ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරග නිලධාරීන් නම් කරයි

1007

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (14) දිනයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන අතර එහිදී දායකත්වය දක්වනු ලබන නිල විනිසුරුවරුන් සහ තරග සංවිධායක මණ්ඩලය අද (12) දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලදි. 

ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග නිලධාරීන් නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (9) සිට ආරම්භ වන අතර ඒ….

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (11) දිනයේ දී නිමාවට පත්වුනු අතර එහිදී ඉන්දියාව පරාජය කළ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තය අවසන්  මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි. 

ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්‍රිකට් පිටියේ පැවැත්වෙන මෙම අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරුන් ලෙස  ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සහ දකුණු අප්‍රිකානු ජාතික මරායස් එරාමුස් තෝරා පත්කර ගෙන ඇත. එසේම තෙවන විනිසුරු, සිව්වැනි විනිසුරු සහ තරග තීරක ලෙස පිළිවෙළින් රෝඩ් ටකර් (ඕස්ට්‍රේලියානු ජාතික), පාකිස්තානයේ අලීම් ඩාර් සහ ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල පත්ව තිබේ. 

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියක්….

අවසන් මහා තරගය සඳහා තෝරාගෙන තිබෙන නිලධාරින් සියලුම දෙනා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග නියෝජනය කළ තරග නිලධාරීන් වන අතර 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දීද ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සහ රංජන් මඩුගල්ල සිය රාජකාරි ඉටුකොට තිබීම සුවිශේෂී වේ. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<