යෙරොන්, නිමේෂ් සහ ලසිත් අර්ධ ශතක රැස් කරයි

Major සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියට 2021

3085

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගවල දී යෙරොන් ද අල්විස්, නිමේෂ් ගුණසිංහ සහ ලසිත් කෲස්පුල්ලේ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූවා. 

ඒ අතුරින් සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු යෙරොන් ද අල්විස් පන්දු 75ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් රැස් කරගැනීම කැපී පෙනුනා. මෙරට ක්‍රීඩා පිටියට අමුත්තෙකු වූ ඔහු කේමන් දූපත් රාජ්‍යයේ වයස අවුරුදු19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ඔහුට අමතරව නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන නිමේෂ් ගුණසිංහ පන්දු 105කට මුහුණ දෙමින් හයේ පහරක් පමණක් සමඟින් නොදැවී ලකුණු 69ක් වාර්තා කරගත් අතර හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් කෲස්පුල්ලේ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් රැස් කරගත්තා.

Group A – යුද හමුදාව සහ නුගේගොඩ (දොඹගොඩ)

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 16ක ජයග්‍රහණයක්.

නුගේගොඩ – කඩුලු 6ක් දැවී 188 (50): මාලිංග මලිගස්පේ 20, ලහිරු ජයකොඩි 28, නිමේෂ් ගුණසිංහ නොදැවී 69, ෂෙහඳ සොයිසා 2/31.

යුද හමුදාව – කඩුලු 4ක් දැවී 109 (22.1): අශාන් රන්දික 49, ලක්ෂාන් එදිරිසිංහ 24, නවින් කවිකාර 3/19.

Group B – බදුරලිය සහ හලාවත මේරියන්ස් ( මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණය)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 80ක ජයග්‍රහණයක්.

හලාවත මේරියන්ස් – සියලුම දෙනා දැවී 175 (44.2): විශ්ව චතුරංග 44, ලසිත් කෘෘස්පුල්ලේ 61, රුමේෂ් බුද්ධික 20, ඉමේෂ් උදයංග 3/35, අලංකාර අසංක 3/37, රුචිර කෝෂිත 3/31.

බදුරලිය – සියලුම දෙනා දැවී 95 (34.2): ජීවන් මෙන්ඩිස් 34, දසුන් සෙනෙවිරත්න 2/07, කමිඳු මෙන්ඩිස් 3/26.

Group A – නාවික හමුදාව සහ CCC (වැලිසර)

තරගයේ විසඳුමක් නොමැත.

CCC – කඩුලු 3ක් දැවී 58 (9.1): අශාන් ප්‍රියංජන් 30.  

Group B – සෙබස්තියනයිට්ස් සහ පොලිසිය (මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රිඩාංගණය)

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 2ක ජයග්‍රහණයක්.

සෙබස්තියනයිට්ස් – කඩුලු 8ක් දැවී 179 (36): යෙරොන් ද අල්විස් 66,  මනෝජ් සරත්චන්ද්‍ර 32, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 29, නිසල තාරක 3/23, නලින් ප්‍රියදර්ශන 3/36, අසේල් සිගේරා 2/37.

පොලිසිය – කඩුලු 7ක් දැවී 147 (30): තිලකරත්න සම්පත් 39, මධුරංග සොයිසා 41, චාමර සිල්වා 26, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/20.

මේ අතර Group A කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව සිටි කුරුණෑගල Youth සහ NCC කණ්ඩායම් අතර තරගයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ Kandy Customs අතර තරගයත් සහ Group B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව සිටි බ්ලූම්ෆීල්ඩ් සහ රාගම අතර තරගයත් මෙන්ම කෝල්ට්ස් සහ SSC අතර තරගයත් කාලගුණ තත්ත්වයන් මත ක්‍රීඩාංගණවල පැවැති අයහපත් තත්ත්වයන් මත අතහැර දමන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැනෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<