LPL ක්‍රීඩක තෝරාගැනීම අවසන්; ප්‍රබලයින් රැසක් හැලෙයි

LPL ක්‍රිකට් තරගාවලිය 2021

555
LPL Player Draft 2021

‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ හෙවත් ‘LPL – 2021’ තරගාවලිය සඳහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player draft) මීට සුළු මොහොතකට පෙර අවසන් වුනා.

එහි දී කණ්ඩායම් 5ක් සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනා බැගින් ක්‍රීඩකයින් 100ක් නම් වුනු නමුත්, ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු හට එම කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්ථාව මඟ හැරී ගියා.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අකිල දනංජය, දිනේෂ් චන්දිමාල් යන ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් සහ ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම, හිමේෂ් රාමනායක, සහන් ආරච්චිගේ සහ ශිරාන් ප්‍රනාන්දු යන නැගීඑන ක්‍රීඩකයින් හට මෙවර LPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

LPL තරගාවලියේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, දූෂණ මර්ධන අංශ ප්‍රධාලි තේජක වනිගසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ක්‍රීඩක තෝරාගැනීම සඳහා කණ්ඩායම් හිමිකාරීත්වය, පුහුණුකරුවන් සහ හිමිකාරීත්වය විසින් නම් කරන ලද පාර්ශ්වයන් සහභාගී වී සිටියා.

මෙම ක්‍රීඩක තෝරාගැනීම චාරු ශර්මා විසින් සිදු කෙරුණු අතර ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ එහි විශේෂඥ විචාරකයා ලෙසින් කටයුතු කරනු ලැබුවා.

කණ්ඩායම් 5 නාමයන් මෙසේයි,

  • Jaffna Kings
  • Colombo Stars
  • Galle Gladiators
  • Kandy Warriors
  • Dambulla Giants

සම්පූර්ණ සංචිතයන් මෙසේයි,

මෙවර LPL තරගාවලිය දෙසම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහි මූලික වටයේ තරග කොළඹ දී සහ අවසන් වටයේ තරග හම්බන්තොට දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<