තිසර සහ මාලිංග ආසියානු විස්සයි විස්ස කණ්ඩායමට

130

බංග්ලාදේශයේ පියා ලෙස සලකනු ලබන ශෙයික් මුජිබර් රහාමන්ගේ 100 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ආසියානු කණ්ඩායමක් සහ ආසියානු නොවන කණ්ඩායමක් අතර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

එහි තරග වදිනු ලබන ආසියානු කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ඇතුළත් කිරීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

ටගා පන්නරය ලැබූ හැටි

1965 වසරේ ජුනි මස 02 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැන්ටබරි රෝහලේ …

බංග්ලාදේශයේ ඩකා නුවර ශරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී මාර්තු මස 18 වැනිදා සහ මාර්තු මස 21 වැනිදා පැවැත්වෙන මේ ක්‍රිකට් තරග දෙක සඳහා ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ විස්සයි විස්ස ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මාලිංග සහ තිසර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සංචිතය සඳහා ඇතුළත් වන අතර විරාත් කෝලි, ශිකර් ධවාන් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් පස්දෙනෙක් ද සංචිතයට ඇතුළත්. 

ඊට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙක්, නේපාල ක්‍රීඩකයෙක් සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් සිව්දෙනෙක් ද මීට ඇතුළත් කර ඇති නමුත් පාකිස්තාන ක්‍රීඩකයින් කිසිවෙක් මේ සංචිතය සඳහා ඇතුළත් කර නොතිබීම කැපී පෙනේ. 

නමුත් මේ දිනවල පැවැත්වෙන පාකිස්තානු ප්‍රිමියර් ලීග් තරගාවලිය නිසාවෙන් ඔවුන්ගේ ක්‍රීඩකයින්ව මෙම තරගාවලිය සඳහා නිදහස් කිරීම අපහසු බව පකිස්තානු ක්‍රිකට් බලධාරීන් විසින් බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය වෙත දන්වා තිබෙන බව ද විදෙස් මාධ්‍ය කිහිපයක වාර්තා කර තිබුණි.

වේගපන්දුවේ ජවයෙන් නවසීලන්තය සියවැනි ටෙස්ට් ජය වාර්තා කරයි!

තරග 5-0ක් ලෙස විශිෂ්ට විස්සයි විස්ස තරගාවලි ජයක් සමඟින් නවසීලන්ත සංචාරය ආරම්භ කළ…

1920 මාර්තු මස 17 වැනිදා උපත ලද බංග්ලාදේශයේ පියා ලෙස සලකනු ලබන ශෙයික් මුජිබර් රහාමන්ගේ සෑම ජන්ම දිනයක දී ම බංග්ලාදේශය තුල නිවාඩු දිනයක් වන අතර මෙවර 100 වැනි ජන්ම දිනය සමරන නිසාවෙන් ඊට සමගාමීව ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට එරෙට රජයේ අවධානය යොමුව තිබුණි. 

එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ යෝජනා පැමිණ තිබූ නමුත් අවසානයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට එරට රජය තීරණය කරන ලදි. 

ආසියානු සංචිතය – ලසිත් මාලිංග , තිසර පෙරේරා, ලෝකේශ් රාහුල්*, විරාත් කෝලි*, ශිකර් ධවාන්, රිශාබ් පාන්ට්, මොහොමඩ් ශමි, කුලදීප් යදෙව්, ලිට්න් ඩාස්, තමීම් ඉක්බාල්, මුශුෆිකර් රහීම්, රෂීඩ් ඛාන්, මස්ටෆුසුර් රහමන්, සංදීප් ලමිචේන්, මුජිබර් රහුමාන්

*සහභාගීත්වය තවමත් තහවුරු කර නොමැති ක්‍රීඩකයින්

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<