මනෝජ් සහ ශිරාන් මහ වැසි මැද දක්ෂතා අතරට

61

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවති තරග සියල්ලම වර්ෂාව විසින් බිළිගනිද්දී මනෝජ් සරත්චන්ද්‍ර සහ ශිරාන් ප්‍රනාන්දු දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. 

විශ්ව චතුරංගගෙන් වටිනා පිතිකරණයක්

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගකාරී ක්‍රිකට්…

ජෝන් කීල්ස් (A) සහ හේලීස් 

කොළඹ 7, වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතරමග නතර වූවද මනෝජ් සරත්චන්ද්‍රගේ ඉනිම කැපී පෙණුනි.  

පිටියේ පැවති අයහපත් වාතාවරණය මත තරගය පස්වරු 12.00ට පමණ ආරම්භ වූයේ පන්දුවාර 40කට සීමා වෙමිනි. ඒ අනුව කාසියේ වාසිය දිනූ ප්‍රතිවාදී හේලීස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා සිටිය හ.  

Photos: Hayleys Group vs JKH – A | 27th Singer-MCA Premier League 2020

එම ඉනිම වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. තරගය තීරණයකින් තොරව නිමා විය.

ජෝන් කීල්ස්  (A) කණ්ඩායම; කඩුලු 6ක් දැවී 188 (36.5) මනෝජ් සරත්චන්ද්‍ර 71, දිමුත් කරුණාරත්න 37, ජෙහාන් ඩැනියෙල් නොදැවී 20, චතුරංග ද සිල්වා 3/45

නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් …

LB ෆිනෑන්ස් සහ සම්පත් බැංකුව 

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී LB ෆිනෑන්ස් ක්‍රීඩකයන්ට පෙර තරගයේ දී පෑ දක්ෂතා පෑමට සම්පත් බැංකු ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. කාසියේ වාසිය දිනූ සම්පත් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කරමින් එම ඉනිම පන්දු වාර 32කට සීමා කළේය. ඒ වෙද්දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 139ක් පමණි. 

LB ෆිනෑන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෂෙහාන් ජයසූරිය ය. ඔහු ලකුණු 30ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දුශ්මන්ත චමීර සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3 බැගින් ලබා ගත්හ. 

Photos: LB Finance vs Sampath Bank – 27th Singer-MCA Premier League 2020

ලකුණු 140ක ජයග්‍රාහී පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සම්පත් බැංකු ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ලැබුණේ පන්දුවාර 14ක් පමණි. කඩුලු 4ක් දැවී ලකුණු 51ක් වෙද්දී ක්‍රීඩාංගණයට වට වැස්ස තරගය සම්පූර්ණයෙන් ම නතර කර දැමුණේය. ඒ වෙද්දී දැවී ගිය කඩුලු 4ම දවා ගැනීම දකුණතින් වේගපන්දු යැවී ශිරාන් ප්‍රනාන්දු සමත් වීම කැපී පෙණුනි.  

LB ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 139 (32) ෂෙහාන් ජයසූරිය 30, ලහිරු උදාන 20, දුශ්මන්ත චමීර 3/31, මාලින්ද පූෂ්පකුමාර 3/35

සම්පත් බැංකු කණ්ඩායම; කඩුලු 4ක් දැවී 51 (14) ශිරාන් ප්‍රනාන්දු 4/13

ප්‍රබලයින් සිටියත් ක්‍රීඩාවේ උද්යෝගය පවත්වා ගන්නා සිංහ දස්කම්

2019 ලෝක කුසලාන ශූරයන් වූයේ එංගලන්තයයි. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම…

MAS යුනිචෙලා සහ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගය පැවැත්වීමට හැකි වූයේ පන්දුවාර 45ක් පමණි. ඒ වෙද්දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS යුනිචෙලා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 178ක් ලබා සිටියහ. 

Photos: MAS Unichela vs Sri Lanka U19 – 27th Singer-MCA Premier League 2020

එහි වැඩිම ලකුණුලාභියා ලෙස ලහිරු මධුශංක ලකුණු 36ක් ලබා සිටි අතර පන්දු යැවීමේ දී අම්ෂි ද සිල්වා සහ අවිශ්ක ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගෙන තිබුණි. 

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 9ක් දැවී 178 (45) ලහිරු මධුශංක 36, නිරෝෂන් දික්වැල්ල 30, ලහිරු ජයරත්න 25, ප්‍රියමාල් පෙරේරා 23, අම්ෂි ද සිල්වා 3/18, අවිශ්ක ලක්ෂාන් 3/30

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<