චරිත් තමන්ගේ චරිත සහතිකයට ශතකයක් එක් කර ගනී

1292

එංගලන්තය සමඟ පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට කැඳවීම් ලැබූ චරිත් අසලංක ක්‍රීඩා නොකරම තෙවැනි ටෙස්ට් ක්‍රිකට් සංචිතයෙන් ඉවත් කළ ද ඔහු අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී තමන්ගේ චරිත සහතිකය තමා විසින්ම ලියා ගනිමින් තමන් ලෙහෙසියෙන් අමතක කළ නොහැකි චරිතයක් බැව් නැවත වරක් ඔප්පු කළේය.

කනිෂ්ක මධුවන්ත සහිරා ජය හෑල්ලු කරයි

සාන්ත පීතර විද්‍යාලයට වඩා ලකුණු 72ක් ඉදිරියෙන් සිටිමින් පිටියට පිවිසි සහිරා විද්‍යාලයීය…

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. සහ කෝල්ට්ස් අතර පැවැත්වෙන අවසාන මහා තරගයේ පළමු දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූ චරිත් අසලංක ශතකයක් ලබා ගත්තේ ය.

ඔහු අද අර්ධ ශතක සබඳතා දෙකකට ද දායක වෙමින් පන්දු 159ක් පිටියේ රැඳී සිටිමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 385ක් ලබා ගැනීමත් සමඟින් සෑහීමකට පත් වෙමින් පිළිතුරු ඉනිමට ක්‍රීඩා කිරීමට කෝල්ට්ස් කණ්ඩායමට ආරාධනා කළහ. ඒ අනුව දිනයේ සැදෑ සමය ආරම්භ වෙද්දී පිටියට පිවිසි ඔවුන් දිනය අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 12ක් ලබා සිටියේ ය.

කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් තමන්ගේ කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීමයි. එම තීරණය සාධාරණීකරණය කිරීමට එස්. එස්. සී. ආරම්භක පිතිකරුවෝ සමත් වූහ.

ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 71ක් විය. සඳුන් වීරක්කොඩි සහ ජොහැන් ඩි සිල්වා එක්ව එම සබඳතාව ගොඩ නැගූහ. පළමු කඩුල්ල ලෙසින් ජොහැන් ඩි සිල්වා ලකුණු 23ක් ලබා සිටිය දී දැවී ගියේ ය.

ඕස්ට්‍රේලියානුවෝ සිව්වැනි වතාවටත් T20 ලෝක ශූරියන් වෙයි

ඇන්ටිගුවා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද (25) නිමා වූ 2018/19 ICC…

අනතුරුව සඳුන් වීරක්කොඩි සහ චරිත් අසලංක එක්ව දෙවැනි කඩුල්ලට තවත් ලකුණු  58ක් එක් කළහ. එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියේ සඳුන් වීරක්කොඩිගේ දැවී යෑමත් සමඟය. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තේ ය.

තරගයේ දිවා විවේකය වෙද්දී එස්. එස්. සී. ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 161ක් දක්වා රැගෙන ඒමට චරිත් අසලංක සහ කවිඳු කුලසේකර සමත් වූහ. ඒ වෙද්දී චරිත් නොදැවී ලකුණු 34ක් ද කවිඳු නොදැවී ලකුණු 17ක් ද ලබා පිටියේ රැඳී සිටිය හ.

දිවා විවේකයෙන් පසුව චරිත් සහ කවිඳු එක් ව ගොඩ නැගූ තෙවැනි කඩුල්ලේ සබඳතාව බිඳී ගියේ ලකුණු 158ක් ඉනිමට එක් කරමිනි. කවිඳු කුලසේකර පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මතීෂ් තීක්ෂණ ලකුණු 76කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව කවිශ්ක අංජුල සහ චලන ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ.

හෙට (26) තරගයේ දෙවැනි දිනයයි.

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 8ක් දැවි 385 (84.3) සඳුන් වීරක්කොඩි 84, ජොහැන් ඩි සිල්වා 23, චරිත් අසලංක 115, කවිඳු කුලසේකර 67, ක්‍රිශාන් සංජුල නොදැවී 26, මතීෂ් තීක්ෂණ 3/76, කවිශ්ක අංජුල 2/60, චලන ද සිල්වා 2/94

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 12 (2.3) අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 11

තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න Thepapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<