වාසනාවෙන් ආරම්භ වී අවසානය අවාසනාවක් වූ වසර පහ

1064

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය බාර ගත්තා. ඒ තරග 3-0ක් ලෙසින් දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය මේ වන විට ඉතාම ලෙහෙසියෙන් ඉදිරියට පැමිණි නිසා. නිමා වූ තරගයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව වෙතින් පිට පිට ලැබූ පරාජයන් සංඛ්‍යාව 11ක්. ඒ වසර 5ක අතීතයක සිට. මේ වසර 5ට ම ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවනුවන් පරාජය කරල තිබෙන්නේ එක් වරක් පමණයි.  

මේ දකුණු අප්‍රිකාව වෙතින් ලත් පරාජයන් සමගින් ඉලිප්පී පෙන්වුණ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පරාජයන් හී ඉතිහාසය පසුගිය වසර 5කට ගලපා ගැනීමට ThePapare.com කළ උත්සාහයක්.

ධනංජය සහ දනංජයගේ උත්සාහය ප්‍රතිවාදී දැඩි ඉලක්කය හමුවේ අපතේ යයි

ඉදිරිපෙළ පිතිකරුවෝ සියල්ලෝම තම යුතුකම ඉටු කරමින් සිටිය දී අතරමග දී ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ අභියෝග හමුවේ එය විනාශ කර ගනිද්දී, පසුපෙළ පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි…

 2014 

මෙම වසර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා යම් මට්ටමක පැවති වසරක් සේ හැදින්විය හැකියි. එක්දින ජාත්‍යන්තර තරග 32කට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එයින් තරග 20ක් ජයග්‍රහණය කරනවා. පරාජය වූ තරග ප්‍රමාණය 12ක්.

වසර ආරම්භ වෙන්නේ බංග්ලාදේශය සමඟ එරට දී පැවැත්වෙන තරගාවලියත් සමඟින්. තරග තුනකින් සමන්විත එම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගන්නේ 3-0ක් ලෙසින්. එකී ජයග්‍රහණයත් සමඟින් ආරම්භ වූ වසරේ එංගලන්ත සංචාරය දක්වා ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන්නේ ජයග්‍රහණ. බංග්ලාදේශයෙන් ආරම්භ වී අයර්ලන්තය සහ එංගලන්තය මේ තරග සංචාර වෙනවා.

ඔය අතරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අපරාජිතව ශූරතා කුසලානය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. එහි දී ප්‍රථම වටයේ දී පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය පරාජය කරනවා. අවසාන මහා තරගය පාකිස්තානය සමඟ පැවැත්වෙන අතර එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය ගන්නේ කඩුලු 5කින්.

අනතුරුව පැවති දකුණු අප්‍රිකාව සමඟ වූ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමි වෙන්නේ 1-2ක තරග පරාජයක්. මෙම පරාජය සමඟින් පාකිස්තානය සමඟ පැවති තරගාවලියේ දී පළමු තරගය පරාජය වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ ඉතිරි තරග දෙක ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-1කින් ජයග්‍රහණය කරනවා. මෙම තරගාවලි දෙකම පැවැත්වෙන්නේ මෙරට දී.

වසර අවසන් කාර්තුවේ දී පැවති ඉන්දීය තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෙන එන්නේ අවාසනාව. තරග 5කින් සමන්විත එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමි වෙන්නේ 0-5ක තරග පරාජයක්. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෑත ඉතිහාසයේ ලැබූ දැවැන්ත ම පරාජයක් වෙනවා.

නමුත් එම පරාජයේ උණුසුමත් සමඟින්ම මෙරට දී එංගලන්තය සමඟ පැවති තරගාවලිය 5-2ක් සේ ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එරෙහි කණ්ඩායම තරග ජය පරාජ වි. නැති
බංග්ලාදේශය 4 4 0 0
පාකිස්තානය 5 4 1 0
ඉන්දියාව 6 1 5 0
ඇෆ්ගනිස්තානය 1 1 0 0
අයර්ලන්තය 1 1 0 0
එංගලන්තය 12 8 4 0
දකුණු අප්‍රිකාව 3 1 2 0
එකතුව 32 20 12 0

‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ

“පවුල්වාදය” ශ්‍රී ලාංකික අපට හොඳින් හුරුපුරුදු වචනයකි. අප රටේ සෑම අංශයකම ඔඩුදුවා ඇති මෙය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය බැව් දැන් හැඟී යයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්…


 2015 

පෙර වසරේ දී වූ ජයග්‍රහණයන් මෙම වසරේ දී ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී ගිය අයුරක් දත්ත සටහන්වල වාර්තා වෙනවා. වසර ආරම්භ වෙන්නේ නවසීලන්තය සමඟ තරග 5කින් සමන්විත තරගාවලියකින්. එම තරගාවලියේ දී ශ්‍රී ලාංකිකයන්ට හිමි වෙන්නේ තරග 2-4ක පරාජයක්. තරගාවලිය තරග 7කින් සමන්විත වූ අතර එක් තරගයක් විසඳුමක් නැති තරග ගොන්නට වැටෙනවා.

අනතුරුව අයි. සී. සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමින් එම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙතින් පරාජයට පත් වෙනවා. මෙම වසරේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලාංකිකයන්ට හමු වූ එකම අවස්ථාව ද එය වුනා.  

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මෙරට දී පැවති තරග 5කින් සමන්විත පාකිස්තාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමි වෙන්නේ තරග 2-3ක පරාජයක්. ඔවුන්ට එසේ පරාජය වූවද එළඹි බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දී 3-0ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එරෙහි කණ්ඩායම තරග ජය පාරාජ වි. නැති
නවසීලන්තය 11 3 7 1
ඇෆ්ගනිස්තානය 1 1 0 0
බංග්ලාදේශය 1 1 0 0
එංගලන්තය 1 1 0 0
ඕස්ට්‍රේලියාව 1 0 1 0
ස්කොට්ලන්තය 1 1 0 0
දකුණු අප්‍රිකාව 1 0 1 0
පාකිස්තානය 5 2 3 0
බටහිර ඉන්දීය කොදෙව් 3 3 0 0
එකතුව 25 12 12 1

 2016 

පෙර වසරේ දී සේ ම මේ වසර ද ආරම්භ වෙන්නේ නවසීලන්ත තරගාවලියකින්. නිමා වූ වසරේ අග සහ මෙම වසරේ ආරම්භය ද ඇල්ලෙමින් පැවැති එම තරගාවලියෙන් ද ශ්‍රී ලංකාව පරාජය වුනා. තරග ප්‍රතිඵලය වුනේ 1-3ක්. තරග 5කින් තරගාවලිය සමන්විත වූ අතර ඉන් තරග 3ක් පෙර වසරේ කාලසටහනට අයත් වුනා. අනෙක් තරග දෙක මේ වසරට ඇතුලත් වූ අතර වසර ආරම්භයත් සමග හා හා පුරා කියා ආරම්භ වූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. පෙර වසරේ දී ද එලෙසින් ම තරගයක් අතහැර දැමුණ අතර පැවති ඊළඟ තරගයෙන් ශ්‍රී ලංකාවට හිමි වුනේ පරාජය.

අනතුරුව පැවති අයර්ලන්තය තරගාවලිය 2-0කින් ජය ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය හමුවේ වූ තරග 5කින් සමන්විත තරගාවලිය 0-3කින් පරාජය වෙනවා. එම තරගාවලියේ එක් තරගයක් ලකුණු සම වීමෙන් නිමා වෙන අතර අනෙක් තරගය විසඳුමක් නැති තරගයක් සේ නම් කෙරෙනවා.

මෙම අවුරුද්දේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගාවලියෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වෙන්නේ තරග 1-4ක පරාජයක්. එසේ වූවත් සිම්බාබ්වේ දී පැවති බටහිර ඉන්දීය කොදෙව්වන් ද සහභාගී වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

නිමා වෙන මෙම වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 19කට සහභාගී වෙමින් ඉන් ජයග්‍රහණය කරනුයේ තරග 6ක් පමණයි. තරග 9ක් පරාජය වෙමින් ද තරගයක් ලකුණු සම කිරීමෙන් ද තරග 3ක් විසඳුමක් නැතිව ද නිමා කර තිබේ. පරාජිත තරග අතුරින් එක්දින ශ්‍රේණිගත කිරීමේ ඉහළින් වැජඹෙන රටවල් සිටින අතර ජයග්‍රහණය කර ඇත්තේ අනෙකුත් රටවල් සමඟ වූ තරග බැව් මේ කාලසටහන පෙන්වයි.

එරෙහි කණ්ඩායම තරග ජය පරාජ සම වූ වි. නැති
නවසීලන්තය 2 0 1 0 1
අයර්ලන්තය 2 2 0 0 0
එංගලන්තය 5 0 3 1 1
ඕස්ට්‍රේලියාව 5 1 4 0 0
සිම්බාබ්වේ 3 2 0 0 1
බටහිර ඉන්දීය කොදෙව් 2 1 1 0 0
එකතුව 19 6 9 1 3

 2017 

ක්‍රම ක්‍රමයෙන් පරාජයන් හී අගය වැඩි කර ගන්නා ශ්‍රී ලංකා වාර්ෂික කාලසටහනේ වඩාත් අවාසනාවන්තම වසර ලෙසින් 2017 හැදින්විය හැකියි. මෙම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 29කට සහභාගී වෙන අතර ඉන් තරග 23ක් ම පරාජය වෙනවා. ජයග්‍රහණය කරන්නේ තරග 5ක් පමණයි. තවත් තරගයක් විසඳුමකින් තොරව අවසන් කරනවා. ජයග්‍රහණය කර ඇත්තේ බංග්ලාදේශය (01) ඉන්දියාව (02) සහ සිම්බාබ්වේ (02) එරෙහිව ය.

වඩාත් අවාසනාව වන්නේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය සමඟින් පැවති තරගාවලිය 0-5කින් පරාජය වීමයි. 2014 වසරේ දී ද ඉන්දීය කණ්ඩායම වෙතින් තරග 5-0ක පරාජයක් ලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කට කැඩිච්ච කතා අහන්නේ ද මේ තරග පරාජයත් සමඟයි. අනෙක් අතට මෙම අවුරුද්දේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙතින් ද ඉතිහාසයේ ප්‍රථම වතාවට තරගාවලියක් පරාජයක් වීමට අපේ කණ්ඩායමට සිදු වෙනවා.  

එරෙහි කණ්ඩායම තරග ජය පරාජ සම වූ වි. නැති
දකුණු අප්‍රිකාව 6 0 6 0 0
බංග්ලාදේශය 3 1 1 0 1
ඉන්දියාව 9 2 7 0 0
පාකිස්තානය 6 0 6 0 0
සිම්බාබ්වේ 5 2 3 0 0
එකතුව 29 5 23 0 1

 2018 

ගෙවී යන වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ දක්වා සහභාගී වී ඇත්තේ තරග 8කට පමණක් වන අතර ඉන් තරග 5ක් පරාජය වී තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. මේ තරග සංඛ්‍යාවට මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින දකුණු අප්‍රිකා සංචාරයේ තරග 3 ද අයත්.

වසර ආරම්භ වෙන්නේ බංග්ලාදේශයේ පැවති සිම්බාබ්වේ කණ්ඩායම ද සහභාගී වූ තුන්කොන් එක්දින තරගාවලියකින්. එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළමු තරගයෙන් ම හිමි වෙන්නේ පරාජයක්. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට. ඊට පසුව බංග්ලාදේශය සමඟ පැවති තරගයේ ප්‍රතිඵලය ද ඒ ආනිශංසම ලබනවා. පළමු වටයේ පැවති අනෙක් තරග දෙක ජයග්‍රහණය කරමින් අවසාන තරගය ද ජය ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලි ශූරයන් ද වෙනවා. 

එකී ජයග්‍රාහී කණ්ඩායම ම මේ වෙද්දී දකුණු අප්‍රිකාව වෙතින් පිට පිට තරග 3ක් පරාජය වී සිටිනවා.

එරෙහි කණ්ඩායම තරග ජය පරාජ සම වූ වි. නැති
සිම්බාබ්වේ 2 1 1 0 0
බංග්ලාදේශය 3 2 1 0 0
දකුණු අප්‍රිකාව 3 0 3 0 0
එකතුව 8 3 5 0 0

මේ පෙනෙන චිත්‍රයට ක්‍රිකට් ක්‍රීඩාවට සැබෑවට ම ආදරය කරන කිසිවෙකුත් කැමති නැහැ. නමුත් මතුව පවතින සත්‍යය යටපත් කරන්නත් බැහැ. මේ පරාජයන් හී අවසානයක් තිබිය යුතුයි. ඊට හේතූන් සෙවිය යුත්තේ මෑත අතීතයෙන්.

පසුගිය අවුරුදු 5 දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 113කට සහභාගී වෙලා තිබෙනවා. ඉන් තරග 46ක් ජයග්‍රහණය කරද්දී පරාජය වූ තරග සංඛ්‍යාව 61ක්. හිඟ තරග සංඛ්‍යාව, සම වූ සහ අතහැර දැමූ තරග ගොන්නට වැටෙනවා. දැන් ඕනම කෙනෙක්ට මේ පරාජයන් හී පූර්ව සහ අපර සන්ධීන් ගලපා ගන්න පුළුවන්.

2014 වසරෙ දී ඉතා ම ඉහළින් සිටි අප මේ වෙද්දි සිටින තැන කොතැන ද? එම වසරෙ දී අපි ජයග්‍රහණයන්ගෙන් ඉදිරියෙන් සිටිනවා. නමුත් එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් අපි වැඩි දියුණු කරගෙන තිබෙන්නේ පරාජයන්. ඒ අනුව අපේ එක්දින තරග සංඛ්‍යාව මේ වෙද්දී මේ වසර 5ට ප්‍රස්තාර ගත කරනවා නම් කඩා වැටෙන දිය ඇල්ලක් වගේ වේවි. දිය ඇල්ල ලස්සනයි. නෙතට ප්‍රියයි. ඒත් මේ කියන්නේ ඒ, “ලස්සන” ගැන නෙමේ “කඩා වැටීම” ගැන. කඩා වැටීමේ දී යටින් දිවෙන නොපෙනෙන භයානකත්වය ගැන.

මේ කඩා වැටීමේ දී කාට කාටත් වගකීමක් තියෙනවා, කණ්ඩායම ඉන් මුදවා ගැනීමේ සටනට උර දෙන්න. එතැනදි ලොකු පොඩි භේදයක් නැහැ. ඉතිං ඊට පිළියම් සෙවිය යුත්තේ ද කණ්ඩායම තුළින් ම තමයි. මෙතැන දී ක්‍රීඩකයන් වගේම පාලකයන් ද එක පෙළට සිටගත යුතු වෙනවා. මෙතෙක් වූ මේ සිද්ධිදාමයට වූ බලපෑම කොතැනදැයි හඳුනා ගැනීම කාගේත් වගකීමක්. ඒ වගේම ඊට ප්‍රතිකාර කිරීමත් කාගෙ කාගේත් වගකීමක්. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගකීමෙන් වෙන වෙනස ගැන.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<