සජිත් ප්‍රනාන්දු ඇතුළු 4ක් ඇමරිකානු සංචිතයකට

වයස අවුරුදු 50 ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023

3915
Masters Cricket USA proudly Announces

වයස අවුරුදු 50 ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා තරග වදිනු ලබන ඇමරිකා එක්සත් ජනපද සංචිතය ඊයේ (10) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ අතර එයට ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් ඇතුළත් වීම විශේෂත්වයක්.

මේ තරගාවලිය සඳහා ඇමරිකානු එක්සත් ජනපද කණ්ඩායමක් එක්වන පළමු අවස්ථාව මෙය වන අතර, සජිත් ප්‍රනාන්දු, සංජීව වීරසිංහ, අජිත් ජයසිංහ සහ ජීවක වීරසිංහ යන ක්‍රීඩකයින් මේ සංචිතයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙනවා.

>>WATCH – “ලකුණු 10,000ක් ගහලා රටට ගහපු නැති එකම ක්‍රීඩකයා මම” – සජිත් ප්‍රනාන්දු – Nodutu Minisa – 04<<

තෙවැනි වරට පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, වේල්සය, නැමීබියාව, සිම්බාබ්වේ, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව යන රටවල් 14 කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.

2018 වසරේ දී සහ 2020 වසරේ දී පැවැත්වුණු ලෝක කුසලාන දෙකේ දී ම එහි ශූරතාවය දිනා ගන්නට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

මෙම ලෝක කුසලානය සඳහා තරග වදිනු ලබන ඇමරිකා එක්සත් ජනපද සංචිතය: Ajith Jayasinghe, Ayaz Sheikh, Chintan Patel, Fazal Alam, Humayun Bashir, Jeevaka Weerasinghe, Majeed Mohammed, Mohsin Khan, Parak Ananta (C), Rafey Kazi, Sajith Fernando, Sanjay Pandya, Sanjeewa Weerasinghe (VC), SP Chhabra, Syed Shahanawaz, Zubair Hussain

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<