ඕස්ට්‍රේලියානුවෝ සිව්වැනි වතාවටත් T20 ලෝක ශූරියන් වෙයි

273

ඇන්ටිගුවා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද (25) නිමා වූ 2018/19 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. එංගලන්තය සමඟ පැවති අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

අතපත්තුගේ හුදකලා සටන ඵල රහිත වේ

ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (17) සාන්ත ලුසියා හී ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා…

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ආරම්භක කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ එංගලන්ත කණ්ඩායම සමඟින් මෙතෙක් පැවති තරගාවලි 5 අතරින් තෙවරක් ශූරතාව දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් පැවැත්වීමට තීරණය වීමේ දී බොහෝ දෙනෙක්ගේ විශ්වාසය වූයේ ද ඕස්ට්‍රේලියාව තනි අශ්වයෙක්ගේ ගමනින් මෙවර ද ශූරියන් වෙනු ඇති බවයි. ඒ සියලු මත දැක්වීම් සනාථ කරමින් ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 2010, 2012/13 සහ 2013/14 යන පිට පිට වසර ත්‍රිත්වයෙන් පසුව පන්දු 29ක් ඉතිරිව ලැබූ මෙම ජයග්‍රහණය ඔවුන් ලැබූ සිව්වැනි ජයග්‍රහණයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කාන්තා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියා කාන්තාවෝ පන්දුවාර 15.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් පිටියට පිවිසෙමින් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්නා ය. ඇය සිතූ ලෙසින් ඉනිමක් ගොඩ නැගීමට ඇගේ ක්‍රීඩිකාවෝ සමත් වූයේ නැත. ඇයත් සමඟින් ඉනිම ගොඩ නැගීමේ දී ඇයටත් වඩා වැඩි සේවයක් කළේ ආරම්භක පිතිකාරිනී ඩැනියෙල්ලේ වයට් ය. ඇය පන්දු 37කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා ය.

නායිකා හීතර් නයිට් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා ය. අනෙක් කිසිවෙක්ටත් ලකුණු 10 සීමාවට හෝ ළඟා වීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නියෝ ඉඩ දුන්නේ නැත.

බංග්ලාදේශය ආඩම්බරකාර ජයක් ලබයි

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ආරම්භ වූ තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින තුනකින් නිමා කරමින් අද (24) චිතගොං හී ෂාහුර් අහම්ඩ්…

එහි දී පෙරමුණ ගත්තේ අශෙයිග් ගාඩ්නර් ය. ඇය තම පන්දුවාර 4 ලකුණු 22කට සීමා කරමින් කඩුලු3ක් දවා ගත්තා ය. ඊට අමතරව මේගන් ස්කට් සහ ජෝර්ජියා වර්හම් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ තම ඉලක්කය වෙනුවෙන් ඉතා ලෙහෙසියෙන් වඩාත් සංවිධාන ගතව ළඟා වෙන අයුරක් ඉනිමේ පළමු පන්දුවේ සිටම  පෙන්නුම් කළේය. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 29ක් විය. ඒ සඳහා ඔවුන් පන්දු 28ක් වැය කළහ. ඇලිස්සා හීලි පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 20ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා ය.

අනෙක් ආරම්භක පිතිකාරිනී බෙත් මූනි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 14කි. ඉනිමේ වඩාත් සංරක්ෂිත කඩුල්ල වූයේ තෙවැනි කඩුල්ලයි. ඒ වෙනුවෙන් එක් වූ අශෙයිග් ගාඩ්නර් සහ නායිකා මෙග් ලනින්ග් එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක් නොබිඳුණ සබඳතාවක් එක් කළ හ.

එහි දී ඇලිස්සා හිලී පන්දු 26ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා ය. නායිකා මෙග් ලනින්ග් පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තා ය.

එංගලන්ත තුරුම්පුවෙන් දෙවන කඩුල්ලේ සාර්ථකත්වය බිඳ වැ‍ටේ

දිනයේ පළමු කාර්තු දෙකේ දී ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමිවූත්, අවසන් කාර්තුවේ දී එම වාසිය එංගලන්තය දෙසට නතුවූත් අපූරු හා තීරණාත්මක තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (24)…

කඩුලු ලබා ගැනීමේ දී සොපී එක්ලෙසටෝන් සහ ඩැනියෙල්ලේ වයට් කඩුල්ල බැගින් ලබා ගත්හ.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් අශෙයින් නම් කෙරුණ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ඕස්ට්‍රේලියාවේම ඇලිස්සා හීලි නම් කෙරුණි.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 105 (19.4) ඩැනියෙල්ලේ වයට් 43, හීතර් නයිට් 25, මේගන් ස්කට් 2/13, ජෝර්ජියා වර්හම් 2/11, අශෙයිග් ගාඩ්නර් 3/22

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම;  කඩුලු 2ක් දැවී 106 (15.1) ඇලිස්සා හිලී 22, අශෙයිග් ගාඩ්නර් නොදැවී 33, මෙග් ලනින්ග් නොදැවී 28

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<