ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග නිලධාරීන් නම් කරයි

2002

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (9) සිට ආරම්භ වන අතර ඒ සඳහා දායකත්වය දක්වනු ලබන නිල විනිසුරුවරුන් හා තරග සංවිධායක මණ්ඩලය අද (7) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලදි.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියක්,…

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (6) දිනයේ දී නිමාවට පත්වුණු අතර එහි ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයන් 4 දිනා ගත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි. 

 ඒ අනුව ඉන්දියාව හා නවසීලන්තය අතර මේ මස 9 වැනිදා මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සඳහා එංගලන්ත ජාතිකයන් දෙදෙනෙක් වන රිචර්ඩ් ඉලන්ගවර්ත් සහ රිචර්ඩ් කෙට්ල්බ්‍රෝ යන විනිසුරුවරුන් පත්කර තිබේ. එසේම බර්මින්හැම් හිදී ජූලි 11 වැනිදා පැවැත්වෙන ඕස්ට්‍රේලියා – එංගලන්ත දෙවන අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන හා දකුණු අප්‍රිකානු ජාතික මරායස් එරාමුස් තෝරා පත් කර ඇත.

පිටියේ තරග විනිසුරුවරුන් ලෙස ඉහත දැක්වූ විනිසුරුවරුන් පත්වන විට පළමු අවසන් පූර්ව තරගයේ තෙවන විනිසුරු, සිව්වැනි විනිසුරු හා තරග තීරක ලෙස පිළිවෙළින් රෝඩ් ටකර් (ඕස්ට්‍රේලියානු ජාතික), නයිජල් ලෝන්ග් (එංගලන්ත ජාතික) හා ඩේවිඩ් බූන් (ඕස්ට්‍රේලියානු ජාතික) පත්ව තිබේ.

කැන්ගරුවන් දෙවැනි තැනට දමා දකුණු අප්‍රිකාවනුවන් ගෙදර යයි

2019 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසාන තරගය ඊයේ (06) ඕස්ට්‍රේලියාව හා දකුණු….

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තයේ ක්‍රිස් ගැෆ්නි තෙවන විනිසුරු ලෙසත්, පාකිස්තානයේ අලීම් ඩාර් සිව්වැනි විනිසුරු ලෙසත් රාජකාරි සඳහා තේරී පත්වන විට එම තරගයේ තරග තීරක ලෙස තේරී පත්ව ඇත්තේ අත්දැකීම් බහුල තරග විනිසුරුවරයෙක් වන ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලයි. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<