Angelo Mathews

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් සටනේ, එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය, ඉනිමක් අතැතිතව සහ ලකුණු  88කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (21) සමත් වුණි .

මෙම පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරඟයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පලකළ අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ

පරාජය ගැන කණගාටුවට පත් වෙනවා. මෙම එංගලන්ත ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රීඩා කිරීම ඉතා අපහසු කාර්යයක්. විශේෂයෙන්ම මෙම පවතින තත්වයන් යටතේ. ජිමී  ඇන්ඩෙර්සන් නැවත වතාවක් ඔහුගේ ප්‍රභලත්වය මැනවින් ප්‍රදර්ශනය කරා. මේ අතර ස්ටුවර්ටුත් හොඳින් ක්‍රීඩා කළා.”

අපේ පිතිකරුවන් සියල්ලම පළමු ඉනිමේ ලකුණු අතරට එන්න අපොහොසත් වුනා. දෙවැනි ඉනිමේත් එලෙසමයි. පන්ඳු යැවීමේදීත් අපි මුල් කඩුලු 5 ලකුණු 80වකදී දවා ගත්තත්, පසුව උඩ පන්ඳු කීපයක් ගිලිහී ගියා. ජොනී ඉතා හොඳ පිති හරඹයක නිරත වුනා.

පළමු ඉනිමේ අපිට හොඳ ලකුණු සීමාවක් ගන්න ලැබුණේ නෑ. ලකුණු 90 ටෙස්ට් තරඟය කදී  එතරම් හොඳ ලකුණු ප්‍රමාණයක් නෙමයි.

ඉදිරි තරඟ සඳහා පුහුණු වීමට අපට දින කීපයක් තියෙනවා. අප කණ්ඩායම එකතු වෙලා උපක්‍රම ගැන කතා කරනවා. ඉදිරි තරඟ වලට හොඳින් මුහුණ දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ 

යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන ලදි. දෙරට අතර මීළඟ ටෙස්ට් තරඟය මැයි මස 27 සිට 31 දක්වා එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න