Messiගෙන් යළිත් සුපිරි දස්කම්

79

ස්පාඤ්ඤ La Liga තරගාවලියේ FC Barcelona සහ Real Betis අතර තරගයත්, ජර්මානු Bundesliga තරගාවලියේ Bayern Munich සහ RB Leipzig අතර තරගයෙනුත් ඊයේ (09) ජාත්‍යන්තර පාපන්දු පිටිය උණුසුම් විය. 

Serie A තරගාවලිය කළඹමින් Verona, Juventus පරදවයි

Juventus හඹා ආ Hellas Verona කණ්ඩායම ගෝල 2-1ක් ලෙස අනපේක්ෂිත ජයග්‍රහණයක් වාර්තා කළා. මේ Juventus ………

Barcelona – Real Betis සීතල යුද්ධයක

La Liga තරගාවලියේ 23 වැනි සතියේ තරගයක් ලෙස පැවති ප්‍රබල Barcelona සහ Real Betis අතර තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කරන්නට Barcelona ක්‍රීඩකයින් සමත් විය. 

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් Real Betis ක්‍රීඩකයින් තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් තුල තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඉදිරියට පැමිණෙන්නට සමත් විය. 

Nabil Fekir එල්ල කළ පහරක් හමුවේ Barcelona ආරක්‍ෂක ක්‍රීඩක Clement Lenglet අතින් සිය ගෝල රාමු කලාපය තුළ සිදු වූ ‘handball’ අවස්ථාවක් වෙනුවෙන් Real Betis හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කළ අතර එය ලබාගත් Sergio Canales එය පහසුවෙන් සාර්ථක කර ගනිමින් එම ගෝලය වාර්තා විය. 

අනතුරුව ඊට වහාම පිළිතුරු දැක්වූ Frenkie de Jong විසින් Lionel Messi ඉතා දක්‍ෂ ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් යොමු කළ පන්දුවක් විශිෂ්ට අන්දමින් පාලනය කරගනිමින් එය ‘half volley’ කර ගෝල රාමු කලාපය තුළට යොමුකරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

පසුව නැවතත් ක්‍රියාත්මක වූ Canales යොමු කළ පන්දුවක් ලබා ගත් Fekir එය ඉදිරියට රැගෙන යමින් අභියෝගයකින් තොරව ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ Real Betis දෙවන ගෝලය වාර්තා කරගනු ලැබීය. 

පළමු අර්ධය අවසන් වන්නට පෙර නැවතත් ක්‍රියාත්මක වූ Messi ඔවුන්ට ලැබුණු නිදහස් පහර අවස්ථාවක් හරහා පන්දුව ප්‍රතිවාදී ගෝල රාමු කලාපය තුළට යොමු කළ අතර එය ලබාගත් Sergio Busquets පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් සිය කණ්ඩායමේ ද දෙවන ගෝලයට හිමිකම් කියන්නට සමත් විය. 

පළමු අර්ධය: FC Barcelona 2 – 2 Real Betis

දෙවන අර්ධයේ දී Lenglet විසින් Messi ගෝල රාමු කලාපය තුළට යොමුකළ පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගනු ලැබුවේ තරගයේ පළමු වරට සිය කණ්ඩායම එහි පෙරමුණට රැගෙන යමින් තරගය තුළ Messiගේ පන්දු පිරිනැමීම් ත්‍රිත්වය ද සම්පූර්ණ කරමිනි. 

Icardi සහ Kehrer, PSG ජය තහවුරු කරති

ප්‍රංශ Ligue 1 තරගාවලියේ 23 වැනි සතියේ තරගයක් ……..

මිනිත්තු කිහිපයකට අනතුරුව Fekir මෙන්ම Lenglet හට ද තරගයේ සිය දෙවන කහ කාඩ්පත නිකුත් වීම හේතුවෙන් එය රතු කාඩ්පත් බවට පත්වී ඔවුන් දෙදෙනාට ම පිටියෙන් ඉවත්ව යාමට සිදු වූ අතර ඒත් සමඟ ම කණ්ඩායම් දෙකටම තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදු විය.

කෙසේ නමුත් ඉතිරි මිනිත්තු කිහිපය තුළ කිසිදු ගෝලයක් කණ්ඩායම් දෙකෙන්ම වාර්තා නොවීමත් සමඟ මෙම තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කරන්නට Barcelona ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: FC Barcelona 3 – 2 Real Betis

ගෝල ලාභීන් 

  • FC Barcelona – Frenkie de Jong 9’, Sergio Busquets 45+3’, Clement Lenglet 72’
  • Real Betis – Sergio Canales 6’, Nabil Fekir 26’ 

රතු කාඩ්පත් 

  • FC Barcelona – Clement Lenglet 79’
  • Real Betis – Nabil Fekir 76’ 

රොනාල්ඩෝ නිසා තරග සංවිධායකයන්ට දඩ

පසුගිය වසරේ දකුණු කොරියාවේ සියොල් නගරයේ දී ………..

Bayern Munich තවදුරටත් පෙරමුණේ

Bundesliga තරගාවලියේ 21 වැනි සතියේ තරගයක් ලෙස ඊයේ පැවති ප්‍රබල Bayern Munich හා RB Leipzig අතර තරගය ගෝල නොමැතිව ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගය පුරාවට Bayern Munich ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට සාපේක්ෂව ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ නමුත් ඔවුන් එහිදී ගෝලයක් වාර්තා කරගන්නට නිර්මාණය කරගත් අවස්ථාවන් ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

ඒ අතරින් Leon Goretzka හට ගෝලයක් වාර්තා කරගන්නට හිමි වූ පහසු අවස්ථාවේ දී ඔහු එල්ල කළ පහර ඉතා දක්‍ෂ ලෙස රැකගන්නට RB Leipzig ගෝල රකින ක්‍රීඩක Peter Gulacsi සමත් වූ අතර තවදුරටත් ඔවුන්ට දෙවන අර්ධයේ දී පිරිනැමුණු දඬුවම් පහර ‘VAR’ හරහා දඬුවම් පහරක් නොවන බවට තීරණය විය.

අනෙක් අන්තයේ Timo Werener හට RB Leipzig වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙන්නට ඉතා අගනා අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යන්නට විය. 

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට අපොහොසත් වීමත් සමඟ තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර Bayern Munich ලකුණු 43ක් සමඟ තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේත්, RB Leipzig ලකුණු 42ක් සමඟ තවදුරටත් දෙවන ස්ථානයේත් පසුවෙති. 

සම්පූර්ණ කාලය: Bayern Munich 00 – 00 RB Leipzig

 >> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<