වසර දෙකකට පසු ජාතික කණ්ඩායමට පැමිණි උමාර් අක්මාල්ට වැඩ වරදී

412
Getty Images

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උමාර් අක්මාල්ට එරට ක්‍රිකට් ආයතනය විසින් දඩ නියම කර තිබේ. ඒ එරට ක්‍රිකට් ආයතනය සමඟ අක්මාල් ගිවිසුම් ගතවී ඇති කරුණු කඩ කිරීම හේතුවෙනි.

කෝලි ප්‍රමුඛ පිරිවරට ඩොලර් මිලියනයක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පිරිනමන ටෙස්ට් ශූරතාවලි සෙන්කෝලය (Championship Mace) යළිත් වරක් තමන් සතුකර

ඕස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ පස්වැනි එක්දින ක්‍රිකට් තරගයට පෙර රාත්‍රියේ දී උමාර් අක්මාල් පාකිස්තාන කණ්ඩායම ලැගුම් ගෙන සිටි හෝටලයේ නොසිට ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් සිටීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර තිබේ.

සුප්‍රසිද්ධ හිපොප් ගායක එකෝන්ගේ සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා මෙලෙස අක්මාල් සිය කාමරයෙන් රාත්‍රියේ දී පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වරද හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමඟ පැවති පස්වැනි තරගයට උමාර් අක්මාල්ට හිමි වන තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

අදාළ ප්‍රසංගයට උමාර් අක්මාල් සහභාගී වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද Twitter සමාජ ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඒරන් ෆින්ච් මුල් 10 අතරට, ඕස්ට්‍රේලියානුවන් ශ්‍රේණිගත කිරීම් කලඹයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර ඇති අතර ඕස්ට්‍රේලියා එක්දින කණ්ඩායමේ නායක ඒරන්

මේ පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණකරු වසීම් ඛාන් සඳහන් කර ඇත්තේ උමාර් අක්මාල් සිය වරද පිලිගත් නමුත් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙය අනුමත කළ නොහැකි බවය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය එරට ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් වෘත්තීමය, විනයගරුක ක්‍රියාකලාපයක් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

නිමාවට පත්වු පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියට උමාර් අක්මාල් නම් කිරීමට එරට තේරීම් කමිටුව විසින් තීරණය කර තිබුණි.

2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එංගලන්තයත් සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව උමාර් අක්මාල් එරට ජාතික කණ්ඩායම නියෝජනය කළ පලමු අවස්ථාව මෙය වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<