Home Sinhala 33 වැනි වරටත් ඇතුගල්පුර සටනේ විසඳුමක් නෑ

33 වැනි වරටත් ඇතුගල්පුර සටනේ විසඳුමක් නෑ

39 වැනි ඇතුගල්පුර සටන

442
39 වැනි ඇතුගල්පුර සටන

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති 39 වැනි ඇතුගල්පුර සටන අද (25) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මලියදේව නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ආනා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින් සෑහීමකට පත්වුනා.

අනතුරුව තම පළමු ඉනිමට පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයෝ ද කඩුලු 9ක් දැවී 193ක් ලබා ගනිමින් තම ඉනිම අත්හිටවූවා.

ලකුණු 29ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත ආනාවරුන් තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව මලියදේව විද්‍යාලය සතු කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා මලියදේව ක්‍රීඩකයන්ට ලකුණු 106ක් අවශ්‍ය වූ අතර තරගය නතර කරන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබා සිටියා.

  • සාන්ත ආනා විද්‍යාලය: කලිඳු විජේසිංහ (නායක), අදිත්‍ය නිර්වාන්, බුද්ධිම නන්දසිරි (කඩුලු රකින්නා), චමිත් සසේන්ජන, ගීතික ද සිල්වා, කෙවින් නානායක්කාර, කුශාන් සුබසිංහ, මහිම කොඩිතුවක්කු, මනාන් මුසම්මිල්, යශ්මින් ජයසුන්දර, යොමේෂ් සුබසිංහ.
  • මලියදේව විද්‍යාලය: අමේෂ් තෙන්නකෝන් (නායක – කඩුලු රකින්නා) අර්ජුන් සත්සර, චමත් හෙට්ටිආරච්චි, චන්දූප අබේසිංහ, චාරුක හේරත්, දිමත් අබේසිංහ, ගයන වීරසිංහ, ගිශාන් මෙවන් ද සිල්වා, ජයමින් මුතුකුමාරණ, පසිඳු මේනක, උශාන් බිම්සර.

සාන්ත ආනා පළමු ඉනිම පාලනය කිරීමේ දී මලියදේව විද්‍යාලයේ උප නායක ගයන වීරසිංහ ලකුණු 35කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ කුශාන් සුබසිංහ. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

මලියදේව ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලබා සිටියා. එතැන් සිට ආරම්භ කළ ඉනිමේ දී අමේෂ තෙන්නකෝන් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා.

ඊට අමතර ව උෂාන් බිම්සර පන්දු 49කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ද සහ ජයමින් මුතුකුමාර් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ගීතික ද සිල්වා ලකුණු 61කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවා. ඊට අමතර ව මනාන් මුසම්මිල්, යශ්මින් ජයසුන්දර, කෙවින් නානායක්කාර සහ යොමේෂ් සුබසිංහ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

සාන්ත ආනා දෙවැනි ඉනිමේ දී කැපී පෙනෙන ඉනිමක නිරත වූයේ මනාන් මුසම්මිල්. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී දිමත් අබේසිංහ ලකුණු 51කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර ඔහු තරගයේ දී ලකුණු 126කට කඩුලු 7ක් දවා ගත්තා.

අනතුරුව පන්දුවාර 5ක් සඳහා පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබා සිටියා.  එම ඉනිමේ දී ද කඩුලු 2ක් දවා ගත් ඔහු තරගයේ දී ලකුණු 79කට කඩුලු 6ක් දවා ගත්තා.

  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 164 (83.4) කුශාන් සුබසිංහ 26, මනාන් මුසම්මිල් 22, මහිම කොටුවිල 24, ආදිත්‍ය නිර්වාන් 21, ගයන වීරසිංහ 6/35, දිමත් අබේසිංහ 2/75
  • මලියදේව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 193 (55.2) පසිඳු මේනක 21, අමේෂ් තෙන්නකෝන් 44, ජමින් මුතුකුමාරණ 33, උශාන් බිම්සර 36, ගීතික ද සිල්වා 4/61
  • සාන්ත ආනා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 134 (41.3) මනාන් මුසම්මිල් 43, දිමත් අබේසිංහ 5/51
  • මලියදේව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 27 (5) අමේෂ් තෙන්නකෝන් 15, ගීතික ද සිල්වා 2/18

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – චාරුක හේරත් (මලියදේව විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ගයන වීරසිංහ (මලියදේව විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – මනාන් මුසම්මිල් (සාන්ත ආනා විද්‍යාලය)
  • තරගයේ වීරයා – අමේෂ් තෙන්නකෝන් (මලියදේව විද්‍යාලය)

Result


Maliyadeva College
214/10 (50)

St. Anne’s College
110/10 (37.3)

Batsmen R B 4s 6s SR
Jayamin Muthukumarane b Baseer Shakeel 12 18 1 0 66.67
Pasindu Menaka c Yomesh Subasinghe b Geethika De Silva 40 75 4 0 53.33
Amesh Thennakoon c Yomesh Subasinghe b Kevin Nanayakkara 51 78 1 0 65.38
Gayana Weerasingha c Geethika De Silva b Baseer Shakeel 41 57 2 0 71.93
Chamath Hettiarachchi c B M Buddhika Sasanka Bandara b Geethika De Silva 9 14 1 0 64.29
Chandupa Iduwara c B M Buddhika Sasanka Bandara b Kevin Nanayakkara 4 7 1 0 57.14
Ushan Bimsara c Manaan Muzammil b Yashmin Jayasundara 13 19 1 0 68.42
Charuka Herath lbw b Yashmin Jayasundara 6 7 0 0 85.71
Dimath Abeysinghe not out 10 14 1 0 71.43
Themiya Missaka b Yashmin Jayasundara 0 4 0 0 0.00
Arjun Sathsara run out (Kalindu Wijesingha) 4 8 0 0 50.00


Extras 24 (b 20 , lb 4 , nb 0, w 0, pen 0)
Total 214/10 (50 Overs, RR: 4.28)
Bowling O M R W Econ
Geethika De Silva 9 0 45 2 5.00
Baseer Shakeel 7 0 26 2 3.71
Yashmin Jayasundara 10 1 33 3 3.30
Manaan Muzammil 6 0 22 0 3.67
Kevin Nanayakkara 10 0 43 2 4.30
Yomesh Subasinghe 2 0 12 0 6.00
Kalindu Wijesingha 6 0 29 0 4.83


Batsmen R B 4s 6s SR
B M Buddhika Sasanka Bandara c Chandupa Iduwara b Dimath Abeysinghe 12 11 2 0 109.09
Yashmin Jayasundara run out (Arjun Sathsara) 14 56 0 0 25.00
Mahima Kotuwila c Amesh Thennakoon b Gayana Weerasingha 5 15 0 0 33.33
Adithya Nirwan b Dimath Abeysinghe 20 54 0 0 37.04
Yomesh Subasinghe run out (Dimath Abeysinghe) 6 13 0 0 46.15
Manaan Muzammil b Dimath Abeysinghe 12 24 0 0 50.00
Kalindu Wijesingha c Chamath Hettiarachchi b Dimath Abeysinghe 13 33 1 0 39.39
Chamith Sasenjana b Charuka Herath 5 7 0 0 71.43
Kevin Nanayakkara run out (Ushan Bimsara) 0 4 0 0 0.00
Baseer Shakeel lbw b Charuka Herath 0 2 0 0 0.00
Geethika De Silva not out 2 6 0 0 33.33


Extras 21 (b 9 , lb 0 , nb 0, w 12, pen 0)
Total 110/10 (37.3 Overs, RR: 2.93)
Bowling O M R W Econ
Gayana Weerasingha 4 0 20 1 5.00
Dimath Abeysinghe 7 0 13 4 1.86
Chamath Hettiarachchi 1 0 5 0 5.00
Charuka Herath 6.3 2 9 2 1.43
Arjun Sathsara 10 1 24 0 2.40
Ushan Bimsara 7 0 27 0 3.86
Themiya Missaka 2 0 8 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<