Home Sinhala පෙරළිකාර Falcons හමුවේ ගියවර ශූරයින් පරාජයට

පෙරළිකාර Falcons හමුවේ ගියවර ශූරයින් පරාජයට

ලංකා ප්‍රිමියර් ලීග් 2022

295
Image Credits - Sri Lanka Cricket

2022 LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මකම තරගයක් අද (10), වත්මන් ශූරයින් වන Jaffna Kings සහ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින Kandy Falcons අතර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

මේ තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබා ගන්නට Kandy Falcons සමත් වුනේ සිය අපරාජිත බව තවදුරටත් රැකගනිමිනුයි.

කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයග්‍රහණය කරමින් අපරාජිතව මේ තරගයට අවතීර්ණ වූ අතර කාසියේ වාසිය දිනූ Kandy Falcons පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

Jaffna Kings – Sadeera Samarawickrama (wk), Avishka Fernando, Rahmanullah Gurbaz, Dhananjaya de Silva, Thisara Perera (c), James Fuller, Shoaib Malik, Maheesh Theekshana, Vijayakanth Viyaskanth, Dunith Wellalage, Zaman Khan

Kandy Falcons – Pathum Nissanka, Andre Fletcher (wk), Kamindu Mendis, Ashen Bandara, Fabian Allen, Carlos Brathwaite, Wanindu Hasaranga (c), Chamindu Wijesinghe, Isuru Udana, Zahoor Khan, Ashian Daniel

තරගාවලියේ 6 වැනි තරගය සහ පල්ලෙකැලේ දී පැවැත්වූ පළමු තරගය වූ මේ තරගයේ දී Jaffna ඉනිම ආරම්භ කළ Gurbaz සහ අවිශ්ක පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 25ක් තුල ලකුණු 38ක සබඳතාවයක් ගොඩනැංවූවා. 4 පහර 3ක් සමඟ පන්දු 13ක දී ලකුණු 15ක් ලබා ගත් Gurbaz ඉනිමේ පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට Allen සමත් වුනා.

ඉන්  අනතුරුව අංක 3 පිතිකරු ලෙස ධනංජය (ලකුණු 10) සහ අංක 4 පිතිකරු ලෙස සධීර (ලකුණු 14) පිටියට පැමිණි නමුත් ඔවුන් දෙදෙනාටම සැලකිය යුතු මට්ටමක සාර්ථකත්වයක් ළඟා කරගන්නට හැකි වුනේ නැහැ.

පළමු කඩුලු 4 දැවී යන තෙක් මුල්පෙළ පිතිකරුවෙක් ලෙස ඉනිම ස්ථාවර කළ අවිශ්ක Jaffna ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 26ක් තුල 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 31ක් ලබා ගත්තා.

ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනැංවූ Malik සහ වෙල්ලාලගේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33ක් තුල වේගවත් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කළා.

කෙසේ නමුත් වෙල්ලාලගේ 125/5 දී දැවී ගිය අතර Malik ලකුණු 28ක් ලබා ගත්තේ 4 පහර 2ක් එල්ල කරමින්.

අවසානයේ දී Jaffna කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 147ක්. පන්දු යැවීමේ දී Allen, වනිඳු සහ උදාන කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා යන ගමන සඳහා Falcons ආරම්භය සනිටුහන් කළ නිස්සංක සහ Fletcher පන්දු 15ක් තුල ලකුණු 18ක සබඳතාවයක් ගොඩනැංවූවා.

නිස්සංක පන්දු 24ක් තුල 4 පහර 2ක් එල්ල කරමින් ලකුණු 29ක් ලබාගෙන දස්කම් දක්වන විට, අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ කමිඳු පන්දු 9ක් තුල වේගවත් ලකුණු 19ක් රැස්කළා. ඒ 4 පහර 4ක් එල්ල කරමින්.

පන්දුවාර 14කුත් පන්දුවක් අවසන් වන විට ලකුණු 96/6ක් ලෙස Flacons ලකුණු සටහන තරමක් පසුපසට තල්ලු වුනු අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් බණ්ඩාර සමඟ එක්වූ චාමික පන්දු 30ක් තුල ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය තීරණාත්මක තැනකට රැගෙන ආවා.

පන්දු 39ක දී 4 පහර 3ක් සමඟ නොදැවී ලකුණු 44*ක් ලබා ගත් බණ්ඩාර පිටියෙන් ඉවත්ව ගිය පසුව (retired out) උදාන සමඟ එක්වූ චාමික Falcons අපරාජිත බව තවදුරටත් රැකදෙන්නට සමත් වුනා.

Fuller ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරය තුල ලකුණු 12ක් ලබා ගන්නට Falcons ක්‍රීඩකයින්ට නියමිතව තිබුණු අතර මීට පෙර පැවති තරගයේ දී මුහුණ දුන් අනපේක්ෂිත අනතුර (පන්දුවක් මුහුණේ වැදීමෙන් දත් 4ක් කැඩී යෑම) පසෙකලා සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ චාමික අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකටම 6 පහර දෙකක් එල්ල කරමින් නැවතත් තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට නතු කළා.

අවසානයේ දී ඔහු සහ උදාන එම ඉලක්කය සාර්ථකව පසුකළ අතර චාමික පන්දු 16ක් තුල නොදැවී ලකුණු 26*ක් ලබා ගත්තේ 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්. 

අවසන් පන්දුව දක්වා ඇදී ගිය මේ තීරණාත්මක සහ උණුසුම් තරගයේ දී Jaffna Kings වෙනුවෙන් වෙල්ලාලගේ ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා. 

Jaffna Kings –  147/7 (20) අවිශ්ක ප්‍රනාන්දු 31, Shoaib Malik 28, Fabian Allen 2/23, වනිඳු හසරංග 2/26, ඉසුරු උදාන 2/32.

Kandy Falcons – 148/7 (20) අශේන් බණ්ඩාර 44*, පැතුම් නිස්සංක 29, චාමික කරුණාරත්න 26*, දුනිත් වෙල්ලාලගේ 2/17

  • තරගයේ වීරයා – චාමික කරුණාරත්න (Kandy Falcons)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Kandy Falcons
148/6 (20)

Jaffna Kings
147/7 (20)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Fabian Allen 16 13 3 0 123.08
Avishka Fernando c Zahoor Khan b Wanidu Hasaranga 31 26 4 0 119.23
Dhananjaya de Silva lbw b Wanidu Hasaranga 10 14 1 0 71.43
Sadeera Samarawickrama b Fabian Allen 14 12 2 0 116.67
Shoaib Malik c Chamika Karunaratne b Isuru Udana 28 24 2 0 116.67
Dunith wellalage c Chamika Karunaratne b Zahoor Khan 20 18 1 1 111.11
Thisara Perera not out 8 6 1 0 133.33
James Fuller c Ashen Bandara b Isuru Udana 4 3 0 0 133.33
Vijayakanth Viyaskanth not out 3 4 0 0 75.00


Extras 13 (b 4 , lb 1 , nb 0, w 8, pen 0)
Total 147/7 (20 Overs, RR: 7.35)
Bowling O M R W Econ
Zahoor Khan 4 0 28 1 7.00
Carlos Brathwaite 2 0 19 0 9.50
Isuru Udana 4 0 32 2 8.00
Fabian Allen 4 0 23 2 5.75
Wanidu Hasaranga 4 0 26 2 6.50
Kamindu Mendis 2 0 14 0 7.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Sadeera Samarawickrama b Dunith wellalage 29 24 2 0 120.83
Andre Fletcher c Avishka Fernando b Zaman Khan 11 11 2 0 100.00
Kamindu Mendis c Sadeera Samarawickrama b James Fuller 19 9 4 0 211.11
Ashen Bandara not out 44 39 3 0 112.82
Wanidu Hasaranga b Dunith wellalage 6 10 0 0 60.00
Fabian Allen c Thisara Perera b Vijayakanth Viyaskanth 0 3 0 0 0.00
Carlos Brathwaite c & b 3 6 0 0 50.00
Chamika Karunaratne not out 26 16 2 2 162.50
Isuru Udana not out 1 2 0 0 50.00


Extras 9 (b 2 , lb 4 , nb 0, w 3, pen 0)
Total 148/6 (20 Overs, RR: 7.4)
Bowling O M R W Econ
Thisara Perera 1 0 6 0 6.00
Mahesh Theekshana 4 0 29 1 7.25
Zaman Khan 3 0 36 1 12.00
James Fuller 4 0 35 1 8.75
Vijayakanth Viyaskanth 4 0 19 1 4.75
Dunith wellalage 4 0 17 2 4.25