නිල්ෆර් ගෙදර යයි!

142

ආදි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෙක් වන නිල්ෆර් ඊබ්‍රහීම් එළඹෙන රග්බි තරගාවලිය සඳහා සාන්ත ජෝසප් විදුහලින් ඉවත් වී මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ පුහුණුකරු ලෙස එක්වී ඇත.

විද්‍යා විදුහල ගොඩගන්න අලුත් කෙනෙක්!

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය මෙන්ම….

පාසල් රග්බි පිටියේ දී ප්‍රථමයෙන් කිංග්ස්වුඩ් විදුහල වෙනුවෙන් පුහුණුකරු ලෙස කටයුතු කළ අතර තම පාසල වෙත වගකීම් සම්භාරයක් ඉටු කරමින් පිට පිට දෙවතාවක් කිංග්ස්වුඩ් විදුහලට අනුශූරතාව දිනා දුන්නේය. 

පසුව ත්‍රිත්ව විදුහල, ඉසිපතන විදුහල හා සාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් ද, ක්‍රීඩා සමාජ රග්බි පිටියේ දී නාවික හමුදා සමාජය වෙනුවෙන් හා යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද පුහුණුකරු ලෙස කටයුතු කරමින් අත්දැකීම් ලබා ගත්තේය.

19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය නුවරට!

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සැප්තැම්බර් මස 21 හා 22 යන දෙදින තුළ දී…

ඊට අමතරව ත්‍රිත්ව විද්‍යාලයට බ්‍රැඩ්බි කිරුල හිමි කර දෙමින් ද 2014 දී ඉසිපතනයට ත්‍රිත්ව ශූරතාවයත්, 2016 දී ඉසිපතනයට දිවිත්ව ශූරතාවයත් දිනා දෙන්නට ඔහු පුරෝගාමී විය.

එසේම ඔහු පසුගිය වසර දෙකේ දී පුහුණුකරු ලෙස කටයුතු කළ සාන්ත ජෝසප් විදුහල ද නව මානයකට ගෙනෙමින් සාන්ත ජෝසප් විදුහල ද දක්ෂතා අතරින් උපරිම ස්ථානයකට රැගෙන යාමට කටයුතු කළේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<