යලිත් වැරදුනු පිත්තේ මානය

431
Rangana Herath
රංගන හේරත් විසින් ලබා ගත් 300 වැනි කඩුල්ලේ සතුට සමරණ ශ්‍රී ලංකා කණ්ඩායම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පෙරේදා (27) ආරම්භ  වූ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ (28) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී පැවැත්විණි . තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 310 ක් ලබා සිටින ලදි.

තරගයේ දෙවන දිනයේ ආරම්භක වේලාවේ පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගේ ග්‍රහනයෙන් මිදුණු මොයින් අලී දැඩි ප්‍රහාරයක් දියත් කරන ලදි. කෙසේ වෙතත් ඊයේ දිනයේ දී එංගලන්ත කණ්ඩායම තම පළමු ඉණිම පන්දුවාර 132කදී  කඩුලු 9ක් දැවී ලකුණු 498ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. රංගන හේරත් තම 300 වන කඩුල්ල ලෙස ස්ටීවන් ෆින්ව දවාලීමට සමත් වූයේ තමාම උඩ පන්දුව රැකගනිමින් වීම විශේෂ සිදු වීමක් විය. නොදැවී ක්‍රීඩා කල මොයින් අලී 4 පහරවල් 17ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 155ක් සටහන් කර ගන්නා ලදි. ක්‍රිස් වෝක්ස් 4 පහරවල් 6ක් සමඟ ලකුණු 39කින් එංගලන්ත පිලේ ලකුණු පුවරුව සවිමත් කරන ලදි.

පසුගිය ලිපි: රංගන ගේ රැගුම් අැරඹෙයි, හේල්ස් නිසා එංගලන්තය ප්‍රභල තැනක

අනතුරුව තම පළමු ඉණිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට දිමුත් කරුණාරත්නට හා කෞෂාල් සිල්වා නොහැකි විය. ලකුණු 44ක් වන විට ඔවුන් දෙදෙනා ක්‍රීඩාගාරයේ පෙනෙන්නට සිටින ලදි. ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ට වඩා දක්ෂ ලෙස පිත්ත තරමක් දුරට හෝ හැසරවූ යොවුන් කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් ලබා සිටියදී දැවී යන ලදි. එයින් අනතුරුව යළිත් වෙනදා මෙන් මැද පෙලේ දුර්වල බව පෙනෙන්නට විය.

දෙවන දිනය නිමා වන විට නොදැවී ක්‍රීඩා කරන ළහිරු තිරිමාන්න ලකුණු 12ක් හා සුරංග ලක්මාල් නොදැවී ලකුණු 0ක් ලබා සිටි අතර පන්දුවාර 40ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 91ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසුවිය.

පසුගිය ලිපි: බ්‍රෝඩ්ගෙන් තවත් අනතුරු ඇගවීමක්

එංගලන්ත කණ්ඩායම පළමු ඉණිම 498 9dec (132) මොයින් අලී ලකුණු 155*, ඇලෙක්ස් හේල්ස් ලකුණු 83, ජෝයි රෑට් ලකුණු 80, ජොනාතන් බෙයාර්ස්ටොවු ලකුණු 48

නුවන් ප්‍රදීප් ලකුණු 107 කඩුලු 4, සුරංග ලක්මාල් ලකුණු 115කට කඩුලු 2, මිලින්ද සිරිවර්ධන ලකුණු 35කට කඩුලු 2

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම (2වන දිනය නිමා වනවිට) 91-08 (40) – කුසල් මෙන්ඩිස් ලකුණු 35, කෞෂාල් සිල්වා ලකුණු 13, රංගන හේරත් ලකුණු 12, ළහිරු තිරිමාන්න ලකුණු 12*

ක්‍රිස් වෝක්ස් ලකුණු 9කට කඩුලු 3, ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 35කට කඩුලු 3

අද (29) තරගයේ තෙවන දිනයයි.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න