නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

90

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (15) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

ගුරුකුලේ රිසිත, බණ්ඩාරනායකවරුන් අමාරුවේ දමයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ තරග 2ක් අද (14) ආරම්භ….

දෙවන දිනයට පැවැත්වූ තරග 

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය (Group C) 

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී ඊයේ (14) ආරම්භ වූ මෙම තරගය නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් අවසන් විය.

දෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 10ක් ලබා සිටි නමුත් දෙවන දිනයේ පළමු පැය කිහිපය තුල තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම ලකුණු 125කට සීමා කිරීමට දිනෙත් සමරවීර ඇතුළු නාලන්දා විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ. 

තර්ස්ටන් විද්‍යාලය ලකුණු 125ක් වාර්තා කරගත්තේ නාලන්දා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 184ට පිළිතුරු ලෙසිනි. කෙසේ නමුත් දෙවන දිනයේ දීද විටින් විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා ඉනිම වෙනුවෙන් රශාන් දිසානායක අර්ධ ශතකයක් වාර්තා කළේය. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේය. රශාන්, රනිඳු ද සිල්වා සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් එක් කිරීමට ද දායක වුණි.

නාලන්දා විද්‍යාලය – 184 (54.3): රශාන් දිසානායක 61, චනුල් අතුකෝරල 35, මහීම වීරකෝන් 30, රනිඳු ද සිල්වා 22, පුන්තිල කුමාර 4/40, දනංජ ප්‍රසාද් 2/15, බවන්ත ජයසිංහ 2/26, බිමර රණතුංග 2/78. හා 6/1 (1.5):

තර්ස්ටන් විද්‍යාලය – 125 (51.2): ප්‍රසන්න පුෂ්පකුමාර 27, තිනෙත් ප්‍රබුද්ධ 24, දිනෙත් සමරවීර 4/28, චනුල අතුකෝරල 3/17, සජිත විතානගේ 3/23.

සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් හමුවේ රාජකීයයන් පසුබසී

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…..

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය 

බුලත්සිංහල ආරොන්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී බණ්ඩාරනායකවරුන් සතු කළේය. ඒ අනුව පිටියට පිවිසි බණ්ඩාරනායක විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 40කට සීමා කිරීමට ගුරුකුල පන්දු යවන්නෝ සමත් වූහ. 

එහි දී වමතින් දඟපන්දු යවන රිසිත සංකල්ප ලකුණු 4කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. රිසිත මේ වෙනුවෙන් යවනු ලැබුවේ පන්දුවාර 8.1ක් වන අතර ඉන් පන්දුවාර 4ක්ම නිලකුණු පන්දුවාර විය. ඔහුට අමතරව තුෂාර මධුශංක සහ ප්‍රවීන් නිමේෂ් කඩුල් 2 බැගින් දවා ගත්හ. 

දෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට සත්කාරක ගුරුකුල විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලබාගෙන සිටියේය. තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දෙවන දිනයේ පළමු පැය කිහිපය තුල ඔවුන් ඉතාමත් හොඳ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දෙන ලදි. 

අවසානයේ ලකුණු 103ක පළමු ඉනිමේ වාසියක් ලබාගත් ගුරුකුල විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි. ප්‍රවීන් නිමේෂ් හා සිතිජ චමෝද් පිළිවෙළින් ලකුණු 28*ක් හා ලකුණු 27ක් ලබා ගත්තේය.

ගුරුකුල විද්‍යාලයට තරගය ජය ගැනීමට වැඩි  අවස්ථාවක් තිබූ නමුත් තරගයේ අද දිනයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා එම ජයග්‍රහණය ලබාගැනීමට ඔවුන්ට නොහැකි විණි. 

බණ්ඩාරනායක විද්‍යාලය – 40 (25.1): රිසිත සංකල්ප 5/04, තුෂාර මධුශංක 2/10, ප්‍රවීන් නිමේෂ් 2/16 සහ 64/4 (25): සිතිජ සිල්වා 20*.

ගුරුකුල විද්‍යාලය –  143/5d (36.3): ප්‍රවීන් නිමේෂ් 28*, සිතිජ චමෝද් 27, රශ්මික මෙවන් 23, කෙමිර නයනතරු 22, දිනෙත් කුමාරසිංහ 4/49

නව කාන්තා T20 තරගාවලියකට ICCයෙන් අනුමැතිය

ඊයේ (15) පැවැත්වුණු ICC විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ගන්නා ලද තීරණ…..

පළමු දිනයට පැවැත්වූ තරග 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 149/7 (45): සහන් පෙරේරා 37, තිලින පෙරේරා 27, නිදුක මල්සිත් 3/31.


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

වේල්ස් කුමාර විදුහල් පිටියේ දී පැවැත්වෙන මේ සුහද තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

වේල්ස් කුමර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 152/7 (53.2): විනුජ රන්පුල් 73, පසිඳු පැතුම් 33, මුදිත ලක්ෂාන් 3/43.


ආනන්ද විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය 

වෙස්ලි විදුහල් පිටියේ දී පැවැත්වෙන මේ සුහද තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මේ තරගය A කාණ්ඩයේ තරගයකි.

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 97/8 (39): නිම්තක අධිකාරි 2/15, සිදත් ධර්මසිරිවර්ධන 2/26.

පළමු දිනයට පැවති තරග සියල්ලම හෙට දෙවැනි දිනටත් (16) ක්‍රියාත්මක වීමට නියමිත ය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<