වෙල්ලාලගේ සහ අකිල සුවිශේෂී කඩුලු දඩයමක

Major Clubs Limited Over Tournament 2022

3901

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවති තරගවල දී සුවිශේෂී කඩුලු දඩයමක නිරත වීමට Colts  ක්‍රිකට් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ සහ අකිල දනංජය සමත් වුනා.

19 හැවිරිදි වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ සහ 28 හැවිරිදි දකුණතින් පිට දඟ සහ පා දඟපන්දු යැවීමේ සුවිශේෂී හැකියාවෙන් යුත් අකිල දනංජය Sebastianites කණ්ඩායමේ කඩුලු 10ම දවා ගන්නේ ලකුණු 52කටයි. ඔවුන් දෙදෙනා එක්ව යවන ලද පන්දුවාර සංඛ්‍යාව 18.5ක්.

මේ දක්ෂ පන්දු යැවීමත් සමඟින් ලකුණු 80ක හඹා යන ඉනිමක නිරත වූ Sebastianites ක්‍රීඩකයන් ලකුණු 69කට සීමා කරමින් ලකුණු 10ක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට Colts කණ්ඩායම සමත් වුනා.

Sebastianites ඉනිම අවසන් වන විට දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 9.5ක් යවමින් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීමයි. අකිල දනංජය පන්දුවාර 9ක් යවමින් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගත්තා.

මේ අතර Chilaw Marians කණ්ඩායමේ 28 හැවිරිදි වමත් පිතිකරු කසුන් විදුර පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 140ක් රැස් කරගනිමින් දිනයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකරු බවට පත්වුනා. එම අගනා ඉනිමත් සමඟින් ඔහු අද තම පළමු පෙළ එක්දින තරග දිවියේ ලකුණු 1000 කඩඉම පසුකිරීමට සමත් වීම ද කැපී පෙනුනා.

එම ශතකය ඔහු මෙම තරගාවලියේ වාර්තා කරන ලද දෙවැනි ශතකය වන අතර ඔහුගේ පළමු පෙළ එක්දින තරග පිටියේ හොඳම ඉනිම ලෙසින් ද එය සටහන් වුනා.

Group A

Colts CC සහ Sebastianites C & AC අතර තරගය Colts පිටියේ දී

Colts CC – සියලු දෙනා දැවී 79 (25.1): රවිඳු රශාන්ත 28, Akthab Cader 4/24, තරිඳු රත්නායක 2/24, ෂශ්‍රීක පුස්සෙගොල්ල 2/05.

Sebastianites C & AC – සියලු දෙනා දැවී 69 (22.5): තරිඳු රත්නායක 22, දුනිත් වෙල්ලාලගේ 5/21, අකිල දනංජය 5/31.

Colts CC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.


Moors SC සහ Ace Capital CC අතර තරගය Moors පිටියේ දී

Ace Capital CC – කඩුලු 7ක් දැවී 324 (50): සකුණ ලියනගේ නොදැවී 78, ලසිත් කෲස්පුල්ලේ 26, තනුක දාබරේ 37, ෂෙහාන් ප්‍රනාන්දු 36, දුලීක තිස්සකුට්ටිගේ 34. 

Moors SC – සියලු දෙනා දැවී 216 (41.4): පසිඳු සූරියබණ්ඩාර 64, පබසර වඩුගේ 42, මොහොමඩ් ශමාෂ් 29, තනුක දාබරේ 2/27.

Ace Capital CC කණ්ඩායමට ලකුණු 108ක ජයක්.


Lanka CC සහ SSC අතර තරගය Bloomfield පිටියේ දී

SSC – සියලු දෙනා දැවී 214 (46.1): ලක්ෂිත මනසිංහ 78, ක්‍රිශාන් සංජුල 39, කේශාන් විජේරත්න 30, යසිරු රොද්‍රිගෝ 2/37, පූර්ණ වන්නිතිලක 3/33, රජීව වීරසිංහ 2/55, තුශිර මදනායක 2/22.

Lanka CC – සියලු දෙනා දැවී 104 (29): කසුන් අබේරත්න 43, යෙසිත් රූපසිංහ 21, ප්‍රභාත් ජයසූරිය 2/11, සම්මු අශාන් 2/17, කේශාන් විජේරත්න 2/16.

SSC කණ්ඩායමට ලකුණු 110ක ජයක්.


Tamil Union C & AC සහ Kalutara Town Club අතර තරගය P. Sara Oval පිටියේ දී

Kalutara Town Club – සියලු දෙනා දැවී 108 (36): විශාර ප්‍රනාන්දු 45, දිලුම් සුධීර 3/23, නවෝද් පරණවිතාන 2/08, ඩිල්රුවන් පෙරේරා 4/28.

Tamil Union C & AC – කඩුලු 2ක් දැවී 109 (27): රොන් චන්ද්‍රගුප්ත නොදැවී 67, සංතුශ් ගුණතිලක නොදැවී 26.

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.


Saracens SC සහ NCC අතර තරගය NCC පිටියේ දී

Saracens SC – කඩුලු 9ක් දැවී 238 (50): සිතාර ගිම්හාන් 38, තවීෂ අභිෂේක් 24, Mohammad Waqas 73, ආකාශ් සේනාරත්න 29, අශේන් ඩැනියෙල් 2/31, අසේල් සිගේරා 4/36.

NCC – කඩුලු 7ක් දැවී 244 (48.3): සඳුන් වීරක්කොඩි 60, ලහිරු උදාර 35, කවින් බණ්ඩාර 24, අසේල් සිගේරා 39, යුගීෂ දිල්ශාන් 38, ගිහාන් ඊබට් 3/46, සඳුන් මෙන්ඩිස් 3/47.

NCC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.


Police SC සහ Bloomfield C & AC අතර තරගය Police පිටියේ දී

Bloomfield C & AC – කඩුලු 6ක් දැවී 205 (50): මාධව වර්ණපුර 85, රන්මිත් ජයසේන නොදැවී 74, අශාන් ප්‍රනාන්දු 23, නුවන් ප්‍රදීප් 2/41, ලහිරු ඩියන්ත 2/19.

Police SC – කඩුලු 7ක් දැවී 206 (49.4): සමන් කුමාර 58, ඩිල්හාර පොල්ගම්පොළ 50, චාමර සිල්වා 50, මාධව වර්ණපුර 2/21, චානක කොමසාරු 2/26.

Police SC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Group B

Ragama CC සහ Galle CC අතර තරගය තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී

Ragama CC – කඩුලු 9ක් දැවී 266 (50): ජනිත් ලියනගේ 89, තෙවිඳු දික්වැල්ල 54, නිශාන් මධුශ්ක 43, අවිශ්ක තරිඳු 39, රජිත් ප්‍රියාන් 2/48, රවිශ්ක විජේසිරි 2/38, රවිඳු සෙම්බකුට්ටිගේ 2/18.

Galle CC – කඩුලු 6ක් දැවී 267 (45.1): රවිශ්ක විජේසිරි නොදැවී 70, රවිඳු සෙම්බකුට්ටිගේ 47, සමීන් කඳනාරච්චි 65, හරීන් බුද්ධිල 30, ජනිත් ලියනගේ 2/44, ජනක සම්පත් 2/36.

Galle CC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


Kurunegala Youth CC සහ BRC අතර තරගය BRC පිටියේ දී

Kurunegala Youth CC – සියලු දෙනා දැවී 147 (41.3): ධනුශ්ක ධර්මසිරි 43, ගයාන් මනීශාන් 20, අසිත වන්නිනායක 20, මල්ක මධුසංක 3/10, තිලකරත්න සම්පත් 2/19, උමේෂ්ක මොරායිස් 2/36, දුවිඳු තිලකරත්න 2/09.

BRC – කඩුලු 3ක් දැවී 150 (24.2): තිලකරත්න සම්පත් 80, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 29, ගිහාන් අංජන 2/45.

BRC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.


Panadura SC සහ Negombo CC අතර තරගය පානදුර පිටියේ දී

Negombo CC – සියලු දෙනා දැවී 152 (34.3): ජීවක ශෂින් 59, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 40, ධනුෂ්ක රණසිංහ 2/32, නිමේෂ් විමුක්ති 2/18, කොෂාන් දනුශ්ක 2/18, රොෂාන් විජේනායක 2/11.

Panadura SC – කඩුලු 7ක් දැවී 156 (34.5): ලක්ෂාන් රොද්‍රිගෝ 45, Parth Palawat 57, පසිඳු උස්හෙට්ටිගේ 2/41, දනුෂ්ක සඳරුවන් 3/31.

Panadura SC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.


CCC සහ Kandy Customs CC අතර තරගය CCC පිටියේ දී

CCC – කඩුලු 7ක් දැවී 296 (50): මිනෝද් භානුක 67, ලසිත් අබේරත්න 51, නිමේෂ ගුණසිංහ 35, පවන්ත වීරසිංහ 47, පවන් රත්නායක 37, මාලිංග අමරසිංහ නොදැවී 21, අයේෂ් හර්ෂණ 2/41, මෙතූශ තිළිණ 2/40.

Kandy Customs CC – කඩුලු 8ක් දැවී 208 (50): සාලින්ද පතිරණ 72, අයේෂ් හර්ෂණ 35, සජිත් ප්‍රියාල් 28, මිතුන් ජයවික්‍රම 29, නුවන් තුෂාර 2/27, ලක්ෂාන් සඳකැන් 2/40, පවන්ත වීරසිංහ 2/29.

CCC කණ්ඩායමට ලකුණු 88ක ජයක්.


Chilaw Marians CC සහ Sri Lanka Air Force SC අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේ දී

Chilaw Marians CC – කඩුලු 7ක් දැවී 294 (50): කසුන් විදුර 140, හරිඳු ජයසේකර 27, Gaurav Jathar 49, Anuj Jotin 47, ගයාන් සිරිසෝම 2/65, දුලාංජන මෙන්ඩිස් 2/48.

Sri Lanka Air Force SC – කඩුලු 9ක් දැවී 195 (50): සිතිජ චමෝද් 51, රජිත රත්නායක 24, දේශාන් ප්‍රනාන්දු 33, සචින් ප්‍රනාන්දු 22, කවිඳු දිල්හාර 2/31, පුලින තරංග 2/38.

Chilaw Marians CC කණ්ඩායමට ලකුණු 99ක ජයක්.


Nugegoda SWC සහ Sri Lanka Army SC අතර තරගය මොරටුව ද සොයියා පිටියේ දී

Sri Lanka Army SC – කඩුලු 9ක් දැවී 325 (50): අසේල ගුණරත්න 89, ලක්ෂාන් එදිරිසිංහ 78, තිසර පෙරේරා 64, සුමින්ද ලක්ෂාන් 36, චමින්ද බණ්ඩාර 4/66, නවීන් ප්‍රනාන්දු 3/61.

Nugegoda SWC – සියලු දෙනා දැවී 149 (35.3): භාග්‍ය දිසානායක 30, කෙවින් පෙරේරා 47, රනිත ලියනාරච්චි 20, අසංක මනෝජ් 4/59, සුමින්ද ලක්ෂාන් 2/24.

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 176ක ජයක්.

තරගාවලියේ තවත් තරග 12ක් ජූලි මස 03 වැනි දින පැවැත්වීමට නියමිත අතර එම තරගවලත් උණුසුම් පුවත් දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<