LPL දෙවැනි අදියර පස්සට යයි

Lanka Premier League 2021

167

එළඹෙන ජූලි සහ අගෝස්තු කාලසීමාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ මීළඟ අදියර, රටේ පවතින කොරෝනා තත්වය නිසාවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා.    

මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කර තිබුණේ LPL හි මීළඟ අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා පැවැත්වීමට වුවත්, මේ වන විට රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ තරගාවලිය මේ වසරේ අවසානය තෙක් කල්දැමීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා. 

මේ වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයෙන් අනතුරුව නොවැම්බර් – දෙසැම්බර් කාලසීමාව තුල LPL තරගාවලියේ දෙවැනි අදියර පැවැත්වීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි උප සභාපති සහ තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න විසින් ThePapare.com වෙත තහවුරු කර තිබෙනවා. 

පසුගිය වසරේ පැවති මංගල LPL තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වූ අතර එයින් ශූරතාවය ජයග්‍රහණය කරන්නට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions සමත් වුනේ Galle Gladiators ලකුණු 53කින් පරාජය කරමිනි. තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ජෛව ආරක්ෂිත වටපිටාවක් තුලයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<