ගුණතිලක, දික්වැල්ල හා මෙන්ඩිස් බංග්ලාදේශයට!

4546

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම මේ දිනවල දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල සිය කණ්ඩායමට තෝරාගැනීමට Fortune Barishal කටයුතු කර තිබෙනවා.

එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් අතර සුපිරි ක්‍රීඩක Chris Gayle, Obed McCoy, Alzarri Joseph වැනි දක්ෂ විස්සයි විස්ස ක්‍රීඩකයින් සිටීම විශේෂත්වයක්. Shakib Al Hasan හා ඇෆ්ගන් ක්‍රීඩක Mujeeb Ur Rahman ද Fortune Barishal නියෝජනය කරනවා.

මේ අතර Mahmudullah, Tamim Iqbal හා Mashrafe Mortaza යන තිදෙනාම, Dhaka සිය කණ්ඩායමට එකතු කර ගත්තා. Tamim හා Mashrafeව එම කණ්ඩායම විසින් මිලට ගත් අතර Mahmudullahව වෙන්දේසියකින් තොරවම එම කණ්ඩායම වෙත සම්බන්ධ කරගෙන තිබුණා.

2019-20 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ක්‍රීඩා කළ Khulna Tigers කණ්ඩායම Mushfiqur Rahimව සෘජුවම සිය කණ්ඩායමට එක්කර ගත්තා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගත් Jaffna Kings කණ්ඩායමේ නායක තිසර පෙරේරාව ද ඔවුන් සිය කණ්ඩායමට එකතු කර ගත්තා.

LPL අනුශූරතාව දිනූ Galle Gladiators කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ ද, Colombo Stars කණ්ඩායමේ සීක්කුගෙ ප්‍රසන්න ද Khulna Tigers කණ්ඩායම විසින් මිල දී ගත්තා.

2018-19 තරග වාරයේ ශූරතාවය දිනූ Cumilla Victorians යළිත් BPL තරගාවලියට එක්ව තිබෙනවා. ඔවුන් Mustafizur Rahman, Faf du Plessis, Sunil Narine හා Moeen Ali සෘජුවම සිය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

නිමා වූ LPL තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස් මෙවර BPL තරගාවලියේ දී Cumilla Victorians නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

Sylhet Sunrisers වෙනුවෙන් තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රීඩා කරනවා. දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ පෙරේරා සමඟ Kesrick Williams හා Ravi Bopara ද Sunrisers වෙන්දේසියේ දී මිලට ගත්තා.

BPL කණ්ඩායම් හි ක්‍රීඩක සංචිත

  • Khulna Tigers – Mushfiqur Rahim, තිසර පෙරේරා, Naveen Ul Huq, භානුක රාජපක්ෂ, Soumya Sarkar, සීක්කුගේ ප්‍රසන්න, Sikandar Raza, Farhad Reza, Rony Talukdar, Khaled Ahmed, Jaker Ali Anik, Nabil Samad
  • Chattogram Challengers – Nasum Ahmed, Benny Howell, Kennar Lewis, Afif Hossain, Chadwick Walton, Rayad Emrit, Fazalhaq Farooqi, Rejaur Rahman, Sabbir Rahman, Mrittunjoy Chowdhury, Mehidy Hasan Miraz, Akbar Ali, Naeem Islam,
  • Dhaka – Mahmudullah, Tamim Iqbal, Rubel Hossain, Mashrafe Mortaza, Mohammad Shahzad, Mohammad Naim, Arafat Sunny, Imranuzzaman, Shafiul Islam, Jahurul Islam, Shamsur Rahman, Ebadat Hossain,
  • Fortune Barishal – Shakib Al Hasan, Mujeeb Ur Rahman, ධනුෂ්ක ගුණතිලක, Chris Gayle, Nurul Hasan, Obed McCoy, Alzarri Joseph, Towhid Hridoy, Ziaur Rahman, Shafiqul Islam, Saikat Ali, නිරෝෂාන් දික්වැල්ල, Nayeem Hasan, Taijul Islam, Sarwar Hossain, Irfan Sukkur,
  • Cumilla Victorians – Mustafizur Rahman, Faf du Plessis, Sunil Narine, Moeen Ali, Liton Das, Shohidul Islam, කුසල් මෙන්ඩිස්, Oshane Thomas, Ariful Haque, Nahidul Islam, Mahmudul Hasan Joy, Sumon Khan, Mominul Haque, Mahidul Islam, Parvez Hossain, Abu Hider,
  • Sylhet Sunrisers – Taskin Ahmed, දිනේෂ් චන්දිමාල්, Kesrick Williams, Colin Alexander, Mosaddek Hossain, Mohammad Mithun, Ravi Bopara, ඇන්ජ‍ලෝ පෙරේරා, Anamul Haque, Sohag Gazi, Alok Kapali, Muktar Ali, Siraj Ahmed, Mizanur Rahman, Nadif Chowdhury, Jubair Hossain, Shafiul Hayat, Sunzamul Islam

ESPN cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<