ශූරතාවය මැසිනොද් සහ ධර්මපාල විදුහලට

226

කුරුණෑගල මලියදේව විද්‍යාලයීය වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන ලද විවෘත වොලිබෝල් තරගාවලියේ දී වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාවය දිනා ගැනීමට කඳාන ද මැසිනොද් විද්‍යාලය සමත් වූ අතර එහි බාලිකා ශූරතාවය දිනා ගැනීමට ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය සමත් විය.

සාන්ත සේවියර් හා රාජසිංහ මධ්‍ය විද්‍යාල අවසන් මහා තරගයට

මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 17 වන DSI සුපර්..

මෙහි අවුරුදු 16න් පහළ තරගාවලියේ බාලක ශූරතාවය රුවන්වැල්ල කනිෂ්ඨ විද්‍යාලය දිනාගත් අතර එහි බාලිකා ශූරතාවය ආණමඩුව මාධ්‍ය මහා විද්‍යාලයට හිමි විය.

අවුරුදු 20න් පහළ බාලක කුසලාන ශූරතාවය සඳහා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ  කඳාන ද මැසිනොද්  විද්‍යාලය සහ කූරවමුල්ල මහා විද්‍යාලයයි. එහි දී කඳාන ද මැසිනොද්  විද්‍යාලය ලකුණු 25-14ක් සහ ලකුණු 25-22ක් වශයෙන් මුල් තරග වට දෙකම ජය ගනිමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. ඒ අනුව කූරවමුල්ල මහා විද්‍යාලයට අනුශූරතාවයෙන් සැනසීමට සිදු විය. මෙහි බඳුන ශූරතාවය දිනා ගනු ලැබුවේ ගලිගමුව මහා විද්‍යාලයයි. අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් තේරී පත්වුයේ කඳාන ද මැසිනොද් විද්‍යාලයේ තරිඳු මදුසංක පෙරේරා යි.

ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී සුමංගල විද්‍යාලය අතර අවුරුදු 20න් පහළ බාලිකා කුසලාන ශූරතාවය සඳහා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එහි දී  ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය ලකුණු 25-16ක් ලෙස පළමු වටය ජය ගත් අතර එහි දෙවන වටය ද එලෙසම ලකුණු 25-16ක් වශයෙන් ලබා ගනිමින් ඔවුහු ශූරතාවය දිනා ගැනීමට සමත් වූහ. එහි අනුශූරතාවය හිමි වූයේ කැලණිය ශ්‍රී සුමංගල විද්‍යාලයටයි. අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් තෙරිපත්වූයේ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයේ සංජුලා කරුණාරත්න ක්‍රීඩිකාවයි.

DSI වොලිබෝල් සටනේ දී උහන, ගලිගමුව සහ හුංගම බාලිකාවන්ගෙන් ඉහළ දස්කම්

අම්පාර – උහන තිස්සපුර විද්‍යාලය, ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල..

අවුරුදු 16න් පහළ තරගාවලියේ දී බාලක ශූරතාවය දිනාගත් රුවන්වැල්ල කනිෂ්ඨ විද්‍යාලය විසින් කූරවමුල්ල මහා විද්‍යාලය ලකුණු 25-12ක් සහ 25-15ක් ලෙස පරාජයට පත් කරන ලදි. ඒ අනුව මෙහි අනුශූරතාවය හිමි වූයේ කුරවමුල්ල මහා විද්‍යාලයටයි. මෙහි බඳුන ශූරතාවය හිමිකරගනු ලැබුවේ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයයි. මෙම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීපත්වූයේ රුවන්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ හර්ෂමාල් පතිරණ ක්‍රීඩකයා ය.

ආනමඩුව මාධ්‍ය මහා විද්‍යාලය සහ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය අවුරුදු 16න් පහළ බාලිකා ශූරතාවය වෙනුවෙන් අවසන් මහා තරගයට තරග වැදුණු අතර එහි දී ආනමඩුව මාධ්‍ය විද්‍යාලය ලකුණු 25-12ක් සහ 25-11ක් වශයෙන් තරග වට දෙකම ජය ගනිමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මෙහි දී පරාජයට පත්වූ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට අනුශූරතාවය හිමි විය. අවුරුදු 16න් පහළ බාලිකා කාණ්ඩයේ බඳුන ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයයි. ආනමඩුව මාධ්‍ය මහා විද්‍යාලයේ සඳුනි නිමේෂා අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් තේරීපත්විය.

නාවික, ගුවන්, MAS සහ විදුලිබල කණ්ඩායම්වලට ජය

10 වැනි මන්චි වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි වටයේ අද (15) පැවැත්වූ තරගවලින් නාවික..

ඊයේ (22) කුරුණෑගල මලියදේව විද්‍යාලයට විටින් විට වැසි ඇද හැලුණ ද ඒ සියලු බාධක ජය ගනිමින් මලියදේව විද්‍යාලයීය වොලිබෝල් සංගමය ඉතා සාර්ථකව තරගාවලිය පැවැත්වීමට කටයුතු කිරීම අගය කළ යුතුය. එසේ නොවන්නට දිවයින පුරා පාසල් ගණනාවකින් පැමිණ සිටි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා නොකරම හිස් අතින්ම සිය පාසල්වලට යාමට සිදු වීමට ඉඩ තිබුණි.

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<