පැතුම් නිස්සංක ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනෙකු අතරට

Espncricinfo - World Test Xi For Future

235

ලොව සුප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPNcricinfo විසින් වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්ෂතා ප්‍රදර්ශනය කරන වයස අවුරුදු 25ට අඩු යොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා. 

මේ යොවුන් කණ්ඩායම තවත් වසර 10කින් පමණ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා සමාන වනු ඇති බවට ඔවුන් අනුමාන කරනවා. ඔවුන් මෙම කණ්ඩායම නම් කර ඇත්තේ WORLD TEST XI FOR FUTURE ලෙසයි. එනම් අනාගතයේ ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම යනුවෙන්.

විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑතක දී ටෙස්ට් වරම් දිනා ගත් නවක 23 හැවිරිදි ක්‍රීඩක පැතුම් නිස්සංකගේ නම ද ඇතුළත්ව තිබීමයි. ඒ නිස්සංක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී මෙන්ම ශ්‍රී ලංකා පළමු පෙළ තරගවල දී ප්‍රදර්ශනය කර ඇති දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය දා ජය පරාජයෙන් තොරව නිමා වුණු කොදෙව් සංචාරයේ දී පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් අතර ඔහු සිය මංගල ටෙස්ට් තරගයේ දී ම කොදෙව් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. 

පැතුම්ගේ එම ශතකය ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ මංගල ටෙස්ට් තරගයක දී මව් රටින් පිටත ශතකයක් රැස් කළ ප්‍රථම ශ්‍රී ලාංකික ටෙස්ට් පිතිකරුවා ලෙසයි.

මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කර තිබෙන දකුණතින් පිතිකරණයේ නිරත වන පැතුම්, ටෙස්ට් ඉනිම් 6ක් තුළ රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 229ක්. ඒ සඳහා එක් අර්ධ ශතකයක් සහ ශතකයක් ඇතුළත් අතර ඔහු පවත්වා ගෙන යන පිතිකරණ සාමාන්‍ය 38.16ක් වෙනවා.

මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් තුන්දෙනෙකු සහ පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් අතර එංගලන්තය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන රටවල් නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැගින් නම් කර තිබෙනවා.

ESPNcricinfo නම් කළ World Test Xi For Future කණ්ඩායම මෙසේයි,

  1. Subman Gill (ඉන්දියාව)
  2. Will Pucovski (ඕස්ට්‍රේලියාව)
  3. Zak Crawley (එංගලන්තය)
  4. Pathum Nissanka (ශ්‍රී ලංකාව)
  5. Washington Sundar (ඉන්දියාව)
  6. Rishab Pant (ඉන්දියාව)
  7. Sam Curran (එංගලන්තය)
  8. Rashid Khan (ඇෆ්ගනිස්ථානය)
  9. Blessing Muzarabani (සිම්බාබ්වේ)
  10. Shaheen Afridi (පාකිස්තානය)
  11. Nassem Shah (පාකිස්තානය)

මෙය ප්‍රකාශයට පත්කරමින් ESPNcricinfo වෙබ් අඩවිය සිය නිල Twitter ගිණුමේ තබා තිබූ සටහන පහත දැක්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<