Home Sinhala ඇෆ්ගනිස්තානය පරදවමින් ඉන්දියාව පළමු ජයග්‍රහණයට

ඇෆ්ගනිස්තානය පරදවමින් ඉන්දියාව පළමු ජයග්‍රහණයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

116

අබුඩාබි නුවර Sheikh Zayed ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී අද (03) පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ලකුණු 66ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනා.

තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම පරාජයට පත්ව සිටි ඉන්දියාවට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය ජය ගැනීම ඉතා වැදගත් වූ අතර එක් තරගයක් පරාජය වී තරග දෙකක් ජය ගත් ඇෆ්ගනිස්තානය දෙවැනි කාණ්ඩයේ දෙවැනි තැන පසුවුනා.

තරගාවලියේ බොහෝ තරගවල දී ඉතා තීරණාත්මක සාධකයක් වූ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Mohammad Nabi පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා.

  • ඉන්දියානු කණ්ඩායම:KL Rahul, Rohit Sharma, Virat Kohli (c), Suryakumar Yadav, Rishabh Pant (wk), Hardik Pandya, Ravindra Jadeja, Ravichandran Ashwin, Shardul Thakur, Mohammed Shami, Jasprit Bumrah
  • ඇෆ්ගනිස්තාන් කණ්ඩායම:Hazratullah Zazai, Mohammad Shahzad (wk), Rahmanullah Gurbaz, Mohammad Nabi (c), Najibullah Zadran, Karim Janat, Sharafuddin Ashraf, Gulbadin Naib, Rashid Khan, Naveen-ul-Haq, Hamid Hassan

තරගාවලිය පුරාවට ප්‍රදර්ශනය කළ දියාරු පිතිකරණයට තිත තැබූ ඉන්දියානු ආරම්භ පිතිකරුවන් වන KL Rahul සහ Rohit Sharma ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පළමු පන්දුවාර 10 අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 85ක් රැස්කිරීමට සමත් වුනා.

පළමු කඩුල්ල සඳහා අගනා ලකුණු 140ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසු Karim Janatගේ පන්දුවක් හමුවේ Rohit Sharma දැවී යන විට පන්දු 47ක් තුළ හයේ පහර තුනක් සහ හතරේ පහර අටක් සමඟින් ලකුණු 74ක් රැස්කර සිටියා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට යම් සහනයක් ගෙන දෙමින් ලකුණු 69ක් රැස්කර සිටි KL Rahul පිටියෙන් ඉවත් කිරීමට Gulbadin Naibට හැකි වුනේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමිනුයි. රාහුල් දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී 147ක් ලෙස සටහන් වුනා.

නමුත් තුන්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ Hardik Pandya සහ Rishabh Pant වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 21 දී පිහිටවූ ලකුණු 63ක සම්බන්ධතාවය නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 210 ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කිරීමට ඉන්දියාවට හැකි වුනා.

Hardik Pandya පන්දු 13ක් තුළ හයේ පහර 2ක් සහ හතරේ පහර හතරක් සමඟ ලකුණු 35ක් රැස්කිරීමට සමත්වූ අතර Rishabh Pant පන්දු 13ක් තුළ හයේ පහර තුනක් සහ එක් හතරේ පහරක් සමඟින් ලකුණු 27ක් රැස්කළා.

ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන Hazratullah Zazai සහ Mohammad Shahzad මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 13ක් වන විට පිටියෙන් ඉවත් කිරීමට Mohammed Shami සහ Jasprit Bumrahට හැකි වුනා.

ඇෆ්ගනිස්තාන ඉනිමට යම් ජීවයක් එක් කරමින් පන්දු 10ක දී ලකුණු 19ක් රැස්කර සිටි Rahmanullah Gurbaz හට Hardik Pandyaගේ දක්ෂ උඩපන්දු රැකීම නිසාවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුනේ Ravindra Jadejaගේ පන්දුවක් හමුවේයි.

කලකට පසුව ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායමට එක්වූ පරිණත ක්‍රීඩක Ravichandran Ashwin විසින් Gulbadin Naib ලකුණු 18කට සහ Najibullah Zadran ලකුණු 11කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව 80/5ක් බවට පත්කරමිනි.

ඉන්දියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු  7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 22ක දී නොදැවී ලකුණු 42ක් රැස්කිරීමට Karim Janat සමත්වූ අතර නායක Mohammad Nabi ලකුණු 35ක් රැස්කළා.

පන්දු යැවීමේ දී Mohammed Shami කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූ අතර කලකට පසු ඉන්දියානු පන්දුවාර විස්ස කණ්ඩායමට එක්වූ Ravichandran Ashwin කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගය ලකුණු 66කින් ජය ගනිමින් තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයන්ට හැකි වුනා.

  • ඉන්දියාව; –210/2 (20) – Rohit Sharma 74, KL Rahul 69, Hardik Pandya 35*, Rishabh Pant 27*, Karim Janat 1/7.
  • ඇෆ්ගනිස්තානය; 144/7 (20)- Karim Janat 42*, Mohammad Nabi 35, Mohammed Shami 3/32, Ravichandran Ashwin 2/14.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Afghanistan
144/7 (20)

India
210/2 (20)

Batsmen R B 4s 6s SR
KL Rahul b Gulbadin Naib 69 48 6 2 143.75
Rohit Sharma c Mohammad Shahzad b Karim Janat 74 47 8 3 157.45
Rishabh Pant not out 27 13 1 3 207.69
Hardik Pandya not out 35 13 4 2 269.23


Extras 5 (b 2 , lb 1 , nb 1, w 1, pen 0)
Total 210/2 (20 Overs, RR: 10.5)
Fall of Wickets 1-140 (14.4) KL Rahul,

Bowling O M R W Econ
Mohammad Nabi 1 0 7 0 7.00
Sharafuddin Ashraf 2 0 25 0 12.50
Naveen ul Haq 4 0 59 0 14.75
Hamid Hassan 4 0 34 0 8.50
Gulbadin Naib 4 0 39 1 9.75
Rashid Khan 4 0 36 0 9.00
Karim Janat 1 0 7 1 7.00


Batsmen R B 4s 6s SR
Hazratullah Zazai c Shardul Thakur b Jasprit Bumrah 13 15 1 1 86.67
Mohammad Shahzad c Ravichandran Ashwin b Mohammed Shami 0 4 0 0 0.00
Rahmanullah Gurbaz c Hardik Pandya b Ravindra Jadedja 19 10 1 2 190.00
Gulbadin Naib lbw b Ravichandran Ashwin 18 18 3 0 100.00
Najibullah Zadran b Ravichandran Ashwin 11 13 0 1 84.62
Mohammad Nabi c Ravindra Jadeja b Mohammed Shami 35 32 2 1 109.38
Karim Janat not out 42 22 3 2 190.91
Rashid Khan c Hardik Pandya b Mohammed Shami 0 1 0 0 0.00
Sharafuddin Ashraf not out 2 3 0 0 66.67


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 144/7 (20 Overs, RR: 7.2)
Fall of Wickets 1-13 (2.6) Mohammad Shahzad, 2-13 (3.1) Hazratullah Zazai, 3-48 (6.5) Rahmanullah Gurbaz, 4-59 (9.3) Gulbadin Naib, 5-69 (11.5) Najibullah Zadran, 6-126 (18.1) Mohammad Nabi, 7-127 (18.3) Rashid Khan,

Bowling O M R W Econ
Mohammed Shami 4 0 32 3 8.00
Jasprit Bumrah 4 0 25 1 6.25
Hardik Pandya 2 0 23 0 11.50
Ravindra Jadedja 3 0 19 1 6.33
Ravichandran Ashwin 4 0 14 2 3.50
Shardul Thakur 3 0 31 0 10.33