පන්දු 100 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 24ක්

220

එළඹෙන වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “The Hundred” ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 24 දෙනෙකු ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වේ. තරගාවලියේ වැඩිම ලංසු මුදලක් නියම වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් වී ඇත.

මාලිංග එංගලන්තයට

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග….

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වන අතර එම කණ්ඩායම් හි තරග කරනු ලබන ක්‍රීඩකයින් මේ මස 20 වැනිදා තෝරාගැනීමට නියමිතය. තරගාවලිය 2020 මාසයේ ජූලි මස ආරම්භ වේ.

මාලිංගට අමතරව යෝජිත වැඩිම ලංසුව වන ස්ටර්ලිං පවුම් 125,000ක මිලක් නියම කර ඇති සෙසු ක්‍රීඩකයින් අතරට ඩේවිඩ් වෝර්නර් (ඕස්ට්‍රේලියාව), ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව), මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව), ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) හා කගීසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) තේරී පත්ව ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හා ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙක් වන කුසල් පෙරේරා ද ස්ටර්ලිං පවුම් 75,000ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 174) අවම ලංසු මුදලක් සඳහා යෝජනා වී තිබේ.

එසේම ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් නායකයෙක් වන මහේල ජයවර්ධන එංගලන්ත ‘The Hundred’ ක්‍රිකට් තරගාවලිය සඳහා තරග කරනු ලබන Southampton කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. Southampton කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් කටයුතු කරන අතර කණ්ඩායමේ සභාපති ලෙස මාර්ක් නිකලස් නම් කර තිබෙනවා.

මුරලි, බ්‍රෙට් ලී, තෙන්දුල්කාර් නැවතත් ක්‍රිකට් වලට?

සචින් තෙන්දුල්කාර්, බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා වැනි ලෝක ක්‍රිකට්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබෙන ශ්‍රී ලාංකිකයින් හා ඔවුන්ගේ යෝජිත අවම ලංසු මුදල පහතින් දැක්වේ.

ස්ටර්ලිං පවුම් 125,000  (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 290) – ලසිත් මාලිංග

ස්ටර්ලිං පවුම්  75,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 174) – දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා

ස්ටර්ලිං පවුම්  50,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 116) – ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, ලහිරු තිරිමාන්න

ස්ටර්ලිං පවුම්  40,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 91) – දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්

තවමත් යෝජිත ලංසු මුදල තීරණය වී නොමැති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්,

වනිඳු හසරංග, ලහිරු කුමාර, ජීවන් මෙන්ඩිස්, කසුන් රාජිත, සීකුගේ ප්‍රසන්න, රමිත් රඹුක්වැල්ල, උපුල් තරංග

මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 570ක් වන අතර ඉන් 239 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන අතර 331 දෙනෙක් එංගලන්ත ක්‍රීඩකයෝ වෙති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<