ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් තරග මාතර දී

421
ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් තරග මාතර දී

43 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරග එළඹෙන 22 වැනි දා සිට 24 වැනි දා දක්වා මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙන අතර ඒ අනුව ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව් මාතර දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා ඉසව්ව වන ජාතික මහා ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා ඉසව් 29ක් කේන්ද්‍ර කර ගනිමින් තරග පැවැත්වෙන අතර මේ වන විට ඉන් ඉසව් 23ක තරග පවත්වා අවසන් ය. තරගාවලියේ ජවන හා පිටිය ඉසව් සහ වොලිබෝල්, බොක්සිං, පාපන්දු සහ කාය වර්ධන ඉසව්වල අවසන් මහා තරග, එළඹෙන සති අන්තයේ දී මාතර දී පැවැත්වෙනු ඇත.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවය නැවතත් බස්නාහිරට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය පසුගිය 18 හා 19 දෙදින තුළ සුගතදාස පිහිනුම්..

පසුගිය වසරේ දී ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ප්‍රථම වරට යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර මෙවර එය දකුණු පළාත තුළ පැවැත්වෙන්නේ ඉතිහාසයේ 5 වන වරටයි. එමෙන්ම ජාතික මහා ක්‍රීඩා උළෙල මාතර ප්‍රදේශයේ මෙවර පැවැත්වෙන්නේ ඉතිහාසයේ 3 වන වරට වන අතර මීට පෙර 1979 සහ 2002 වසරවල දී ද එය මාතර දී පවත්වා ඇත.

එළඹෙන 22 වන දින පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආරම්භක උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති අතර 24 වන දින පැවැත්වෙන සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී වනු ඇත.

නැවත වතාවක් ශූරතාවය බස්නාහිර පළාතට

43 වැනි වරටත් පැවැත්වෙන 2017 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත්…

ජවන හා පිටිය ඉසව්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 කට අධික සංඛ්‍යාවක්

එළඹෙන 22 සිට 24 දින දක්වා දවස් 3ක් පුරාවට මාතර දී පැවැත්වෙන ජවන හා පිටිය ඉසව් ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ තරග ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා පළාත් කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත ය.

පසුගිය වසරේ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම එහි විශාලතම කණ්ඩායම ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 107 දෙනෙකුගෙන් සමන්විත වන අතර සත්කාරක දකුණු පළාත් කණ්ඩායම දෙවැනි විශාලතම කණ්ඩායම ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුගෙන් සමන්විත වේ.

ජවන හා පිටිය ඉසව් සඳහා සහභාගී වන පළාත් කණ්ඩායම්

පළාත ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් එකතුව
මධ්‍යම 50 35 85
නැගෙනහිර 45 33 78
උතුරු මැද 46 35 81
උතුර 40 35 75
වයඹ 49 26 75
සබරගමුව 47 37 84
දකුණ 46 44 90
ඌව 45 35 80
බස්නාහිර 60 47 107

තරග කාල සටහන ඉකුත් වේ

දින 3ක් පුරා පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා ඉසව් සඳහා අදාළ කාල සටහනට අනුව එම තරග ඉසව් 22 වන දින පැවැත්වෙන මීටර 10,000 ඉසව්වේ අවසන් තරගය සමඟ ආරම්භ වන අතර දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින 4×400 සහාය දිවීමේ ඉසව්ව සමඟින් 24 වන දින ඉසව් අවසන් වේ.

ජවන හා පිටිය ඉසව් – තරග කාල සටහන1212

21212

34312213

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<