Manchester පාපන්දු සංචිත ඉන්දීය සංචාරයකට

246
Manchester Soccer Academy Sri Lanka Tour to India 2023

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රකට පාපන්දු පුහුණු ඇකඩමියක් වන Manchester Soccer Academy Sri Lanka නියෝජනය කරමින් කණ්ඩායම් තුනක් අන්තර් ඇකඩමි තරගාවලියක් සඳහා ඉන්දියාවට පිටත්ව තිබෙනවා.

වයස අවුරුදු 12න් පහළ, 14න් පහළ සහ 16න් පහළ කණ්ඩායම් මෙම සංචාරයට එක්ව තිබෙන අතර තරගාවලිය අප්‍රේල් 26 වැනිදා සිට මැයි 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරය සඳහා තරග 18ක් ඇතුළත් වන අතර Manchester කණ්ඩායම් ඉන්දියාවේ කර්නාටක ක්‍රීඩා සමාජය සහ Skinfield ක්‍රීඩා ඇකඩමිය සමඟ එක්ව මෙම සංචාරය පවත්වනවා.

සෑම වයස් කාණ්ඩයකම කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙන අතර ඔවුන් පසුගිය මාස කිහිපයේ දී George Augustine, Devasagayam Rajamani, Anton Wombeck, S. Anthony, Mohamed Azwar, Mohamed Shiyam සහ S. Srikanth යන පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් සිදු කළා.

“අපි ඉතාම දැඩිව පුහුණුවීම් කළා, මොකද අපි නියෝජනය කරන්නේ අපේ ඇකඩමිය විතරක් නෙවෙයි. අපි අපේ රටත් නියෝජනය කරනවා. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා. අපේ ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, කළමනාකරුවන්ට සහ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙන්නට ඕන මේ තරගාවලියට සාර්ථකව පිටත් වෙන්න ලබා දුන්න සහයට. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම හොඳින් ක්‍රීඩා කරන්න.”, යැයි ඇකඩමියේ ප්‍රධානී George Augustine ප්‍රකාශ කළා.

තරගාවලියට සහභාගී වන 12න් පහළ කණ්ඩායමේ නායකත්වය Zain Iliyas විසිනුත්, 14න් පහළ නායකත්වය Tazeen Ahamed විසිනුත් සහ 16න් පහළ නායකත්වය Mohamed Shimar විසින් දරනවා.

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<