අම්ෂි දිනයේ හොඳම පන්දු යවන්නා වන විට බිෂාන්ගෙන් ශතකයක්

වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය

187

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරග දිනය අද (23) දිනයේ ක්‍රියාත්මක වූ අතර එහිදී තරග 7ක් ක්‍රියාත්මක විය. 

මෙම තරගවලදී ගාලු ක්‍රිකට් සමාජය, සී. සී. සී., බදුරලිය, එස්. එස්. සී., සෙබස්තියනයිට්ස්, යුද හමුදා සහ ගුවන් හමුදා යන කණ්ඩායම් ජයග්‍රහණය කළ අතර බදුරලිය තරගය හැර අනෙක් තරග සියල්ලම අවසන් වූයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුවයි.

තවත් ක්‍රිකට් පුවත් : 

පිතිකරුවන්ගේ දස්කම් සලකා බලන විට සකුණ ලියනගේ (ලකුණු 81), රනේෂ් සිල්වා (ලකුණු 67*) , අවිඳු තීක්ෂණ (ලකුණු 51), පැතුම් කුමාර (ලකුණු 71), රවිඳු සෙම්බුකුට්ටිගේ (ලකුණු 67*), රවිඳු ප්‍රනාන්දු (ලකුණු 56), නිපුන් ධනංජය (ලකුණු 62) දස්කම් දක්වන විට දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ යුද හමුදා කණ්ඩායමේ බිෂාන් මෙන්ඩිස් මෙම තරගාවලිය තුළ වාර්තා වූ තෙවන ශතකය තමන් සතුකර ගත්තේය. පන්දු 100ක දී වාර්තා වූ එම ඉනිම සඳහා හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

දකුණතින් වේගපන්දු යවන සී. සී. සී. කණ්ඩායමේ අම්ෂි ද සිල්වා අද දිනයේ දී කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඒ අනුව මෙවර තරගාවලියේ දැනට වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ඔහුට හැකි විය. ඊට අමතරව විමුක්ති කුලතුංග, රුවින් සෙනෙවිරත්න, අසිත වන්නිනායක, සඳුන් සත්සර සහ තරුෂ ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් කඩුලු 4 බැඟින් දවා ගනිමින් දස්කම් දැක්වූයේය.

කැන්ඩි කස්ටම්ස් සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර පැවති තරගය දිනයේ උණුසුම්ම තරගය බවට පත්වෙමින් නිමාව දුටුවේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ගාලු ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 2ක තියුණු ජයක් හිමිකර දෙමිනි.

කැන්ඩි කස්ටම්ස් සහ ගාල්ල ක්‍රිකට් සමාජය 

කැන්ඩි කස්ටම්ස් – 130/8 (23): සසිත් මනුරංග 28, සසිත් ප්‍රියලාල් 25, තනුල චමෝද් 2/23, කුෂාන් මධූශ 2/23. 

ගාල්ල ක්‍රිකට් සමාජය – 124/6 (22): රවිෂ්ක විජේසිරි 44, කවිඳු එදිරිවීර 33, ඉමේෂ් මදුසංක 3/12. 

ගාලු ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 2ක තියුණු ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


සී. සී. සී. සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය 

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය – 105 (33.4): රන්දීර් රණසිංහ 24, අම්ෂි ද සිල්වා 5/23, රුවින් සෙනෙවිරත්න 4/18. 

සී. සී. සී. – 100/6 (18): පවන් රත්නායක 27*, පවන්ත වීරසිංහ 25, අසිත වන්නිනායක 4/34. 

සී. සී. සී. කණ්ඩායමට කඩුලු 4ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


නුගේගොඩ සහ බදුරලිය 

නුගේගොඩ – 222 (44.3): සකුණ ලියනගේ 81, පසිඳු ආධිත්‍ය 31, මුදිත ලක්ෂාන් 24, රුචිර කෝෂිත 3/29, මලින්ද ජයෝද් 2/45. 

බදුරලිය – 225/8 (44): රනේෂ් සිල්වා 67*, අවිඳු තීක්ෂණ 51, මිතිර තෙනුර 32, විමුක්ති කුලතුංග 4/41, ටශික නිර්මාල් 3/39. 

බදුරලිය කණ්ඩායමට කඩුලු 2ක ජයක් හිමි විය. 


යුද හමුදාව සහ නාවික හමුදාව 

යුද හමුදාව – 271/9 (47): බිෂාන් මෙන්ඩිස් 104, පැතුම් කුමාර 71, අකිඳු කරුණාරත්න 3/63, ජොහෑන් ද සිල්වා 2/42. 

නාවික හමුදාව – 114/9 (22): භාග්‍ය දිසානායක 21, ඉමේෂ් විරංග 21, හෂාන් සංදීප 3/10, ගිහාන් කෝරලගේ 2/27, හේෂාන් මධුසංක 2/29. 

යුද හමුදාවට ලකුණු 62ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


ලන්කන් සහ ගුවන් හමුදාව 

ලන්කන් – 148 (43.4): කෙවින් පෙරේරා 29, දමිත් සිල්වා 27, සවාන් කන්කානම්ගේ 21, කසුන් ඒකනායක 3/31, රවිඳු සෙම්බුකුට්ටිගේ 2/11, කසුන් රවිඳු 2/23, මොවින් සුබසිංහ 2/28. 

ගුවන් හමුදාව – 139/6 (39.4): රවිඳු සෙම්බුකුට්ටිගේ 67*, මොවින් සුබසිංහ 23*, චාමිකර හේවගේ 22, සඳුන් සත්සර 4/31, යසිරු රොද්‍රිගෝ 2/31. 

ගුවන් හමුදා කණ්ඩායමට කඩුලු 4ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


සෙබස්තියනයිට්ස් සහ ශ්‍රී ලංකා පොලිසිය 

සෙබස්තියනයිට්ස් – 170 (49.1): තරුෂ ප්‍රනාන්දු 46, මොහොමඩ් ෆාහීම් 3/10, චාරුක ජයතිලක 3/39, රෙසිඳු තිලකරත්න 2/26. 

ශ්‍රී ලංකා පොලිසිය 132 (40.3): බවන්ත උඩනගමුව 29, ලක්ෂිත අමරසේකර 27, හසිඳු ශාමික 22, තරුෂ ප්‍රනාන්දු 4/24, තරුෂ සමරවික්‍රම 2/20, හංස ද සිල්වා 2/25. 

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට ලකුණු 34ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


ටැමිල් යුනියන් සහ එස්. එස්. සී. 

ටැමිල් යුනියන් – 235 (49): රවිඳු ප්‍රනාන්දු 56, කමේෂ් නිර්මාල් 47, කවිඳු මදාරසිංහ 45, අශාන් ප්‍රනාන්දු 23, හිමේෂ් රාමනායක 3/47, කලන පෙරේරා 2/38. 

එස්. එස්. සී. – 223/6 (45.4): නිපුන් ධනංජය 62, සම්මු අශාන් 45*, ක්‍රිෂාන් සංජුල 45, චමිඳු වික්‍රමසිංහ 40, රවීන් ද සිල්වා 2/26, සචිඳු කොළඹගේ 2/38. 

එස්. එස්. සී. කණ්ඩායමට කඩුලු 4ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<