SSC ජය රැල්ලට නුවනිඳු සහ කලනගෙන් සවියක්

23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය 2020/21

330
SLC Major Club Youth League

ඇදහැලෙන වැසි මැද වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 11ක් අද (20) දින නිමා වූයේ එස්. එස්. සී., ලන්කන්ස්, බදුරලිය, එන්. සී. සී., ටැමිල් යුනියන්, බී. ආර්. සී., කෝල්ට්ස්, යුද හමුදා, ගුවන් හමුදා, බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස් යන කණ්ඩායම් සඳහා ජයග්‍රහණ හිමිකර දෙමිනි. 

කෙසේ නමුත් පානදුර ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර පැවත්වීමට තිබූ තරගය වර්ෂාව නිසා ක්‍රීඩා කිරීමට නොහැකි විය. 

එස්. එස්. සී. කණ්ඩායම සිය නොනවතින තරග ජයග්‍රහණයේ තුන්වන ජය අද සනිටුහන් කරගත්තේ ගාලු ක්‍රිකට් සමාජයට එරෙහිවයි. එහිදී එස්. එස්. සී. කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 108ක් රැස්කර ගනිමින් මෙම තරගාවලියේ වාර්තා වූ දෙවන ශතකය සිය නමට ඉදිරියෙන් සටහන් කරගන්නා ලදි. ඊට අමතරව අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 93*ක් රැස්කර ගනිමින් දස්කම් දැක්වූ අතර අවසානයේ එස්. එස්. සී. කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 298ක් රැස්කර ගත්තේ මෙවර තරගාවලියේ දැනට කණ්ඩායමක් වාර්තා කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාව තමන් සතුකර ගනිමිනි. 

වේගපන්දු යවන ක්‍රීඩක කලන පෙරේරා සහ දඟපන්දු යවන ක්‍රීඩක දිලුම් සුධීර යන දෙදෙනා පිළිවෙලින් කඩුලු 4ක් සහ කඩුලු 2ක් දවා ගනිමින් ගාලු ඉනිම සුන්කර දැමුවේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 199ක දැවැන්ත ජයක් සඳහා අවශ්‍ය මඟ විවර කර දෙමිනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කිසිවෙක් නොසිතූ තරග ප්‍රතිඵලයක් පැමිණි ලන්කන් – හලාවත මේරියන්ස් තරගයේ දී විශ්ව චතුරංග ලන්කන් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමට ලකුණු 197ක් දක්වා යාම සඳහා අවශ්‍ය වූ මාර්ගය සකස් කළ අතර දුනිත් වෙල්ලාලගේ සහ යසිරු රොද්‍රිගෝ ප්‍රබල හලාවත මේරියන්ස් පිතිකරුවන් අසරණ කරන ලද්දේ ඔවුන්ගේ ඉනිම ලකුණු 80කට සීමා කරමිනි. 

මෙම තරගාවලියේ තවත් එක් ලකුණක තියුණු ජයක් අද වාර්තා වූ අතර මෙම තරගාවලියේ මෙවැනි සිදුවීමක් වූ දෙවැනි අවස්ථාව මෙය විය. අද තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායම කළුතර නගර කණ්ඩායමට එරෙහිව මෙම එක් ලකුණක (D/L) තියුණු ජය ලබා ගන්නා ලදි. එම තරගයේ දී කෝල්ට්ස් ආරම්භක පිතිකරු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 58ක් රැස්කර ගත්තේය. 

ඊට අමතරව අද දිනය තුළදී පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ලෙස මොහොමඩ් ශමාස් (ලකුණ 90), භාග්‍ය දිසානායක (ලකුණු 76), හරිත් ප්‍රනාන්දු (ලකුණු 65), නවෝද් පරණවිතාන (ලකුණු 58), ශලිත් ප්‍රනාන්දු (ලකුණු 52), දිනෙත් ජයකොඩි (ලකුණු 78), සසිත් මනුරංග (ලකුණු 51), මනීෂ රූපසිංහ (ලකුණු 72), පසිඳු සූරියබණ්ඩාර (ලකුණු 57), නිපුන් හග්ගල (ලකුණු ), කලන විජේසිරි (ලකුණු 50), දිනුක ඩිල්ශාන් (ලකුණු 53), නිසල් ෆ්‍රැන්සිස්කෝ (ලකුණු 53), රශ්මික මෙවන් (ලකුණු 63) සහ රුවින් පීරිස් (ලකුණු 50) අර්ධ ශතක වාර්තා කරගත්තේය. 

Photos : Moors SC Vs. Saracens SC | Major Club Youth Tournament 2020/21

පන්දු යැවීමේ දී කලන දවාගත් කඩුලු 4ට අමතරව මලින්ද ජයෝද්, ලසිඳු අරෝෂණ, සුවත් මෙන්ඩිස් කඩුලු 4 බැඟින් දවා ගන්නා විට මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු කඩුලු පහේ අවස්ථාව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායමේ සංක පූර්ණ (5/46) සමත් වූයේය. 

ලංකන් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් 

ලන්කන් ක්‍රිකට් සමාජය – 197 (40.3): විශ්ව චතුරංග 55, කසුන් අබේරත්න 41, සවාන් කන්කානම්ගේ 37, දමිත් සිල්වා 32, ලසිත් කෘස්පුල්ල්ලේ 4/20, ශෙහාන් සිල්වා 2/46. 

හලාවත මේරියන්ස් – 80 (27): රවීන් යසස් 22, දුනිත් වෙල්ලාලගේ 3/16, යසිරු රොද්‍රිගෝ 2/15. 

ලන්කන් කණ්ඩායමට ලකුණු 117ක ජයක් හිමි විය. 


එස්. එස්. සී. සහ ගාලු ක්‍රිකට් සමාජය 

එස්. එස්. සී. – 298/5 (50): නුවනිඳු ප්‍රනාන්දු 108, අශේන් බණ්ඩාර 93*, නිපුන් ධනංජය 32, කුශාන් මධූශ 2/56, රවිෂ්ක විජේසිරි 2/65. 

ගාලු ක්‍රිකට් සමාජය – 66/8 (25.4): පවන් සංදේශ් 27, කලන පෙරේරා 4/22, දිලුම් සුධීර 2/14. 

එස්. සී. සී. කණ්ඩායමට ලකුණු 199ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


නාවික හමුදාව සහ බදුරලිය ක්‍රිකට් සමාජය 

නාවික හමුදාව – 188/9 (49): භාග්‍ය දිසානායක 76, ශලිත් ප්‍රනාන්දු 52, ඉමේෂ් විරංග 29, මලින්ද ජයෝද් 4/34, තරිඳු වික්‍රමාරච්චි 2/33, අවිඳු තීක්ෂණ 2/37. 

බදුරලිය – 125/4 (23.4): නිෂිත අභිලාෂ් 47, ශෙරන් ෆොන්සේකා 33, සමිත් රංග 2/19. 

බදුරලියට කඩුලු 6ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය 

යුද හමුදාව – 204/9 (34): හරිත් ප්‍රනාන්දු 65, ගිහාන් කෝරලගේ 32, පැතුම් කුමාර 22, මොහොමඩ් ෆාහීම් 3/36, නදීර බාලසූරිය 2/18. 

පොලිස් ක්‍රීඩා සමාජය – 100/7 (24): මහීෂ තීක්ෂණ 2/07, ගිහාන් කෝරලගේ 2/18, හෂාන් සංදීප 2/22. 

යුද හමුදාවට ලකුණු 60ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


ටැමිල් යුනියන් සහ සී. සී. සී. 

සී. සී. සී. – 214/6 (50): මලිඳු මදුරංග 49, චමිඳු විජේසිංහ 41*, පවන් රත්නායක 28, සොනාල් දිනූශ 26, මනෙල්කර් ද සිල්වා 26, රවිඳු ප්‍රනාන්දු 2/34. 

ටැමිල් යුනියන් – 184/7 (40.1): නවෝද් පරණවිතාන 58, රවිඳු ප්‍රනාන්දු 28, සුපුන් රත්නායක 24, සුවත් මෙන්ඩිස් 4/23. 

ටැමිල් යුනියන් කණ්ඩායමට කඩුලු 3ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


එන්. සී. සී. සහ සැරසන්ස් 

එන්. සී. සී. – 248/7 (50): දිනෙත් ජයකොඩි 78, කලන විජේසිරි 50, හසිත බෝයගොඩ 28, කවිඳු දිල්හාර 2/59. 

සැරසන්ස් – 81/5 (29): නවිඳු නිර්මාල් 30, චාමික ගුණසේකර 2/06, අශේන් ඩැනියල් 2/18. 

න්. සී. සී. කණ්ඩායමට ලකුණු 87ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


බී. ආර්. සී. සහ සෙබස්තියනයිට්ස් 

සෙබස්තියනයිට්ස් – 211/9 (50): සචින් ප්‍රනාන්දු 48, තරුෂ සමරවික්‍රම 26, සවිඳු පීරිස් 26, දේවක පීරිස් 24, මිලින්ද අභිෂේක් 3/54, නෙරංජන වික්‍රමාරච්චි 2/42. 

බී. ආර්. සී. – 160/3 (27.1): යෙසිත් රූපසිංහ 60, නිසල් ෆ්‍රැන්සිස්කෝ 53, හිරන්ත ජයසිංහ 31, කලන සංදීප් 2/03. 

බී. ආර්. සී. කණ්ඩායමට කඩුලු 7ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


මුවර්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 

මුවර්ස් – 266/8 (50): මොහොමඩ් ශමාස් 90, පසිඳු සූරියබණ්ඩාර 57, දිනුක ඩිල්ශාන් 53, ජෙනී ෆ්ලෙමින්ග් 31, සංක පූර්ණ 5/46. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – 172 (47.1): රශ්මික මෙවන් 63, නවෝද්‍ය ඉමේෂ් 37, ප්‍රවීන් ජයවික්‍රම 3/23, කවිෂ්ක අංජුල 3/28. 

මුවර්ස් කණ්ඩායමට ලකුණු 84ක ජයක් හිමි විය. 


බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් 

බ්ලූම්ෆීල්ඩ් – 182 (46.5): නිපුන් හග්ගල 68, විනුජ රන්පුල් 26, ඉන්මාන් නිමේෂ් 2/05, නුවන් මධුසංක 2/44, මෙතුශාන් තිලින 2/46. 

කැන්ඩි කස්ටම්ස් – 123 (30.3): සසිත් මනුරංග 51, තිමිර මල්ෂාන් 41, දිලීප ජයලත් 3/16, විනුජ රන්පුල් 2/11. 

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ලකුණු 27ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


රාගම සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 

රාගම – 185 (43.1): මනීෂ රූපසිංහ 72, යොහාන් ලියනගේ 47, රවිඳු සෙම්බුකුට්ටිගේ 3/25, මොවින් සුබසිංහ 2/36. 

ගුවන් හමුදාව – 175/7 (46): අශින්ත මල්ෂාන් 41, චාමිකර හේවගේ 32, ඩෙලෝන් පීරිස් 3/21, ශෂික දුල්ශාන් 2/21. 

ගුවන් හමුදාවට කඩුලු 3ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 


කළුතර නගර සමාජය සහ කෝල්ට්ස් 

කළුතර නගර සමාජය – 205/9 (50): රුවින් පීරිස් 50, ශෙහාන් ඩිල්ශාන් 34, නිපුන් රන්ෂික 3/23, රොහාන් සංජය 3/47, ජෙහාන් ඩැනියල් 2/32. 

කෝල්ට්ස් – 160/9 (34.5): අවිශ්ක ප්‍රනාන්දු 58, හේෂාන් ධනුෂ්ක 39, ලසිඳු අරෝෂණ 4/41, ඉනාෂ්ක සිරිවර්ධන 2/21, සෙනාෂ් ප්‍රනාන්දු 2/35. 

කෝල්ට්ස් කණ්ඩායමට ලකුණක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<