මතීෂට ආබාධයක්!

IPL 2024

67

මෙවර IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටින අතරතුර මස් පිඬු ආශ්‍රිත ආබාධයකට ලක් වීම නිසා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මෙවර තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායම නියෝජනය කරමින් තරග 6ක් ක්‍රීඩා කල මතීෂ එහි දී කඩුලු 13ක් දවා ගැනීමට සමත් වී සිටියා.

ඇති වී ඇති ආබාධ තත්වයෙන් සුවය ලැබීමට ඔහු ඉක්මනින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවයි Chennai Super Kings නිල වෙබ් අඩවිය විසින් වාර්තා කරන්නේ.

2024 IPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<