නිපුන් ධනංජයගෙන් ශතකයක්

Major Clubs Limited Over Tournament 2023/24

832

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (30) දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ කිහිපයකදී ම පැවැති අතර එම තරග අතුරින් වැඩි තරග කිහිපයක් ම වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර කිරීමට සිදු වූවා.

කෙසේ වූවත් දිනයේ වාර්තා කරන ලද එක ම ශතකයේ හිමිකාරීත්වය SSC කණ්ඩායමේ නිපුන් ධනංජය සතු වුණා. අද කණ්ඩායම මෙහෙයවමින් පිටියට පිවිසි නිපුන් ධනංජය Panadura කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා. ඔහු ඒ වෙනුවෙන් පන්දු 122කට මුහුණ දුන් අතර හතරේ පහර 13ක් ද ඊට අයත් වුණා.

මේ අතුරින් අද නිමා වූ අනෙකුත් තරගවල දී Moors කණ්ඩායමේ කවිඳු කුලසේකර සහ රමේෂ් මෙන්ඩිස්, CCC කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ සහ සොනාල් දිනූෂ, Army කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්, NCC කණ්ඩායමේ ලහිරු උදාර, BRC කණ්ඩායමේ දුලාශ් උදයංග, Baduraliya කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූවා.

මේ අතර අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Kurunegala Youth SC සහ Negombo CC කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

Group A

  • Colts CC සහ Police SC

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Police SC

Colts CC – සියලුම දෙනා දැවී 121(38) ඇන්ජලෝ මැතිව්ස් 39, ධනංජය ලක්ෂාන් 26, මුදිත ලක්ෂාන් නොදැවී 29, දනාල් හේමානන්ද 3/24, දිලීප ජයලත් 3/15, නලින් ප්‍රියංකර 2/44

Police SC – කඩුලු 2ක් දැවී 65 (10.3) චතුරංග ජයතිලක 29, හේෂාන් ධනුශ්ක නොදැවී 17

තරගයේ විසඳුමක් නෑ.

  • Moors SC සහ Sebastianites C & AC

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Sebastianites C & AC

Moors SC – කඩුලු 8ක් දැවී 171 (40.0) කවිඳු කුලසේකර 61, මොහොමඩ් ශමාස් 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 53, ඉසිත විජේසුන්දර 3/40, තරින්ද රත්නායක 2/27

Sebastianites C & AC – කිසිවෙක් නොදැවී 10 (4.1)

තරගයේ විසඳුමක් නෑ.

  • CCC සහ Sri Lanka Air Force SC

o ක්‍රීඩාංගණය – Bloomfield, කොළඹ 7.

o කාසියේ වාසිය – Sri Lanka Air Force SC

CCC – සියලුම දෙනා දැවී 253 (48.4) නිමේෂ ගුණසිංහ 61, සොනාල් දිනූෂ 53, වනිඳු හසරංග 24, චමිඳු විජේසිංහ 36, අංජල බණ්ඩාර 36, ලසඳ රුක්මාල් 3/43, ප්‍රවීන් ද සිල්වා 3/53, මොවින් සුබසිංහ 3/45

Sri Lanka Air Force SC – කඩුලු 4ක් දැවී 68 (18.3) චාමර ප්‍රනාන්දු 19, කෙමිර විජේනායක නොදැවී 19, වනිඳු හසරංග 2/22

තරගයේ විසඳුමක් නෑ.

Group B

  • Sri Lanka Army SC සහ Chilaw Marians CC

o ක්‍රීඩාංගණය – යුද හමුදා, දොඹගොඩ.

o කාසියේ වාසිය – Chilaw Marians CC

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 143 (40.3) කසුන් විදුර 31, රවීන් යසස් නොදැවී 29, තික්ෂිල ද සිල්වා 23, රශ්මික සිරිවර්ධන 3/35, ශෙහඳ සොයිසා 2/20, කෞමාල් නානායක්කාර 2/37

Sri Lanka Army SC – කඩුලු 3ක් දැවී 144 (32.4) දිනේෂ් චන්දිමාල් 61, අසේල ගුණරත්න නොදැවී 35, රමේෂ් නිමන්ත 1/16

Sri Lanka Army කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • NCC සහ BRC

o ක්‍රීඩාංගණය – NCC, කොළඹ 7.

o කාසියේ වාසිය – NCC

BRC – සියලුම දෙනා දැවී 153 (41.1) දුලාශ් උදයංග 52, Murvin Abinash 20, උමේෂ්ක මොරායිස් නොදැවී 38, සම්පත් නිශ්ශංක 3/38, මතීෂ පතිරණ 3/36, ලසිත් ඇඹුල්දෙණිය 2/42

NCC – කඩුලු 2ක් දැවී 157 (17.0) නිරෝෂන් දික්වැල්ල 48, ලහිරු උදාර 55, කමිල් මිෂාර නොදැවී 29, අහන් වික්‍රමසිංහ නොදැවී 22

NCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • SSC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.

o කාසියේ වාසිය – SSC

SSC – කඩුලු 6ක් දැවී 237 (47.0) සදීශ රාජපක්ෂ 29, ක්‍රිශාල් සංජුල 41, නිපුන් ධනංජය නොදැවී 103, දිනුර කළුපහන නොදැවී 23, ට්‍රෙවින් මැතිව් 2/43, රජීව වීරසිංහ 2/34

Panadura SC – කඩුල්ලක් දැවී 67 (12.0) සිනෙත් ජයවර්ධන නොදැවී 18, විශේන් හැළඹගේ 30

තරගයේ විසඳුමක් නෑ.

  • Nugegoda SWC සහ Baduraliya SC

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව.

o කාසියේ වාසිය – Nugegoda SWC

Baduraliya SC – කඩුලු 9ක් දැවී 101 (36.0) අනුක් ප්‍රනාන්දු නොදැවී 66, ලහිරු ගමගේ 2/14, චලන ද සිල්වා 4/16, රාහුල් ගුණසේකර 2/23

Nugegoda SWC – කඩුලු 6ක් දැවී 65 (18.0) චලන ද සිල්වා 24, කෙවින් පෙරේරා 19, අලංකාර අසංක 3/20, සසංක නිර්මාල් 2/07

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<