පියුමි වත්සලා මංගල ශතකය ලබා ගනී

Major Club Women’s 50 Over Tournament 2024

82

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ මංගල ශතකය වාර්තා කිරීමට Panadura ක්‍රීඩා සමාජයේ නායිකා පියුමි වත්සලා සමත් වූවා.  

ඊයේ (27) Galle ක්‍රිකට් සමාජයට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ දී ඇය පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගන්නවා. 

මේ අතර Air Force කණ්ඩායමේ සඳුනි අබේවික්‍රම, Baduraliya ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.  

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Navy කණ්ඩායමේ රශ්මි සිල්වා. ඇය BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 4කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා.  

නිමා වූ තරගවල කෙටි ලකුණු සටහන් පුවරු 

Galle CC සහ Panadura SC අතර තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

 

Panadura SC – කඩුලු 3ක් දැවී 248 (28.0) විමෝක්ෂා බාලසූරිය 32, නවෝද්‍යා නෙත්මිණි 20, පියුමි වත්සලා නොදැවී 119, එරන්දි වර්ණකුලසූරිය 36, විබුද්දි හිරන්‍යා 2/33 

 

Galle CC – කඩුලු 7ක් දැවී 37 (22.0) දිල්මි ආරියපාල නොදැවී 10, සාවින්දි කුරේ 3/04 

Panadura කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 163ක ජයක්.  


Air Force SC සහ Baduraliya CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී. 

 

Air Force SC – කඩුලු 4ක් දැවී 134 (34.0) සඳුනි අබේවික්‍රම නොදැවී 58, ඩිලානි මනෝදරා 41, විහාරා සෙව්වන්දි 2/24 

 

Baduraliya CC – සියලුම දෙනා දැවී 32 (19.1) රශ්මි නේත්‍රාංජලී 09, ඉනෝෂි ප්‍රනාන්දු 4/09, ඔෂදී රණසිංහ 3/10 

 

Air Force කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 94ක ජයක්.  


Kurunegala YCC සහ Tamil Union C & AC අතර තරගය කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. 

 

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 59 (38.3) යෙනුලි සත්නදී 14, දනෝද්‍යා සෙව්මිණි 3/17, දනුලි තෙන්නකෝන් 4/17 

 

Kurunegala YCC – කඩුලු 2ක් දැවී 50 (18.5) අශානි කෞශල්‍යා නොදැවී 22,  

 

Kurunegala කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.  


Navy SC සහ BRC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී. 

 

BRC – සියලුම දෙනා දැවි 36 (26.3) එම්. යූ. එස්. පීරිස් 18, තාරකා සෙව්වන්දි 2/06, ඉනෝකා රණවීර 2/06, රශ්මි සිල්වා 6/04 

 

Navy SC – කිසිවෙක් නොදැවී 35 (3.5) හසිනි පෙරේරා නොදැවී 16, ප්‍රසාදනී වීරක්කොඩි නොදැවී 12 

 

Navy කණ්ඩායමට ඩක්වර්ත ලුවිස් න්‍යාය මත කඩුලු 10ක ජයක්.  

මේ අතර ඊයේ දිනයේ දී කොළඹ 7, Bloomfiel ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Army සහ SSC අතර තරගයත්, නාරාහේන්පිට SLLDC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ ACE Capital සහ Colts අතර තරගයත් ක්‍රීඩාංගණවල පැවැති දුර්වල තත්ත්වයන් මත එක් පන්දුවක් නොයවා අතහැර දැමුණා.   

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<