කොරෝනා වළක්වන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් උපදෙස්

78

මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන COVID – 19 වයිරසයෙන් මෙරට ජනතාවට ආරක්ෂා වීම සඳහා උපදෙස් දීමට ශ්‍රී ලංකා හිටපු හා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරිපත්ව සිටී. 

සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් මෙම පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට උත්සාහ කරන අතර එයට මෙම වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් හා පූර්ව ආරක්ෂක පියවර ඇතුළත් වේ. 

මේ කර්තව්‍යය සඳහා මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න හා තවත් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටී. ක්‍රීඩකයන් ලෙස මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවෙන් තමන්ට හැකි ලෙස වගකීම ඉටුකිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. 

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<