ක්‍රිකට් බලය තවමත් ‘Big 3 අතේ ද?

1322

ඇතැම් අවස්ථාවල දී සාර්ථක වීම් අසාර්ථක වීම් සිදු වුනත් සියලු දෙනා අපේක්ෂා කළ පරිදි ක්‍රිකට් ලෝකයේ ධනවත්ම රටවල් තුන, එනම් ‘Big Three’ ඉන්දියාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුනා. 

කෙසේ වෙතත් මුදල් යනු සෑම දෙයක්ම නොවන බව පසක් කරමින් අද (10) පැවැත්වුණු 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේ දී පෙරළිකාර නවසීලන්තය විසින් ඉන්දියාව පරාජය කළේ ICCයට මෙන්ම සියලුම රටවල් වලට පාඩමක් කියා දෙමින්.

ලෝක කුසලානයේ කුමන්ත්‍රණ ද?

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය රෝහිත් ශර්මාගේ සුපිරි ශතකවලින්….

මෙම තරගාවලියෙන්, ඩොලර් මිලියන 500ක් රූපවාහිනි අයිතිය විකිණීමෙන් පමණක් උපයා ගන්නා ලද අතර එම මුදල්වලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යෑමට නියමිතය.

ඒ වුනත් එම මුදලින් වැඩි ප්‍රතිශතයක් යළිත් ක්‍රිකට් ක්‍රීඩාවේ ධනවත්ම රටවල් වලට යන්නේ කාටත් නොදැනීමයි.

2016-2023 විකාශන අයිති කාල පරාසයට 2019 ලෝක කුසලානය මෙන්ම 2023 ලෝක කුසලානය ද අයත්. අර්ධ සාමාජික රටවල් හෙවත් “associate” රටවල් සඳහා ICCය යූරෝ මිලියන 175ක් වියදම් කරද්දී ඉන්දියාවට පමණක් සම්පූර්ණයෙන්ම යුරෝ මිලියන 320ක් වෙන් කිරීම විශේෂත්වයක්. 

ප්‍රධාන රටවල් තුනෙහි දේශීය විකාශන ආයතන ද එරට ක්‍රිකට් ආයතන සමඟ ගනුදෙනු ගොඩ නගාගෙන ඇති අතර එතරම් සාර්ථක ක්‍රීඩා නාලිකා නොමැති දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දිය කොදෙව් දූපත් වෙතත් එම විකාශන ආයතන ඇස ගසාගෙන සිටියි.

ඉන්දීය ප්‍රිමියර් ලීග්‍ තරගාවලියේ සාර්ථකත්වය නිසා ලොව වටා විවිධ විස්සයි විස්ස තරගාවලි රාශියක් ආරම්භ වූ අතර ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව අතහැර මුදල් වැඩියෙන් ලැබෙන ප්‍රිමියර් ලීග් තරගාවලි පමණක් ක්‍රීඩා කිරීම ප්‍රධාන රටවලට හැර අනෙක් රටවල් වලට ප්‍රබල ගැටලුවක් වී තිබේ

ලෝක කුසලානයේ අවසන් තරගවල දී ප්‍රවේසම් විය යුතු ක්‍රීඩකයින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (09) ආරම්භ වීමට….

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඉතා දක්ෂ නැගී එන වේගපන්දු යවන්නෙක් වුනු Duanne Olivier දකුණු අප්‍රිකාව අතහැර එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම හා එක් වීම මෙයට හොඳ උදාහරණයක්. ඒ නිසාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද අවම වැටුපක් නම් කරන ලෙස බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ICCයෙන් ඉල්ලා සිටියා. 

දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලේසි, පසුගිය සතියේ දී මාධ්‍ය අමතමින් මෙසේ පවසා සිටියා. “අපේ එක්දින ක්‍රීඩකයින් බොහොමයක් දකුණු අප්‍රිකානු කණ්ඩායම හැර ගොස් විස්සයි විස්ස ක්‍රීඩා කරාවි. එය ලොකු ගැටලුවක් වෙයි. ඉදිරියට. අපි ගොඩක් උත්සහ කරනවා එයින් ඈත් වෙලා ඉන්න. මමත් එහෙමයි.”

නවසීලන්තය පවතින තත්වයට ඉතා ඉක්මනින් අනුවර්තනය වූයේ ඔවුන්ගේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීමට ඉඩ කඩ සකසා දෙමින්. නවසීලන්ත දේශීය තරග බිමේ පවතින දුර්වලතා ද මෙයට එක් හේතුවක්. 

තරගකාරී නොවන දේශීය ක්‍රීඩා තරගාවලියකින් ඉතා හොඳ ක්‍රීඩකයින් බිහිකර අන්තර්ජාතික තරග බිමේ ඉතා හොඳ දස්කම් දක්වන්නන්ට නවසීලන්තය හොඳ උදාහරණයක්.

කෙසේ වෙතත් විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් දුර්වල ආර්ථික වටපිටක කළමනාකරණය කරන්නට සිදු වන රටවලට නම් තත්වය මීට වඩා දරුණු වනු ඇත. 

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා….

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විස්සයි විස්ස ලීග් තරගාවලි වල ලබා දෙන මුදල් ප්‍රමාණයට වඩා මුදල් ප්‍රමාණයක් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ලබා දිය නොහැකි එක් ක්‍රිකට් පාලක මණ්ඩලයක් පමණයි.

ඩු ප්ලේසි ද හෝල්ඩර්ගේ අදහසට සිය ප්‍රකාශය පළ කර තිබුණා.

“ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තානය අපි ඔක්කොම මේ ගැටලුවට මුහුණ දෙනවා. අපි නිකන් දෙවන මට්ටමේ කණ්ඩයම් වගේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හොඳ උදාහරණයක්. ඔවුන්ට සෑහෙන ක්‍රීඩකයින් පිරිසක් විස්සයි විස්ස නිසා නැති වෙලා තිබෙනවා.”

 “මම හිතන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඉන්දියාව හැම වෙලාවකම වැඩිම වැටුප් ගෙවන රටවල් වේවි. ඔවුන්ගේ මුදල් ඒකකය සවිමත් වගේම ඔවුන්ගේ ක්‍රීඩකයින්ට ලැබෙන වැටුප් පැකේජයත් ඉතා විශාලයි. එය වෙනස් වුනොත් අනෙක් ක්‍රිකට් රටවල් වලටත් ඉතා හොඳ දෙයක් වේවි. නමුත් එය දැන්ම වෙයි කියල හිතන්න බැහැ.”

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<