Home Sinhala සුපිරි 12 වටයත් අවසන් කරමින් ඉන්දියාවට ජයක්

සුපිරි 12 වටයත් අවසන් කරමින් ඉන්දියාවට ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

235

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය අද (8) ඉන්දියාව සහ නැමීබියාව අතර ඩුබායි හිදී පැවැත්වුනා. එම තරයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක Virat Kohli පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා. මේ තරගය Kohli ඉන්දියානු T20 කණ්ඩායමේ නායකත්වය දරනු ලබන අවසන් තරගය වීමට වැඩි ඉඩක් තිබෙනවා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

නැමීබියාව –  Stephan Baard, Michael van Lingen, Gerhard Erasmus (capt), Zane Green (wk), David Wiese, JJ Smit, Jan Nicol Loftie-Eaton, Craig Williams, Jan Frylinck, Ruben Trumpelmann, Bernard Scholtz

ඉන්දියාව – KL Rahul, Rohit Sharma, Virat Kohli (capt), Suryakumar Yadav, Rishabh Pant (wk), Hardik Pandya, Ravindra Jadeja, R Ashwin, Mohammed Shami, Jasprit Bumrah, Rahul Chahar

නැමීබියානු ආරම්භක පිතිකරුවන් යුගලය වන Baard සහ van Lingen මේ තරගයේ දී ඔවුන්ගේ ඉනිමේ ගොඩනැංවුනු හොඳම සබඳතාවය වාර්තා කරමින් ලකුණු 33ක සබඳතාවයක් වාර්තා කළා. පන්දුවාර 4කුත් පන්දු 4ක් අවසානයේ ගොඩනැංවූ එම සබඳතාවය හැරෙන්නට ඔවුන්ගේ කණ්ඩායමෙන් ලකුණු 30 ඉක්මවා ගිය වෙනත් කිසිඳු සබඳතාවයක් ගොඩනැංවුනේ නැහැ.

නැමීබියානු කණ්ඩායමේ මුල් පෙළ කඩුලු කිහිපයක් අවම ලකුණකට බිඳ වැටෙද්දී මැදපෙළ සඳහා යම් ස්ථාවරත්වයක් ලබාදුන් Wiese පන්දු 25කදී ලකුණු 26ක් ලබාගත් අතර ඔහුගේ එම ඉනිමට 4 පහර 2ක් ඇතුලත් වුනා. මේ ඉනිම පුරාවට පෙනුන වැදගත්ම කරුණ වූයේ ඉන්දියානු දඟපන්දු යවන්නන් හමුවේ නැමීබියානු පිතිකරුවන් දැක්වූ දුර්වලතාවයයි. අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 132ක් ලබාගත්තා. ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව මෙවැනි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවීම නැමීබියානු කණ්ඩායම දෙසින් බැලීමේ දී සතුටුදායී කරුණක් වුනා. පන්දු යැවීමේ දී Jadeja සහ Ashwin අතරේ කඩුලු 3 බැඟින් බෙදී ගියා. Bumrah කඩුලු 2ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම්ඩ් දියත් කළ ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වුනු Sharma සහ KL Rahul පළමු කඩුල්ල සඳහා පන්දු 59කදී ලකුණු 86ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින්, සාර්ථක ආරම්භයක් ඔවුන්ට ලබාදුන්නා. පන්දු 37කට මුහුණදෙමින් ලකුණු 56ක් ලබාගත් Sharma සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 24 වන අර්ධ ශතකය වාර්තා කළා. එම වර්ණවත් ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 2ක් අන්තර්ගත කිරීමට Sharma සමත් වුනා.

තරගයේ අවසානය දක්වා සිය කඩුල්ල රැකගෙන ක්‍රීඩා කළ Rahul සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 15 වන අර්ධ ශතකය වාර්තා කරගනිමින් නොදැවී ලකුණු 54*ක් ලබාගැනීමට සමත් වුනා. එම ඉනිමට 4 පහර 4කින් සහ 6 පහර 2ක් ඇතුලත්. Sharmaගේ කඩුල්ල දැවී ගිය පසු Kohli පිටියට පැමිණිය යුතු වුවත් ඔහු එම අවස්ථාව නවක ක්‍රීඩක Suryakumar වෙත ලබාදුන්නා. ඔහු එම අවස්ථාව සඳහා හැකි උපරිම සාධාරණය ඉටු කරමින් නොදැවී ලකුණු 25*ක් ලබාගෙන Rahul සමඟ එක්ව දෙවන කඩුල්ල සඳහා පන්දු 33කදී නොදැවුණු ලකුණු 50*ක සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ ජයග්‍රහණය වෙත සිය කණ්ඩායම රැගෙන ගියා.

ලකුණු සාරාංශය,

නැමීබියාව – 132/8 (20): David Wiese 26, Stephan Baard 21, Ravindra Jadeja 3/16, Ravichandran Ashwin 3/20,

ඉන්දියාව – Rohit Sharma 56, KL Rahul 54*, Suryakumar Yadav 25*, Jan Frylinck 1/19.

තරගයේ වීරයා – Ravindra Jadeja (ඉන්දියාව)

2021 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය සහ නවසීලන්තය තරග වදිනු ඇති අතර දෙවන අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය එකිනකා මුණගැසෙනු ඇත. එම තරග දෙක පිළිවෙළින් නොවැම්බර් 10 සහ 11 අබුඩාබි හිදී සහ ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


Result


India
136/1 (15.2)

Namibia
132/8 (20)

Batsmen R B 4s 6s SR
Stephan Baard lbw b Ravindra Jadedja 21 21 1 1 100.00
Michael van Lingen c Mohammed Shami b Jasprit Bumrah 14 15 2 0 93.33
Craig Williams st Rishabh Pant b Ravindra Jadedja 0 4 0 0 0.00
Gerhard Erasmus c Rishabh Pant b Ravichandran Ashwin 12 20 1 0 60.00
Jan Nicol Loftie-Eaton c Rohit Sharma b Ravichandran Ashwin 5 5 0 0 100.00
David Wiese c Rohit Sharma b Jasprit Bumrah 26 25 2 0 104.00
JJ Smit c Rohit Sharma b Ravindra Jadedja 9 9 1 0 100.00
Zane Green b Ravichandran Ashwin 0 1 0 0 0.00
Jan Frylinck b 15 15 0 0 100.00
Ruben Trumpelmann b 13 6 1 0 216.67


Extras 17 (b 0 , lb 8 , nb 1, w 8, pen 0)
Total 132/8 (20 Overs, RR: 6.6)
Fall of Wickets 1-33 (4.4) Michael van Lingen, 2-34 (5.3) Craig Williams, 3-39 (7.4) Stephan Baard, 4-47 (9.1) Jan Nicol Loftie-Eaton, 5-72 (12.3) Gerhard Erasmus, 6-93 (14.6) JJ Smit, 7-94 (15.4) Zane Green, 8-117 (18.5) David Wiese,

Bowling O M R W Econ
Mohammed Shami 4 0 39 0 9.75
Jasprit Bumrah 4 0 19 2 4.75
Ravichandran Ashwin 4 0 20 3 5.00
Ravindra Jadedja 4 0 16 3 4.00
Rahul Chahar 4 0 30 0 7.50


Batsmen R B 4s 6s SR
KL Rahul b 54 36 4 2 150.00
Rohit Sharma c Zane Green b Jan Frylinck 56 37 7 2 151.35
Suryakumar Yadav b 25 19 4 0 131.58


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 136/1 (15.2 Overs, RR: 8.87)
Fall of Wickets 1-86 (9.5) Rohit Sharma,

Bowling O M R W Econ
Ruben Trumpelmann 3 0 26 0 8.67
David Wiese 2 0 18 0 9.00
Bernard Scholtz 1 0 11 0 11.00
JJ Smit 2 0 17 0 8.50
Jan Frylinck 2 0 19 1 9.50
Jan Nicol Loftie-Eaton 4 0 31 0 7.75
Michael van Lingen 1.2 0 13 0 10.83