ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි ජයග්‍රහණයත් ලබා ගැනීමට Negombo කණ්ඩායම (5) සමත් වුණා. ඔවුන් United Southern කණ්ඩායමට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම කඩඉමට පිවිසියා.
ඒ අනුව ඔවුන් තරගාවලියේ 5 වැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ සිව් වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය අපරාජිත SSC කණ්ඩායම සතු වෙනවා.
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැති Negombo කණ්ඩායම සහ United Southern අතර තරගයේ දී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් United Southern ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 156ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Negombo ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 220ක් ලබා ගත්තා.
ලකුණු 66ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි United Southern ක්‍රීඩකයෝ එම ඉනිමට රැස් කළේ ලකුණු 133ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණ වෙනුවෙන් ලකුණු 68ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි Negombo කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
- වරුන් ඉමේෂාන් කඩුලු ත්රිත්වයක් ලබා ගනී
- අභිශේක්, රශ්මික සහ අමිත් ශතක වාර්තා කරයි
- ගයාන් සහ අදීශ දක්ෂතා දක්වයි
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
තරගයේ කෙටි ලකුණු පුවරුව
- United Southern CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (61.3) කවිඳු එදිරිවීර 44, පෙසඳු සංජන 34, ශෙශාන් ප්‍රනාන්දු 2/37, අමිත් සංදීප පෙරේරා 4/21, දනුශ්ක සඳරුවන් 3/43
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (69.2) කවීන් ප්‍රනාන්දු 37, උමේෂ් ලක්ෂාන් 58, දිමුත් සඳරුවන් 29, හංසජ හිරුන 22, හිමල් රවිහංස 3/83, ධනෝෂ් ද සිල්වා 5/39
- United Southern CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (43.0) ඩිල්ශාන් කාංචන 33, සසංක නිර්මාල් පෙරේරා 25, දනුශ්ක සඳරුවන් 2/30, වරුන් ඉමේෂාන් 4/42, ඇන්ජලෝ ජයසිංහ 4/42
- Negombo CC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 73 (14.0) කේශාන් වන්නිආරච්චි නොදැවී 35, පසිඳු තිරිමාවඩු 23,
Negombo කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















