙනි.

එය ලෝක ඉතිහාසයේ අඳුරු යුගයකි. සුදු ජාතිකයන්ට පවා ආර්ථිකමය වශයෙන් තරමක් අඳුරු වූ එම යුගය කළු ජාතිකයන් මත මැව්වේ ඔවුන්ගේ සමේ පැහැයට වැඩි අඳුරකි. ඒ වහල්භාවය නීතිගතව තිබූ යුගයයි.

ශුද්ධ වහල්කම

කපු නෙළන කළු ජාතික වහල් පවුලක් @www.history.com

මිනිසෙකුට තවත් මිනිසෙකුව වැඩ පහසු කරන භාණ්ඩයක් ලෙස භාවිතා කළ හැකිද? විකිණිය හැකිද? විසිකළ හැකිද? ව්‍යාපාරික ලොව තුළ අද පවා සිදුවන්නේ එය බව නම් සමහරෙකුට රහසක් නොවේ. එහෙත් යම් යම් නීති රීති සහ ප්‍රඥප්ති මඟින් අද ‘ශුද්ධ වහල්භාවය’ අනීතික එකක් බැව් ලෝකයා පිළිගෙන ඇත. අද අප වහල්කම් කරන්නේ ‘ශුද්ධ වහලුන්’ ලෙස නොව වක්‍ර වහලුන් හැටියටය. ඒ කතාව වෙනත් කතාවකි. එහෙත් මේ ක්‍රීඩා කතාව දිග හැරෙන්නේ වහල්භාවය විසින් කළු ජාතිකයින්ව එළිපිටම මානසිකවත්, ශාරීරිකවත් දැඩි ලෙස තලාපෙලා දැමූ යුගයකයි.

වර්ණභේදවාදය නම් පහත් උපක්‍රමය මඟින් සමේ පැහැය මත පදනම්ව ඉහළ පන්තියක් සහ පහළ පන්තියක් මැවූ “සුදු දෙවිවරු” තමන්ගේ ආර්ථිකමය ඉලක්ක කරා ළඟාවීමට කල්ලන්ගේ සුපිරි හැකියාවන් භාවිත කළෝය. එය “වහල් වෙළඳාම”යි. සුද්දන්යනු යුරෝපියානු, එසේත් නැත්නම් කොකේසියානු සම්භවයක් ඇති මිනිසුන් ය. කල්ලන්යනු නීග්‍රොයිඩ් නම් කුලයට අයත් විශේෂ ශාරීරිකමය හැකියාවන් ඇති ශක්තිමත් පිරිසකි. කළු අප්‍රිකානුවන් මීට පැහැදිලිම උදාහරණයයි. කොහොමින් කොහොම වුවද මේ දෙපලම මිනිසුන්ය. එහෙත් එකල පිළිගැනීම වෙනත් එකකි.

වහල් යුගයේදී වහල්භාවයට පත්වන තැනැත්තන්ගේ මුළු ජීවිතයම ගෙවෙන්නේ තැලුම් පෙළුම් මැද ය. ඔවුන් විටෙක රෙදි සෝදන යන්ත්‍ර ය. විටෙක ගොවිපලවල් හාන ට්‍රැක්ටර් ය. අතුගාන කොසු ය. අස්වනු නෙළන ආයුධ ය. විටෙක දඩ බල්ලන්ය, ඔට්ටුවට දුවන සුනඛයන් ය. විකෘති ලිංගික ආශාවන් තෘප්තිමත් කරන භාණ්ඩ ය. වෛරය පිරිමහන්නට තිබෙන භාණ්ඩ ය. යන්ත්‍රෝපකරණ නැති ඒ යුගයේ සෑම වැඩක්ම පහසු කරගැනීමට සුදුජාතිකයන් විසින් යොදාගැනුනේ කළු ජාතිකයන්ව ය.

සුපිරි කල්ලන්?

පළමු රන් පදක්කම්ලාභී ඇමරිකානු කළු ජාතිකයා – ජෝන් ටේලර් @kubrick.htvapps.com

කළු ජාතිකයන් තරම් ජවන හා පිටියේ වැඩ දාන්නන් සුදු පරපුර තුළ නොමැති බව කාලයක් පුරාවට ඇමරිකානු පාලකයන් විසින් හඳුනාගෙන තිබිණි. එහෙයින් 20 වැනි සියවස ආරම්භයේදී කළු ජාතික වහලුන්ට ඇමරිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි වලට සහභාගී වීමේ ඉඩ ලැබිණි. 1908 වසරේදී කළු ජාතිකයෙකු වශයෙන් ඇමරිකාවට පළමු රන් පදක්කම හිමිකරදෙන්නට ජෝන් ටේලර් සමත් වුවද බහුතර ඇමරිකානු කළු ජාතිකයන්ගේ ඉරණම ලියැවුණේ ඔවුන්ගේ ස්වාමියන්ගේ අණට අනුව ය. ඇමරිකාව වෙනුවෙන් ක්‍රීඩා පදක්කම් ගෙන එන්නන්ට අනෙකුත් වහලුන්ට වඩා වරප්‍රසාද හිමිවිය. එහෙත් අද අපේ කතා නායකයන් වන ටොමී ස්මිත් සහ ජෝන් කාලෝස්, තමන්ට ලැබුණු වරප්‍රසාද වලින් පමණක් සෑහීමකට පත්වූවන් නොවේ.

බුද්ධිය පරයන කායමය හැකියාවන්

බුද්ධිමය පන්නයේ රැකියා වලට කළු ජාතිකයන්ගේ ඇති ශක්‍යතාවය සහ ඇල්ම අදටත් සාපේක්ෂව අඩු ය. ශාරීරික කාර්යයන්, ශක්තිය, අංග චලනයන්, නම්‍යශීලීත්වය සහ දරාගැනීම අත්‍යාවශ්‍ය ඕනෑම කටයුත්තකදී “කල්ලන්”, එසේත් නැත්නම් නීග්‍රෝවරුන් ඉදිරියෙන් පසුවන බව ඔබ දැක තිබෙනවාද?

විද්‍යාත්මකව ලියුවහොත් කල්ලන්ගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ ඔවුන්ගේ නාභිය ආසන්නයේය. එබැවින් ශරීරයේ සියලු බලය ශරීරය මැදට කේන්ද්‍රගත වීම නිසා ඔවුන් විශේෂිත ශාරීරික හැකියාවලින් යුක්ත වෙයි.

ජපනුන් වැනි අග්නිදිග ආසියාතිකයන්ටද මේ හැකියාව ඇතිමුත් ඔවුන්ගේ ජාන වලින් මාංශ පේශී සහ අස්ථිවලට ලැබී ඇති ශක්තිය කල්ලන්ට කිසිසේත්ම සමාන කළ නොහැකිය. කල්ලන් යනු ශක්තිමත් ශරීරයක් සහිතව පාවිය හැක්කන් ය.

ශරීර ශක්තිය ඉහළින් අවශ්‍ය රැකියා පහසුවෙන් නිමකරන්නෝ කල්ලෝ ය. එබැවින් ඔවුනට අධ්‍යාපන පහසුකම් නොසපයමින් ඔවුන්ව වහලුන් ලෙස සේවයෙහි තබාගැනීම සුද්දන්ට වාසිදායක විය. ඔවුන්ව හැඳින්වුණේ පහත් කුලයක අයවළුන් ලෙසයි. ඔවුනට ස්වාමියා ආහාරගන්නා තෙක් ආහාර ගන්නට බැරි ය. ස්වාමියා කියන ඕනෑම දෙයක් කළ යුතුය. ස්වාමියන් දෙස කෙලින් බැලීම හෝ පහර කෑමට හේතුවක් විය.  

ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය ආදී යුරෝපියානු රටවල් වලින් ඇරඹුණු වහල් වෙළඳාම ඇමරිකාවට සංක්‍රමණය වන්නේ 18 වැනි සියවසේදී පමණ ය. එය හරියට ඔබ වෙළඳපොලෙන් වැඩ පහසු කරන භාණ්ඩයක් මිළදී ගන්නවා සේම සාමාන්‍ය කටයුත්තක්ව තිබිණි. රදලයන් ස්වාමියන් හැටියට පෙනී සිටිමින් තම තමන්ගේ කර්මාන්ත වල සහ ගොවිපලවල් වලද නිවෙස්වලද වැඩ පහසු කරගැනීම සඳහා කල්ලන්ව යොදාගත්තේ සතුන් මෙනි.

රෙගේ සංගීතයේ සදානුස්මරණීය චරිතය – බොබ් මාලේ @www.bobmarley.zone

එතැන් සිට අද දක්වා ගතවූ කාලයේදී කල්ලන් ලොවට පෙන්වා ඇති වර්ණවත් දස්කම්වල ප්‍රමාණය විශාල ය. ජෑස්/බ්ලූස්, රෙගේ සංගීතය, වීදි සංගීතය, රැප්/හිප් හොප් සංගීතය, හිප් හොප් නර්තනය, කපොයිරා සටන් කලාව, ජනප්‍රිය වීදියේ විලාසිතා සැබවින්ම වර්ණවත් උප සංස්කෘතීන් ය. වර්තමානයෙහි සුද්දන් පවා අනුගමනය කරන විලාසිතාවන් සහ අංග චලන රාශියක පාරම්පරික උරුමක්කාරයන් වන්නේ කළු ජාතිකයන්ය. ශ්‍රී ලංකාවේ හලාවත සහ පුත්තලම ප්‍රදේශවල මොවුන්ගෙන් පැවත එන්නන් අදටත් ජීවත් වෙයි.

“ශක්තිය යුක්තිය වන” පාතාලයේද ප්‍රබල කාර්යයක් කල්ලන් විසින් ඉටුකෙරේ. කළු සල්ලි ඉපයීමේදී මෙන්ම කටහඬ සහ ශරීර චලනයන් අවශ්‍ය ඕනෑම කටයුත්තකදී ඔවුන් ඉදිරියෙන් පසුවෙයි. නර්තනය, ගායනය, ක්‍රීඩාව මෙන්ම රංගනයේදී පවා මෙය කැපී පෙනේ.

කොටින්ම කල්ලන් නැති ක්‍රීඩා උළෙලක් හද්දා කම්මැලි ක්‍රීඩා උළෙලක් විය හැකිය. උසේන් බෝල්ට්, කාල් ලුවිස්, පේලේ, කාලින් අයල්ස්, ශකීල් ඔනීල්, මයිකල් ජෝඩන්, ජස්ටින් ගැට්ලින්, විවියන් රිචඩ්ස්, ක්‍රිස් ගේල් ආදී දහස් සංඛ්‍යාත “කළු ශූරයන්” ගැන තවත් වසර 100ක් 200ක් ඉදිරියට වුව ලෝකයා කතාබහ කරනු ඇත.

බොබ් මාලේ, රේ චාල්ස්, ස්ටීවි වොන්ඩර්, ටුපක් ෂකූර්, රිචඩ් ප්‍රයර්, මෝගන් ෆ්‍රීමන්, ඩෙන්සිල් වොෂින්ටන් ආදී ලෝක ප්‍රකට කළු ජාතික කලාකරුවන්ගේ නිම නොවන නම් වැලක්ද සාක්ෂි වශයෙන් මෙහි සටහන් කළ හැකිය. ඒ අතර ටොමී ලී සහ ජෝන් කාලෝස් අතිවිශේෂ වන්නේ වෙනත් හේතුවක් නිසාය.

ස්මිත් සහ කාලෝස් ලද පෙළඹවීම

18 වැනි සියවසෙන් ඇරඹුණු ඇමරිකාවේ වහල් වෙළඳාම සහ වහල් සේවය 1950 සහ 1960 දශක වන විට කළු ජාතිකයන්ට ඉවසාගත නොහැකි මට්ටමකට රුදුරු වී තිබිණි. ඒ අන් කිසිවක් නිසා නොව, ශාරීරික නිදහස ලැබුණු නමුත් ඔවුන්ව මානසිකව තලාපෙලන බැවිණි. අතීතයේදී ඔවුන්ගේ මුතුන්මිත්තන් විසින් ස්වාමියන්ගේ රැවුම් ගෙරවුම් ඉවසුවද, 1950 දශකයේදී ලෝකය දෙස දෑස් හැර බැලූ කළු ජාතික තරුණයන් සහ එවකට වහල්බවින් තොරවී යම් යම්  වරප්‍රසාද ලැබූ කළු ජාතිකයන්, වහල් සේවයට නිමාවක් තිබිය යුතුයැයි තීරණය කළේය.

කළු වහල්බව අවසන් වියයුතු බවට ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළ ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් @i2.wp.com

සම අයිතීන් දිනාගැනීම ඉන් ප්‍රධාන විය. කලක් පුරාවට කළ විප්ලවයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කළු ජාතිකයන්ට යම් යම් අයිතිවාසිකම් හිමිව තිබිණි. ඒ අතරම සුළුතරයක් වූ සංවේදී සුදු ජාතිකයන්ද කල්ලන්ගේ පැත්තෙන් සිටගන්නට විය. මෙනිසා පාලකයන්ට කෙමෙන් කෙමෙන් බැමි ලිහිල් කොට නිදහසක් මවන්නටසිදුවිය.

19 වැනි සියවසේ මැදභාගයේදී “වහල්භාවය” අහෝසි වුවද, අප ජීවත්වන්නේ දියුණු ලෝකයකැයි කියන අද පවා වර්ණභේදවාදය හිසමත හොවාගත්තන් ලොව තුළ දුලභ නැත. එක් ඕස්ට්‍රේලියානු සංචාරයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හට ඕස්ට්‍රේලියානුවන් විසින් “කළු වඳුරා” (Black monkey) ලෙස ඇමතූයේ ඔහු කළු ජාතිකයෙකුද වී ද නොවේ. සනත් ශ්‍රී ලාංකිකයෙකි. දුඹුරු කෙනෙකි. එහෙත් කළු සුදු භේදය තවමත් ඇතැමුන්ගේ සිත් තුළ ඇත.

1950 -1960 දශකවලදී ඇමරිකාවේ තත්වය මීට හාත්පසින්ම වෙනස් ය. කළු ජාතිකයන්ට දිනපතා, පැයෙන් පැයට මෙවන් අත්දැකීම් වලට මුහුණදෙන්නට සිදුවුණි. “කළු බලය” (Black power) ආදී චින්තනයන් සහ “කළු දිවියෝ” (Black panthers) ආදී දරුණු සංවිධාන පවා බිහිවන්නේ එම මානසික ගුටිබැට වල ප්‍රතිඵලයක් වශයෙනි. එදා ටොමී ස්මිත් සහ ජෝන් කාලෝස් සිය දකුණත් මිටි කොට ඉහළට ඔසවා කරනු ලැබූ ඉරියව්ව, “කළු බලය” (Black power) පෙන්වන ඉරියව්වයි.

මාටින් ලූතර් කිං

මාටින් ලූතර් කිං @static.timesofisrael.com

50 දශකය තුළදී ඇමරිකානු කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬ නැගූ ප්‍රමුඛයා මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) ය. කළු ක්‍රියාකාරීන් අතුරින් වැඩිම ජනබලයක් සහ පාලකයන්ට වැඩිම හිසරදයක් වූ ක්‍රියාකාරිකයා ඔහු ය. ඔහුට පසෙකින් මැල්කම් X වැනි “හොඳින් හෝ නරකින් දිනමු” න්‍යාය ප්‍රකට කළ නායකයින්ද නැතුවා නොවේ. එහෙත් මාටින් ලූතර් කිං නිතරම පැවසුවේ අධ්‍යාපනයෙන් සහ අවිහිංසාවෙන් අවශ්‍ය අරමුණ කරා යා හැකි බවයි.

ඒ සඳහා අවශ්‍ය මූලික අයිතිවාසිකම් ලබාගැනීම සඳහා සටන් කළයුතු බවයි. “I have a dream” (මට සිහිනයක් ඇත) ඔහුගේ සංකල්පයකි. කල්ලන්ගේ අවාසනාවට 1968 අප්‍රේල් 04 වැනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරකින් ඔහු මියගියේ වයස අවුරුදු 39දී ය. මින් වේදනාවට පත් ටොමී ස්මිත් සහ ජෝන් කාලෝස් වාසනාවකට මෙන් වෙඩිපහරවල් වලට ලක්වූයේ නැත. එහෙත් එය පුදුමයකි.

මිටිකළ දකුණතෙහි විප්ලවය

ටොමී ස්මිත් (වමේ) සහ ජෝන් කාලෝස් (දකුණේ), අද @static1.squarespace.com

ඉදින් එවන් පීඩනකාරී සමාජ සන්දර්භයක් තුළ තැලෙමින් පෙළෙමින් තමන්ට අයිති නැතැයි කියන රටක් වෙනුවෙන් පදක්කම් ගෙනෙන්නට ක්‍රීඩාවේ යෙදුණු කළු ඇමරිකානු ක්‍රීඩකයන් තම ජීවිතයම ගතකළේ දැවෙමිණි. ඒ පීඩනයම ඔවුන්ව ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් බවට පත්කළේය.

1968 ඔක්තෝබර් 16 වැනිදා ඔලිම්පික් උළෙලේ මීටර 200 අවසන් තරගය වෙනුවෙන් ධාවනයේ යෙදුණු ටොමී ස්මිත් සහ ජෝන් කාලෝස් ද ඒ පීඩනය සිත්හි දරාගත් ක්‍රීඩකයන් ය. තරගය අවසානයේ ස්මිත්ට රන් පදක්කමත්, කාලෝස්ට ලෝකඩ පදක්කමත් හිමිවිය.

පදක්කම් ප්‍රදානයට සියලු කටයුතු සූදානම් විය. ස්මිත්, කාලෝස් දෙදෙනා පීඨිකාව මතට ගොඩවුණේ සපත්තු රහිතව කළු මේස් යුගලයක් පමණක් පැළඳගෙනය. ඒ කළු ජාතිකයන්ගේ දරිද්‍රතාවය පිළිබිඹු කරමිනි. ස්මිත්ගේ බෙල්ල වටා කළු සළුවක් ඔතා තිබිණි. එය කළු ජාතිකන්ගේ අභිමානය ප්‍රදර්ශනය කරන්නක් විය. කාලෝස්ගේ ජවන ඇඳුමේ සිපරය බෙල්ල ආසන්නයෙන් විවර කොට තිබිණි. වැඩකරන පන්තියේ සියලු ඇමරිකානු ජනයා එයින් ප්‍රදර්ශනය විය. ඔහුගේ බෙල්ලේ තිබුණේ පබළු මාලයකි. ඔහු කියන පරිදි “කිසිවෙකුගේ දැනුමකින් තොරව මියගිය හෝ මරාදැමුණු, එල්ලාදැමුණු, කිසිවෙකුගේ යාච්ඤාවක් නොලද ජනයා” ඉන්  නිරූපණය විය. මේ ඓතිහාසික ඡායාරූපය ජෝන් ඩොමිනිස්ගේ කැමරා කාචය මත සටහන් විය.

පදක්කම් ප්‍රදානය සඳහා ස්මිත්, කාලෝස් සහ රිදී පදක්කම් ලාභී ඕස්ට්‍රේලියානු සුදු ජාතික මලල ක්‍රීඩක පීටර් නෝමන් යන තිදෙනාම පැමිණියේමානව හිමිකම් වෙනුවෙන් ඔලිම්පික් ව්‍යාපෘතියේ ලාංඡනය තම පපු මත පැළඳගෙන ය. පදක්කම් පැළඳවිණි. ඇමරිකානු ජාතික ගීය වාදනය වන්නට විය.

ඇමරිකානු – අප්‍රිකානු ඉතිහාස කෞතුකාගාරය තුළ ටොමී ස්මිත් සහ ජෝන් කාලෝස්ගේ රූ අඹා ඇති ආකාරය @media.npr.org

ටොමී ස්මිත්, සිය දකුණත මිටිකොට ඉහළට යොමුකළේය. ජෝන් කාලෝස් ද ඔහුව අනුගමනය කළේය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ දැවුණු කළු වහලුන්ගේ පීඩනය ගුවනට මුදාහැරිණි. තැලුණු පෙලුණු දහස් සංඛ්‍යාත කළු ජාතික සේවකයන්, කළු ගායකයන්, කළු ක්‍රියාකාරීන්, ක්‍රීඩකයන් ඇතුළුව ඉන් සය මසකට පෙර වෙඩිතබා ඝාතනය කෙරුණු මාටින් ලූතර් කිංවද නරඹන ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ දෑස් මත චිත්‍රයක් සේ මැවිණි.

මේ ලොවම ඔවුන් දෙස බලා සිටින මොහොතයි. ඔවුන් එකදු උණ්ඩයක් භාවිතා නොකළේය. එකදු රළු වදනක් භාවිතා නොකළේය. හදවත විවර කරමින් “කළු බලය” ලොවට කියාපෑවේය. ගතවූ ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් තුළ සටහන් වූ අමතකම නොවන “නිහඬ විප්ලවය” එයයි.