දිල්රුවන්, සම්මු, සම්පත් ශතක අතරට

SLC අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

973

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 11ක් ඊයේ (5) ක්‍රියාත්මක වුනා.

වමතින් දඟපන්දු යවන ඩෙලෝන් පීරිස් මීගමුව කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ රාගම කණ්ඩායම තියුණු ජයක් වෙත මෙහෙයවමින් ලකුණු 20කට කඩුලු 6ක් දවා ගත්තා.

ටැමිල් යූනියන් නියෝජනය කරන දිල්රුවන් පෙරේරා ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ශතකයක් ලබාගෙන සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

එසේම BRC ක්‍රීඩක තිලකරත්න සම්පත් 4 පහර 12ක් සහ 6 පහර 6ක් එල්ල කරමින් පන්දු 106ක් තුල ලකුණු 120ක් ලබාගෙන හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් වෙත BRC කණ්ඩායම මෙහෙයවීමට සමත් වුනා.

SSC සහ කළුතර නාගරික කණ්ඩායම අතර පැවති තරගයේ දී SSC පහසු ජයක් ලබා ගත්තා. එහි දී SSC කණ්ඩායමේ සම්මු අශාන්  ලබාගත් නොදැවුණු ලකුණු 112*, චමිඳු වික්‍රමසිංහ ලබා ගත් නොදැවුණු ලකුණු 83* සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 17කට කඩුලු 7ක් දවාගෙන සුපිරි දස්කම් දැක්වූවා.

A කාණ්ඩය

බදුරලිය සහ බ්ලූම්ෆීල්ඩ්

බදුරලිය – 184/9 (50): අනුක් ප්‍රනාන්දු 51, සාහීඩ් මංසූර් 44, ගිහාන් රූපසිංහ 25, තමිඳු වික්‍රමාරච්ච්චි 22*, චානක කොමසාරු 3/24, මලින්ද පෙරේරා 3/29.

බ්ලූම්ෆීල්ඩ් – 188/5 (45.3): මාධව වර්ණපුර 68*, අශාන් ප්‍රනාන්දු 59, මහෝෂද ප්‍රනාන්දු 49*, සාහීඩ් මංසූර් 2/29

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

ACE කැපිටල් සහ සැරසන්ස්

ACE කැපිටල් – 270/9 (50): ශෙහාන් ප්‍රනාන්දු 94, දුලීක තිස්සකුට්ටිගේ 72, ටී. බාස්කරන් 38, තනුක දාබරේ 31, තවීෂ අභිෂේක් 2/32, ආකාශ් සේනාරත්න 2/45, තාරක ගුණවර්ධන 2/46.

සැරසන්ස් – 208 (46) – තවීෂ අභිෂේක් 43, ඉසිත විජේසුන්දර 43, සිතර ගිම්හාන් 23, තනුක දාබරේ 3/44, අමිත දාබරේ 3/46

සැරසන්ස් කණ්ඩායමට ලකුණු 62ක ජයක්

සෙබස්තියනයින්ට්ස් සහ මුවර්ස් අතර තරගය

සෙබස්තියනයින්ට්ස් – 131 (29.2): සශා ද අල්විස් 24, මනේල්කර් ද සිල්වා 24, තරිඳු රත්නායක 20, ඉමිතියාස් ස්ලාසා 3/33, චානුක ඩිල්ශාන් 2/21, මිලාන් රත්නායක 2/33

මුවර්ස් – 132/4 (26.2): දිනුක ඩිල්ශාන් 50*, මොහොමඩ් ශමාස් 35, ජනිෂ්ක පෙරේරා 29*, අක්තාබ් කාඩර් 2/19

මුවර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

NCC සහ පොලිස් අතර තරගය

NCC – 256/8 (50): උපුල් තරංග 58, සඳුන් වීරක්කොඩි 57, ලහිරු උදාර 44, අහන් වික්‍රමසිංහ 35, අශෙල් සිගේරා 32, නදීර බාලසූරිය 3/41

පොලිස් – 213 (41.5): අශේන් බණ්ඩාර 70, චතුරංග ජයතිලක 41, නදීර බාලසූරිය 24, යුගීෂ ඩිල්ශාන් 3/32, අශෙල් සිගේරා 3/34, අශේන් ඩැනියල් 2/31

NCC කණ්ඩායමට ලකුණු 43ක ජයක්

කළුතර නාගරික සමාජය සහ SSC අතර තරගය

SSC – 331/4 (50): සම්මු අශාන් 112*, චමිඳු වික්‍රමසිංහ 83*, ක්‍රිෂාන් සංජුල 64, නිපුන් ධනංජය 26, ඉන්ෂක සිරිවර්ධන 2/35, දිනේෂ් ඉන්දික 2/42.

කළුතර – 102 (24.2): දිනෙත් ජයකොඩි 30, ප්‍රභාත් ජයසූරිය 7/17, දසුන් ශානක 3/15

SSC කණ්ඩායමට ලකුණු 229ක ජයක්

ටැමිල් යූනියන් සහ ලංකන් අතර තරගය

ටැමිල් යූනියන් – 312/4 (50): දිල්රුවන් පෙරේරා 114, නවෝද් පරණවිතාන 57, කමේෂ් නිර්මාල් 52*, සදීර සමරවික්‍රම 29, යෙසිත් රූපසිංහ 2/16.

ලංකන් – 188/9 (50): දේශාන් ඩයස් 60, දෙවින්ද් පද්මනාදන් 36, ඉශාන් රංගන 28, රවිඳු ප්‍රනාන්දු 3/41, ශිරාන් ප්‍රනාන්දු 2/25, දිලුම් සුධීර 2/42.

ටැමිල් යූනියන් කණ්ඩායමට ලකුණු 124ක ජයක්

B කාණ්ඩය

නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර තරගය

නුගේගොඩ ක්‍රීඩා සමාජය – 89 (27.5): දුලංජන මෙන්ඩිස් 4/15, ගයාන් සිරිසෝම 2/29

ගුවන් හමුදාව – 92/5 (22.2): සිතිජ චමෝද් 27*, හංස ද සිල්වා 2/42

ගුවන් හමුදාවට කඩුලු 5ක ජයක්

BRC සහ හලාවත මේරියන්ස් අතර තරගය

හලාවත මේරියන්ස් 235 (47.1): අනුජ් ජොටින් 50, කවිඳු ඉරෝෂ් 38, අවිඳු තීක්ෂණ 30, මල්ක මදුසංක 2/28, දුශාන් හේමන්ත 2/29, කෙවින් කොත්තිගොඩ 2/30

BRC – 236/7 (42): තිලකරත්න සම්පත් 120, ඩිලාන් ජයලත් 54, දුශාන් හේමන්ත 26, ශෂීන් ද සිල්වා 4/36.

BRC කණ්ඩායමට කඩුලු 3ක ජයක්

ගාල්ල සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය

ගාල්ල – 127 (34.2): විනුර දුල්සර 28, රවිඳු සෙම්ම්බුකුට්ටිගේ 24, කොශාන් ධනුෂ්ක 3/15, නිමේෂ් විමුක්ති 3/24, සංජය චතුරංග 2/17

පානදුර – 131/6 (36): Parth Palawat 71, Ali Mehar 24, චතුර ලක්ෂාන් 2/18, රවිෂ්ක විජේසිරි 2/27.

පානදුරට කඩුලු 4ක ජයක්

CCC සහ යුද හමුදාව අතර තරගය

CCC – 285/7 (48.5): පවන් රත්නායක 51, නිමේෂා ගුණසිංහ 48, මාලිංග අමරසිංහ 42, මිනෝද් භානුක 34, පවන්ත වීරසිංහ 30, අශාන් ප්‍රියන්ජන් 28, අසංක මනෝජ් 3/60, සුමින්ද ලක්ෂාන් 2/58

යුද හමුදාව – 109 (29.1): අසේල ගුණරත්න 22, අශාන් ප්‍රියන්ජන් 5/27, මලින්ද පුෂ්පකුමාර 3/17

CCC කණ්ඩායමට ලකුණු 176ක ජයක්

රාගම සහ මීගමුව අතර තරගය

රාගම – 78 (24.1): සමින්ද ප්‍රනාන්දු 23, ධනුෂ්ක සඳරුවන් 5/23, ඩිල්ශාන් මුණවීර 3/30.

මීගමුව – 76 (21.2): ඩෙලෝන් පීරිස් 6/22, ශෂික දුල්ශාන් 3/28.

රාගම කණ්ඩායමට ලකුණු 2ක ජයක්

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<